පාසැල් විවෘත කරන්නේ කොරෝනා නව තත්වය ගැන අත්දැකීමක් ගන්නයි..- අධ්‍යාපන ලේකම්..

November 23, 2020 at 2:10 pm | lanka C news
පාසැල් විවෘත කරන්නේ කොරෝනා නව තත්වය ගැන අත්දැකීමක් ගන්නයි..- අධ්‍යාපන ලේකම්..

තමන්ගේ දරුවන්ව පාසල් යැවීම ආරක්ෂිත මදි යැයි දෙමාපියන් සිතන්නේ නම් කැමති තීන්දුවක් ගත හැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

කොරෝනා තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව නොගොස් තිබියදී පාසැල් විවෘත කිරීම ගැන මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු ලෙස ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා මහතා සඳහන් කරන්නේ අද දිනයේ පාසල් ආරම්භ කරන්නේ කොරෝනා සමග එය සිදු කරන්නේ කෙසේදැයි අදහදක් ගැනීමට බවත් දරුවකුට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් රජයේ ලෙස තමන් එම වගකීම භාර ගන්නා බවත්ය. පාසැල් දිගමෙ වදාගෙන සිටියහොත් යම්කිරි තක්සේරුවක් ලබා ගත නොහැකි බවත් මෙමගින් ලැබෙන අත්දැකීමත් සමග ඉදිරිය සකස් කර ගත හැකි බවත්ය.

කෙසේ වෙතත් ගුරු වෘත්තිය සංගම් ඇතුළු සංගම් ගණනාවක් මෙම පාසල් අද ආරම්භ කිරීමේ තීරණයට විරුද්ධව පළ කර ඇත.

36,024 views

31 Comments to “පාසැල් විවෘත කරන්නේ කොරෝනා නව තත්වය ගැන අත්දැකීමක් ගන්නයි..- අධ්‍යාපන ලේකම්..”

  1. මර්තේනිස් අයියා says:

    ඇමතියත් මහාචාරියෙක් උන්දැගෙ ලේනාත් මහාචාරියෙක් අපේ දරැවන්ට දෙවියන්ගේම පිහිටයි.පට්ටම් වලින් වැඩක් නෑ ඔය තනතුරට ඔනා කරන්නෙ මහපොලොවේ පයගහලා ඉන්න මිනිස්සු.මුන් දෙන්නටම එ⁣තනට එන්න කවදාවත් බැහැ

  2. Kalana says:

    මොන කාලකන්නින්ද මේ? ජාතිය නැති කරන්න ආපු හැති කරේ, අනාගතයම නැති කරලා දාන්න ඇවිත්. යකෝ ජීවිතත් එක්ක testing කරනවද? තොපේ ළමයි යවපල්ලා ඉස්සෙල්ල.

  3. Sarath kumara mudannayake says:

    පාසැල් දරුවන් ට කොරෝනා වැළදුනාට මොකෝ..
    නේද ඇමති තුමෝ,.ටෙස්ටින් සාර්ථක උනොත් ඒ වගේද නේද ?අනේ අම්මපා මෙහෙත් ගොන් බානක්.
    දරුවන් ඉන්න අයනේ දන්නෙ දරු දුක……..

    ලේකම් තුමා දරුවන් ට කොරෝනා වැළදුනාට පස්සේ කොහොමද දන්නෙ නැහැ වගකීම බාරගන්නේ .

Main News