පාසැල් සිසුවියකට කොරෝනා.. පාසැලේ සිසුන් හා ගුරුවරුන් නිරෝධායනයට..

December 7, 2020 at 12:00 pm | lanka C news
පාසැල් සිසුවියකට කොරෝනා.. පාසැලේ සිසුන් හා ගුරුවරුන් නිරෝධායනයට..

බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී තිබේ.

මේ හේතුවෙන් ඇය සමඟ සමීපව ආශ්‍රය කළ සිසු දැරියන් 14 දෙනෙකු සහ ගුරුවරුන් 07 දෙනකු නිරෝධාය ට ලක් කර තිබේ.

17 හැවිරිදි මෙම දැරිය රත්ගම මාමඩල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇයගේ පළමු පෙළ ආශ‍්‍රිතයන් තම නිවාස තුළ නිරෝධායනයට ලක් කර තිබේ.

කලා අංශයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසුවිය පසුගිය 25 වන දින පාසලට පැමිණ ඇති අතර එහිදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහලේදී සිදුකළ පරීක්ෂණවලදී කොරෝනා ආසාදිත බව හෙලිවීමෙන් ඇය කඔුරුපිටිය රෝහල වෙත පිටත් කර යවා තිබේ.

28,483 views

5 Comments to “පාසැල් සිසුවියකට කොරෝනා.. පාසැලේ සිසුන් හා ගුරුවරුන් නිරෝධායනයට..”

  1. ක්‍රිමිනල් says:

    වියත්මගේ වැඩ දන්න එවුන් ඉල්ලා අස්වෙනවා ,සහතිකේට පමණක් වියත්තු බඩ පිළුම් ගහනවා.

  2. සමථ මණ්ඩලය says:

    මුන් ඔක්කොටම එකම බෙහෙතක් දෙන්න ගියොත් මරාගන්නවා, ඉවරයක් නෑ.

    බයියන්ට සුදර්ෂණ පැණිය, ධම්මික පැණිය, වහරක උණ පැණිය
    ටොයියන්ට පැකනිල්
    ජෙප්පන්ට ගව මුත්‍රා

    දැන් වත් තම තමන්ගේ ප්‍රියතම බෙහෙත බීලා මරාගන්නේ නැතුව හිටපියවූ.

    • ක්‍රිමිනල් says:

      ක්‍රියේටීව් ! ✌️

    • වයි දිස් කොලවෙරි says:

      බයියන්ට නම් බේරෙන්න පොඩි හරි චාන්ස් එකක් තියෙනවා. ටොයියන්ටයි ජෙප්පන්ටයි නෝ චාන්ස්.

  3. Weda Beri Perethaya says:

    Wagakeema ganawa kiyala TV eke kiyapu eka ko?

Main News