පොඩි ළමයින්ට එන්නත් අවශ්‍ය නෑ.. මුලින්ම 1-5 පන්ති අරඹයි.. පාසැල් විවෘත කිරීමේ සැලැස්ම මෙන්න…

September 24, 2021 at 3:00 pm | lanka C news
පොඩි ළමයින්ට එන්නත් අවශ්‍ය නෑ.. මුලින්ම 1-5 පන්ති අරඹයි.. පාසැල් විවෘත කිරීමේ සැලැස්ම මෙන්න…

පාසල් යළි විවෘත කළ යුතු ක්‍රමවේදය නිර්දේශ කරනු පිණිස කොවිඩ් 19 නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව තාක්ෂණික කමිටුවක් ස්ථාපනය කර ඇති බවත් කමිටුව ගන්නා තීරණ අනුව ඉදිරියේදී අදියර 04ක් යටතේ පාසල් යළි විවෘත කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

කොවිඩ් උවදුර සමනය වීමත් සමග පාසල් යළි විවෘත කිරීම සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (24) සංවිධාන කර තිබූ මාධ්‍ය සාකච්ඡාවේදී ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

වයස අවුරුදු 12ට අඩු ළමුන්ට එන්නත්දීම අවශ්‍ය නැති නිසා කොවිඩ් උවදුර සමනය වීමත්සමග පාසල් යළි විවෘත කිරීමේදී 1 සිට 5 ශ්‍රේණිවල පාසල් 3884 ක් මුල් අදියර යටතේ පටන් ගැනේ. තාක්ෂණික කමිටුවේ තීරණ ලැබුණු විගස අවුරුදු 12-15 ත් සහ 16-19 අතර වයස්කාණ්ඩවල ළමුන් ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අනුමැතිය ඇතිව එන්නත් කරන බව මහාචාර්ය පෙරේරා මහතා කීවේය.

ඉදිරි සතිය ඇතුළත අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ගෙන් ඒ ඒ පළාත්වල සහ දිස්ත්‍රික්කවල නැවත පාසල් ආරම්භ කිරීමේ සූදානම ගැන විමසනු ලැබේ. එම අදහස් සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ අනුව සංචරණ සීමා අවසන් වීමෙන් පසු පාසල් නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ද මාධ්‍ය සාකච්ඡාවේදී ලේකම්වරයා අදහස් දැක්වීය. සෞන්දර්ය විෂයය හැර අනෙකුත් විෂයයන්ගේ ප්‍රතිඵල ඊයේ (23) නිකුත් කෙරිණි.

කොවිඩ් උවදුර සමනය වී පාසල්නැවත විවෘත කළ පසු ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන බව ඔහු පැවසීය.

සෞන්දර්ය විෂයය යටතේ නැටුම්, සංගීතය සහ නාට්‍ය හා රංගකලාව හදාළ සිසු සිසුවියන්ට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය අවම සුදුසුකම් ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන බව ද පෙරේරා මහතා කීය.

2020 වර්ෂයේදී සෞන්දර්ය විෂයයට සිසු සිසුවියෝ 170,000ක් පෙනී සිටියහ. ඔවුන්ගෙන් විෂයයන් 05ක් සමග සම්මාන 02 සහිත සාමාර්ථය සහ පාසල් පාදක තක්සේරුව යටතේ නිපුණතා මට්ටම 1,2 සහ 3 (විශිෂ, සමාන්‍ය, ආසන්න) ලබාගෙන ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන තුරු උසස්පෙළ ඉගෙනීමට අවසර ලැබේ.

2020 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සෞන්දර්ය විෂයයේ ප්‍රතිඵල හැර සෙසු විෂයයන්හි ප්‍රතිඵල අනුව සියයට 75.12ක් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස්ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසීය.

විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට විභාග අංකය අමතක නම් ජාතික හැඳුනුම්පත් අංකය උපයෝගී කොටගෙන හෝ 1911 ඇමතීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව ද සනත් පූජිත මහතා කීවේය. විදුහල්පතිවරුන්ට, පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රතිඵල දැන ගැනීමේ ක්‍රමයක් සකස්කර ඇති බවත් විභාග සහතික අවශ්‍ය අයට සඳුදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඒවා ලබාගැනීමට හැකි බවත් විභාග කොමසාරිස්ජනරාල්වරයා කීවේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල්. එල්. එම්. ඩී. ධර්මසේන මහතා ද ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී විය.

