පැකනිල් පේ‍්‍රමදාස වී මිලදී ගැනීමේ ජාතික වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න බොරු කියනවා….

February 21, 2021 at 6:28 am | lanka C news
පැකනිල් පේ‍්‍රමදාස වී මිලදී ගැනීමේ ජාතික වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න බොරු කියනවා….

‘වී මිලදී ගැනීමේ ජාතික වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බොරු කියනවා’ යයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේද කියා සිටියේය.

“පසුගිය ජනාධිපති වරණයේදී අපි රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නා වීවලට රුපියල් 50ක සහතික මිලක් දෙන බවට.පාරිභෝගිකයාට රුපියල් 97ක සහතික මිලට හාල් ලබා දෙන්නත්.ඒ අනුව ඒ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මක වෙනවා.එළඹෙන අලුත් අවුරුද්දට රුපියල් 97ක සහතික මිලට පාරිභෝගිකයාට සහල් අපි ලබා දෙනවා.රජය මගින් පොහොර සහනාධාරය ලබා දෙන ගොවීන් මේ සඳහා අපි යොදා ගන්නවා.

හෙක්ටයාරයකින් වී කිලෝ 1000ක් රජයේ ජාතික වැඩපිළිවෙලට ලබා දෙන ලෙස අපි ඉල්ලීමක් කර තිබෙනවා.විපක්ෂ නායක පැකනිල් ප්‍රේමදාස මහත්තයා ,පොහොර සහනාධාරය කැපුවොත් ගොවියොත් එක්ක පාරට බහිනවා කියලා තිබුණා.එයාගේ ආණ්ඩුව තියන කාලයේ වී කිලෝ එකක් ගත්තේ රුපියල් 32 ට.එදා සජිත් ප්‍රේමදාස හිටියේ කොහෙද?අපි ගත්තේ වියළි නාඩු වී කිලොවක් රුපියල් 50 යි.වියළි සම්බා 52 යි.ගොවියාට හොඳ මිලක් ලැබිලා තියනවා.

පොහොර,ජලය,කෘෂි රක්ෂණය,මේ සියල්ල අපි ගොවියාට නොමිලේ දෙන්නේ.අපි නොමිලේ දෙන පොහොර මිටියක් රුපියල් 4000 යි.රජයේ වැඩපිළිවෙලට දායක නොවන ගොවීන්ට පොහෝර ගන්න වෙන්නේ රුපියල් 4000 ක වෙළඳපොළ මිලට.ගොවියාට වී සඳහා ඉතා සාධාරණ මිලක් අපි නියම කර තියනවා.තෙත වී අපි මිලදී ගන්නවා.අපි කියන්නේ කැබිනට් තීන්දුවක් අනුව ක්‍රියාත්මක වැඩපිළිවෙලට සහය නොදුන්නොත් පොහොර සල්ලිවලට ගන්න වෙන්නේ කියලා මිසක් පොහොර සහනාධාරය කපනවා කියලා නෙමෙයි.පැකනිල් ප්‍රේමදාස මහතා මේ කරන්නේ වී සහ සහල් මාෆියාවට උදව් කරමින් ජනතාව නොමඟ යැවීම.ඒකට රැවටෙන්න එපා කියලා මේ රටේ ගොවියන්ගෙන් ඉල්ලනවා”

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ”අපි පැහැදිලිව කියන්න ඕනේ රටේම වී නිෂ්පාදනය මෙට්‍රික්ටොන් ලක්ෂ 30යි.අපි මිලදී ගන්නේ ලක්ෂ 3යි.සම්පුර්ණ රටේ අස්වැන්නෙන් 10%යි.මහා පරිමාණ වී මෝල් හිමියන්,ගබඩාකරුවන් මිලට ගන්නේ 30%ක් විතරයි.ඒ දෙකම නැතුව ගොවියාට 60%ක් වී ඉතිරි වෙනවා,බිත්තර වී සහ පරිභෝජනය සඳහා.ඒ නිසා කිසිදු ගැටළුවක් නොවෙන්න අපි මේ ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ.ඒ නිසා විපක්ෂය කරන්නේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක්.වීවලට සහතික මිලක් ලබා දීම රජයේ වැඩපිළිවෙලට.කිසිඳු ගැටළුවක්,අකටයුත්තක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.විපක්ෂ නායකයා මේ කරන්නේ ජනතාව නොමඟ යවන එක කියලා රටේ ජනතාවට අපි කියන්න ඕනේ”.

