පාසැල් සිසුන් ගිය ලොරියක් පෙරලේ.. සිසුන් 14ක් රෝහලේ..

August 10, 2022 at 2:10 am | lanka C news
පාසැල් සිසුන් ගිය ලොරියක් පෙරලේ.. සිසුන් 14ක් රෝහලේ..

බිබිල ප්‍රදේශයේ දී පාසල් ළමුන් පිරිසක් සහිත කුඩා ලොරි රථයක් පෙරළීමෙන් (09) අනතුරක් සිදුව ඇත.

තුවාල ලැබූ පාසල් සිසුන් 14 දෙනෙකු බිබිල රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් දෙදෙනෙකුගේ තත්වය බරපතල වී ඇත.

ඔවුන් ක‍්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා වෙනත් පාසලක් වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

1,112 views
Main News