102,477 views

22 Comments to “පොඩි ළමයින්ට එන්නත් අවශ්‍ය නෑ.. මුලින්ම 1-5 පන්ති අරඹයි.. පාසැල් විවෘත කිරීමේ සැලැස්ම මෙන්න…”

  1. Harshie says:

    මහාචාර්‍ය්තුමනි,ඔබතුමා කලින් පාරම් බෑ ආකාරයට,මේ වනතෙක් ,නිස්කාරණේ ඔබලාගේ මෝඩ,අත්තනෝමතික තීරණ නිසා කොරෝනාවට ගොදුරු වූ අහිංසක දරුවන් කී දෙනෙකුගේ ජීවිතවලට වග කිව්වාද?වයස අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත අනවශ්‍යයි යන්නෙන් ඔබගේ මහාචාර්‍ය මොළයට වැටහෙන්නේ ඒ වයස් කාණ්ඩයේ දරුවන්ට කොවිඩ් නොවැළඳේ හෝ වැළඳුණත් අසාධ්‍ය නොවේ යන්නදැයි අපේ මේ සූපින් මොළවලට නම් නොතේරෙයි.

    • Roshan says:

      අචුරුදු 12ට අඩු ළමයින්ට කොරොනා එන්නත් විදින්න තාම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා නැහැ. මොකද කුඩා ළමයින්ට කොරොනා ආසාධනය වීමේ සම්භාවිතාවය ඉතා අවම නිසා…. එහෙව් එකේ උබ අවුරුදු 12 න් පහල ළමයින්ට එන්නත් විදින්න කියලා කියන්නේ උබේ මොන අධ්‍යාපන මට්ටම අනුවද​?

      • Harshie says:

        මහත්තයෝ…මෙතන කොතැනකවත් මම කියලා නැහැ,වයස අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත දිය යුතුයි කියලා කතාවක්.අපි වුණත් ඕක විදගත්තේ (තාමත් පර්‍යේෂණ මට්ටමේ ඇති බව දැන දැනත්)වෙන කරන්ඩ දෙයක් නැතිකමට වගේම,බාල පරම්පරාව ගැන හිතලා සබුද්ධිකව.දෙමව්පියෝ විදියට වගේම අපේ දරුවන්ගේ ජීවිත අනික් හැම දේටම වඩා අපිට වටින නිසාත් තමයි අපි අහන්නේ,එන්නතෙන් ලබා දෙනවැයි කියන ආරක්ෂාවත් නැති,සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිලිපදින්ඩ බැරි මේ පුංචි දරුවන්ව මේ විදියට අවදානමකට පත් කරන එක හරිද කියලා.ඔබතුමාට දරුවෝ ඉන්නවා නම් ඔබතුමා ඒ දරුවන්ව ඒ වගේ අවදානමකට ලක් කරලා,12ට අඩු දරුවන්ට කොරෝනාවේ බලපෑම නැතිද/අඩුද කියලා හොයලා බලන්ඩ.ඒත් අපිට ඕනේ නෑ අපේ දරුවෝ එහෙම පර්‍යේෂණාගාර මීයෝ කරන්ඩ.අනික මගේ අධ්‍යාපන මට්ටම කෙසේ වෙතත්,ලියපු දෙයක් කියවලා තේරුම් ගන්න හැටියෙනුත්,පාවිච්චි කරන වචනවලිනුත් ඔබතුමාගේ අධ්‍යාපන විතරක් නෙවෙයි සාමාජීය හා මානසික මට්ටමත් අපිට නම් හොඳටම තේරෙනවා,පව් ඔහේ වගේ අප්පෙක් ලබපු දරුවොත්(ඉන්නවා නම්)😆

  2. පප්පලා says:

    මට තේරෙන්නේ නැ මෙතන දා අධ්යාපම අමාත්යංශය ගෙන තර්කය සාධාරණ ද කියලා. එන්නත විදලාම නැති වෛරසයට ඉතා අන්නරක්ෂිත කුඩා දරුවන් මෙසේ පාසල් වලට මුලින්ම ගෙන්වීම සාධාරණ ද ? එන්නත ලබාදුන් සිසුන් මුලින්ම පාසල් වලට ගෙන එන තත්වය නිරීක්ෂනය කර යම් හෙයකින් කුඩා ළමුන්ට ද එන්නත දීම අනුමත වුවහොත් ඔවුන්ටද එනන්නත ලබා දී පාසැලට ගැනීම නේද විද්‍යාත්මක. අනික් මේ කුඩා ළමයින්ට වඩා අධ්‍යාපනය වැදගත් ඉහල ශ්‍රේණි වල ළමුන්ට. හරිනම් මුලින්ම විශ්වවිද්‍යාල වලින් පටන්ගත යිතුයි. නමුත් බලධාරීන් පටන්ගන්නේ පෙර පාසල් වලින්. අධ්‍යාපන බලධාරීන්ගේ මොලය පරික්ෂා කලයුතු තත්වයක් තියෙන්නේ. මේ තීරණ ගන්නේ ගොඩක් වෙලාවට ඉහල නිලධාරීන් ඒ කියන්නේ වයස 50 පැනපු පෙන්ෂන් යන්න ළඟ නාකි පප්පලා.. උන්ගේ දරුවෝ දැන් ලොකුයි ඉතින් උන්ට කුඩා දරුවන්ගේ ජීවිත ගැන ගානක්වත් නෑ.