– සුජිත් විතානපතිරණ

15,107 views

14 Comments to “පැකනිල් පේ‍්‍රමදාස වී මිලදී ගැනීමේ ජාතික වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න බොරු කියනවා….”

  1. ත්‍රීවීල් says:

    ජනාධිපති කෙනෙකුයි, පාර්ලිමේන්තුවෙ 2/3 කුයි 20 වන සංශෝධනයයි ඔක්කොම තියාගෙන හොටු පෙර පෙර නහයෙන් අඩන්න එපා බං,, වැඩ කරලා පෙන්නපං.

    • sanath says:

      punchi amma ekka nidi wadala umbala ratata wada pennuwa neda,,?
      ane,, pakanil +jvp, h,,,,,,,,,,o,
      umbe 3,wheel eka lapaya wage punchi amma ekka gahapan,

  2. Wijebahu says:

    Shut up u idiot. Sajith is much higher life than u.

    • sanath says:

      Wijebahu, ltte , koti bahu, bawa , comment, kiyawana ,okkoooma dannawa,
      suhandiram ekka gihilla amma langa nidi karawapan,
      Wijebahu wag mun me lassana rata winaasa karana le pilikaawak.

  3. ක්‍රිමිනල් says:

    පැකනිල් ප්‍රේමදාස……….. එකත් මරැ ඔීයි

  4. අසංක says:

    දෙන්න පුලුවන් සියලුම බලේ දිලත් මෙලෝ වැඩක් කරගන්න බැරි ඉතිහාසයේ පහලවුනු නිවටම ආන්ඩුව.මේ පාර තමයි රාජපස්ස කියන නම දේශපාලනයෙන් අතුගැවිලාම යන්නෙ.අනුන්ට දොස් කියකිය ඉන්නෙ නැතුව වැඩක්කරල පෙන්නපන්.

    • wijebahu says:

      That’s correct, one good outcome is people will realize Rajapasas are just a myth and they cannot go further than military rhetoric to develop a country. If SF was not there Rajapaksa would have been in same state as Chandrika today.

  5. HUKARIS says:

    Pakanil Premege thaththa, Richard Soyza saha Nambara Kollan saha Kellan 65000k akalaye Surapura yewwa mathakada. Me pingutjtjara UNP ballan Hambamthota wikka, Munta balaya ganna onama Horikada wedak karai.Kalakanni Chu and Pee.

  6. යොවුන් රාණි අංගොඩ says:

    දැන් ගැලරියේ බුරන්නේ මෙලෝ රහක් නැති කිසිම පිළිගැනීමක් නැති උගත්කමක් දේශපාලන අත්දැකීමක් නැති පූට්ටු වේ කටු ලෙවකන කුක්කෝ සෙට් එක. කොරටොක් දීලා ඇට නම ලස්සෙට කඩේ ගියපු පූට්ටු ඔස්ථාර් ල එළියට බහින්න බැරුව හැංගිලා. මුන් ආවේ නම් සිංහයො වගේ, දැන් නම් ඉන්නේ හිවල්ලු වගේ.

  7. බන්ගොයියා says:

    තමන්ගෙ වැඩ බැරිකම වහගන්න එක එක්කෙනාට දොස් කියන තවත් ගොං බයියෙක්.

  8. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    පොල්,ළුණු සීනි මිල වැඩි කිරිමේ ජාතික වැඩ පිළිවෙලේ ඉන්නෙ සෑර් ද?

  9. Jagath says:

    පල තොල්බරිය යන්න.

Leave a Comment

Main News