පාසැල් 3500කට පරිඝණක 175,000ක් කුලියට ගනී..
January 20, 2017 at 8:02 am | lanka C news
දිවයින පුරා ඇති පාසැල් 3500ක ප්රමාණය් සදහා පරිඝණක 50 බැගින් ලබා ගැනීමට මුදල් වෙන් කලේ යයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.
ඒ මහතා මෙසේ කියා සිටියේ අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණිය විවෘත තරග විභාගයෙන් සමත් වූවන් වෙනුවෙන් ප්‍රවිෂ්ට ලේඛන පිළිගැන්වීමේ උත්සවය අමතමිනි.
ඉදිරියේදී ‘ළගම පාසල හොදම පාසල’ සංකල්පය අනුව යමින් පාසල් 10161න් පාසල් 7000ක් සදහා සියලූ යටිතල පහසුකම් සපයා දීම ආරම්භ කර ඇතැයිද ඔහු පැවසීය.