පාසැල් විවෘත කිරීම තවත් කල් යයි..?

April 2, 2020 at 3:00 pm | lanka C news
පාසැල් විවෘත කිරීම තවත් කල් යයි..?

මීළඟ පාසල් වාරය ලබන 21 වෙනිදා ආරම්භ කිරීමට නියමිත වුවද පවතින තත්ත්වය මත කල් යාමට ඉඩ ඇති නමුත් ඒ ගැන දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

කෙසේ නමුත් අගෝස්තු මාසයේදී පැවැත්වීමට සූදානම් කර ඇති ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය කල් නොදමන බව ද ඔහු පැවසීය.

එමෙන්ම පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 30 වනවිට නිකුත් කරන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.

29,110 Viewers

2 Comments to “පාසැල් විවෘත කිරීම තවත් කල් යයි..?”

  1. අභේතිස්ස says:

    ඕන තරම් කාලයක් ඉස්කොල වහන්න – විභාග අදාලම නැත! “අධ්‍යාපනයට පෙර ආරක්ෂාව – ඉගෙන්න නම් ජීවත් සිටිය යුතුයි”

  2. prasanna WIMAL says:

    LAMAI METI MOLLO WENAWAAA… PLS CANCEL AUG AND DEC HOLIDAYS AND ENSURE ALL DAYS ARE COVERED.

Main News