පාසැල් සිසුන් 115ක් කොරෝනා පරීක්‍ෂණ කරයි..

July 12, 2020 at 10:00 am | lanka C news
පාසැල් සිසුන් 115ක් කොරෝනා පරීක්‍ෂණ කරයි..

පාසැල් සිසුන් 115 දෙනෙකු පමණ කොරෝනා පරීක්ෂණ සදහා යොමු කර ඇත.

ඊයේ දිනයේ සිදු කර ඇති එම පරීක්‍ෂණවල ප්‍රතිඵල අද දිනයේ ලැබීමට නියමිතය.

රාජාංගනය ප්‍රදේශයේ පාසල් සිසුන් අනු දෙනෙකු සහ හබරාදූවේ තවත් 25 දෙනෙකුගේ ඊයේ දිනයේ පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබිය.

රාජාංගණය ප්‍රදේශයේ සිටි කන්දකාඩු උපදේශක වරයාගේ දරුවා හරහා සිසුන් අනූ දෙනෙකු සහ හබරාදූවේ සිටි කන්දකාඩු උපදේශකගේ පාසැල් ගුරුවරියක් වන බිරිදගේ ආශ‍්‍රිත සිසුන් 25ක් මෙසේ පරීක්‍ෂණ සදහා යොමු කර ඇත.

126 views