පාසැල් සිසුන් දෙදෙනෙකුට කොරෝනා..

February 19, 2021 at 5:30 pm | lanka C news
පාසැල් සිසුන් දෙදෙනෙකුට කොරෝනා..

බගවන්තලාව සෞඛය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව හොලිරොසරි දමිල මහා විද්‍යාලයේ පාසල් සිසුවෙකුට සහ සිසුවියකටත් , එම සිසුන් දෙදෙනාගේ මව්වරුන් දෙදෙනාටත් කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (19) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වි ඇති බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.

එම පාසලේ 11 වසරේ මිට පෙර කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිත සිසුවෙකු හමුවිමත් සමග එම අසාදිත සිසුවාගේ ආශ්‍රිතයන් 105 දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව සිව් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.

තවද එම සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ටින්සින් සහ පොඩයිස් යන වතු වලින් තවත් අසාදිතයන් පස් දෙනෙකු (19) දින හමු වු බවත්,බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 115 දෙනෙකු හමුවි ඇති බවයි බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි වයි.ඩි.අයි.ඩි. බස්නායක මහතා පැවසිය.

අසාදියන් 09 දෙනා නිරෝධානය මධ්‍යස්ථානයක් කරා යොමු කරන බවද සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා පැවසිය.

මේ අතර බගවන්තලාව ප්‍රදේශයේ උත්සව ශාලාවක මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අනුමැතියකින් තොරව බගවන්තලාව වසම භාර සමෘද්ධි නිලධාරිවරයා විසින් (19) දින සමෘද්ධි රැස්විමක් කැදවා තිබු අතර , එම රැස්විමට පැමිණ සිටි සමෘද්ධි ලාභින් ආපසු හරවා යැවිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කලහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

2,442 views

2 Comments to “පාසැල් සිසුන් දෙදෙනෙකුට කොරෝනා..”

  1. ක්‍රිමිනල් says:

    ගව මුත්‍ර එක්ක පැකනිල් පෙත්තක් ගත්ත නම් වැඩේ ඉවරයි. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  2. Darshana abayakoon says:

    පැනික් වෙන්න එපා. 225ටයි ගජ මිතුරොන්ටයි බෙබි හාමු ලටයි එන්නත ගහල තියෙන්නෙ.

Main News