පාසැල වටකොට දෙමවුපියන් විරෝධතා….

November 27, 2021 at 4:40 pm | lanka C news
පාසැල වටකොට දෙමවුපියන් විරෝධතා….

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන තලවකැලේ වටගොඩ සිංහල මහා විදුහලේ වසර ගණනාවක සිට පවතින ගුරු හිගයට විසදුමක් ලබාදෙන ලෙස බල කරමින් එම විදුහලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

වටගොඩ, මඩකුඹුර යන ප්‍රදේශවල සිංහල දමිල මුස්ලිම් සිසු සිසුවියන් 100 කට ආසන්න පිරිසක් එම විදුහලේ අධ්‍යාපනය ලබන බවත්, එම පාසලේ 1 වසරේ සිට 11 වසර දක්වා ඉගැන්විම් කටයුතු සිදු කරන බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි දෙමව්පියන් කියා සිටියේ.

එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සදහා සිංහල ගණිතය විද්‍යාව බුද්ධ ධර්මය වැනි විෂයන් ඉගැන්විමට කිසිදු ගුරුවරයෙකු නොමැති විම හමුවේ තම දරුවන් පාසලට එවිමෙන් කිසිදු ඵලක් නොවන තත්ත්වයකට පාසල පත් වි ඇති බවයි දෙමව්පියන් කියා සිටියේ.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම නිසා පාසල වසා තිබුණු කාලයේ එම පාසලේ සේවය කල අචාර්ය මණ්ඩලයේ ගුරුවරුන් පස් දෙනෙකු අනුප්‍රාන්තික ගුරුවරුන් නොමැතිව වෙනත් පාසල් වලට ස්ථාන මාරුවිම් ලබා ගිය බවත්, දැනට එම පාසලේ සිටින ගුරුවරුන් 10 දෙනාගෙන් ගුරුවරියක් ලබන වසරේ ජනවාරි මස විශ්‍රාම ලැබිමට සිටින බවයි උද්ඝෝෂණයේ නියැලි දෙමව්පියන් කියා සිටියේ.

පාසලේ පවතින ගුරු හිගය සම්බන්ධයෙන් මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සියළුම නිලධාරින්ට නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂකවරයාට ලිඛිතව දැනුම් දුන්නද ඒ සදහා මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබි නොමැති විම හමුවේ තම දරුවන්ගේ අධ්‍යාපනය පහත වැටි ඇති බවයි දෙමව්පියන් කියා සිටියේ.

කඩිනමින් අදාල විෂයන් සදහා ගුරුවරුන් ලබාදෙන ලෙස වටගොඩ සිංහල මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

23,016 views

3 Comments to “පාසැල වටකොට දෙමවුපියන් විරෝධතා….”

  1. සිරිසිංහ says:

    ජයග්‍රහණ සමග පාසල් පැමිණි ගුරු භවතුන් බහුතරයක් තම වෘත්තිය ක්‍රියාමාර්ග නිසා අසරණ වූ සිසුදරැවන්ගේ ඉගැන්වීම් තවදුරටත් අතපසු කිරීම් දැකීම හා ඒ පිළිබඳ යම් තරමක වගකීමක් ගුරු සංගම් නොදැරීම අවාසනාවකි.

  2. Gamarala says:

    මේ සියලුදේ ටම රජය වග කිව යුතුය.. කෝ අපේ විගතුන්. දැන් කෝටිපතියෝ වෙලාලු

  3. ශෂාන් says:

    කෝ අර පහුගිය කාලේ අධ්‍යාපනය ගැන පොර ටෝක් දිදී, ඉස්කෝල වට කරලා,ගුරුවරුන්ට තක්කාලි ගහන්න හදපු මී හරක් බයියො ටික. දැන් ගුරුවරුත් ඔයැයිලගේ දරුවන්ව අත හැරලා නේද? අන්තිමට ගොං බයියොයි, එයාලට රැවටුණු මෝඩ දෙමව්පියොයි නිසා රටේම අධ්‍යාපනය වැටිලා දරුවො ටික පරාද වුණා! දැන් සැපද මෝඩ බයියනි!

Main News