    • කුමාරි says:

      දැනට ඉතා විශාල ගණනක් දොළහට අඩු ළමයින්ට කොරෝනා හැදිලා තියනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැනට ළමුන් සැහෙන් පිරිසක් මියගොස් තියනවා. ඉතින් කුඩා දරුවන්ටත් මේ හැදෙනවා සමහරවිට මැරෙනවා. මේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාට පිස්සුද මේ එන්නත විදපු නැති කුඩා ළමයි ඉස්සල්ලම ඉස්කොලේට ගන්න ? යුරෝපය ඇතුළු වෙන රටවල අවුරුදු 2 ළමයාගේ ඉඳලා ෆෛසර් එනත විදිනවා. ඇයි මෙහෙ බෑ කියන්නේ ?

      • Roshan says:

        අචුරුදු 12ට අඩු ළමයින්ට කොරොනා එන්නත් විදින්න තාම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා නැහැ යකෝ…. බොරු කියන එකේ සීමාවක් තියාගනින්

  3. nimali says:

    කුඩා ළමයි හරිය මාස්ක් එක 9මුහුණු ආවරණ) වත් දාගන ඉන්න දන්නේ නෑ. ඉතිං අයි ඒය ඇයි ඉස්සලාම ගන්නේ ? එන්නත විදලත් නෑ. පොඩි ළමයි එකටමයි ඉන්නෙත්. පොදෝ ළමයිගේ අධ්‍යාපනේ ටිකක් පරක්කු වුනා කියලා ලොකු හානියක් නෑ, ඉස්කෝලේ ගියත් උන් සෙල්ලන්කටකර ඉන්නේ. ඉහල පන්තිවල ළමයි තමයි ඉක්මනින් ඉස්කෝලේ පටන්ගන්න ඕනේ. අනේ මන්දන්නෑ කවුරු මේ තීරණ ගන්නවද කියලා.

  4. ගමේ මනුස්සයා says:

    වයස අවුරුදු 12 අඩු ලමයිට එන්නත් දීම අවශ්‍ය නැද්ද .. ඒ අයට හැදෙන්නෙ නැද්ද. දරුවො ආරක්ශිතව මාස්ක් එකක් දාන්න වත් හුරු නෑ..දුරස්ථ භාවය ගැන හරි අවබෝධයක් ගන්න වත් පුලුවන්ද ඒ පුංචි ලමයිට.

    • Roshan says:

      අචුරුදු 12ට අඩු ළමයින්ට කොරොනා එන්නත් විදින්න තාම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා නැහැ. මොකද කුඩා ළමයින්ට කොරොනා ආසාධනය වීමේ සම්භාවිතාවය ඉතා අවම නිසා…. එහෙව් එකේ උබ අවුරුදු 12 න් පහල ළමයින්ට එන්නත් විදින්න කියලා කියන්නේ උබේ මොන අධ්‍යාපන මට්ටම අනුවද​?

  5. dil says:

    What a foolish decision is this only thinking about vaccine is not available for 1-5 kids. Extremely poor argument here. If this argument to be acceptable, 1-5 kids should not get infected.
    But worst thing is, these kids does not know how to ware the mask and they will not wear the mask. And they don’t have the self control unlike higher grades. One of a worst and foolish decision I have ever seen.

  6. සවාධීන says:

    කට්ටිය මහාචාර්ය, ආචාර්ය, වියත්, කියත්, සීතා,ධම්මික, ඒලියන් ලා, වයිට්ලා ,මනිඅක්කිත ලා, කලා කරුවන්, කියන දේවල් වලට කීකරු නැද්ද? මින් ඉදිරියට තමන්ගේ දරුවා වගේ කියල හිතලා රටටත් සුදුසු නායකයන් පත්කරන්න.
    අපේ දරුවන් ගේ අනාගතය ගැන අපි තීරණය ගනිමු.

  7. සෝපාක says:

    සෝපාක බාප්පා ආයෙම තප්පුලන්න පටං අරං.
    මේ යකා මහාචාරිය කිවුවට සෝපාකට නං හිතෙන්නෙ සෝපාක බාප්ප මහාමාරිය කියලාමයි.

  8. Chamodi says:

    මේ කොමෙන්ට් බොහොමයක් දාලා තියෙන්නේ… ස්ටාලින්ගෙ පවුකාර ගෝලයො රොත්ත

  9. Roshan says:

    කුඩා ළමයින්ට එන්නත් විදින්න අවශ්‍ය නැහැ කිව්වහම කමෙන්ට් කොටනවා එන්නත් නොකර ළමයින්ව මරවන්නද හදන්නෙ කියලා…..
    ළමයින්ව එන්නත් කරනකොට ආයෙ උන්ම කමෙන්ට් කොටනවා ළමයින්ව එන්නත් කරලා මරන්නද හදන්නෙ කියලා……
    කමෙන්ට් කොටන විපක්‍ෂයෙ බල්ලොනී… උබලා කාවද මේ රවට්ටන්නේ???? 😂😂😂 😂

  10. 1 Lamaya says:

    මහාචාර්ය කපිල පෙරේරා are you mad to start schools with kids? From where you got the graduation?

Main News