පාසැල් සිසුවියක් මොටර් රථයක ගැටි බරපතලයි..[CCTV]

September 18, 2018 at 6:48 pm | lanka C news
පාසැල් සිසුවියක් මොටර් රථයක ගැටි බරපතලයි..[CCTV]

හැටන් සිට තලවකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක පාසල් සිසුවියක් ගැටි අනතුරක් සිදු වි ඇති බව දිඹුල පොලසිය පැවසිය.

අද (18) පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල නගරය අසලය.

හැටන් ප්‍රදේශයේ පෞද්ගලික පාසලක 9 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුවිය පාසල් නිම වි පාසල් බස් රථයෙන් කොටගල ප්‍රදේශයට ගොස් බස් රථයෙන් බැස අපරික්ෂාකාරි ලෙස මාර්ගය හරහා අනිත් පසට දිවයන අවස්ථාවේ  අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයේ ගැටි පාසල් සිසුවිය අනතුරට පත් වි ඇත.

අනතුරෙන් බරපතල ලෙස තුවාල ලැබු පාසල් සිසුවිය කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරිමෙන් වැඩි දුර ප්‍රතිකාර සදහා නුවරඑලිය මුලිකරෝහල වෙත මාරු කර යාවා ඇත.

මොටර් රථයේ රියදුරා සැකපිට දිඹුල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

67 views