‘පැණි බීම, කෝලා’ වෙනුවට විමල් නෙල්ලි කෝලා විවෘත කරයි..

February 22, 2021 at 6:48 pm | lanka C news
‘පැණි බීම, කෝලා’ වෙනුවට විමල් නෙල්ලි කෝලා විවෘත කරයි..

ඉතිහාසයෙන් අපට උරුම වූ ආහාර සංස්කෘතියෙන් එළියට ගොස් ඒ වෙනුවට ආහාර සංස්කෘතියේ අනන්‍යතාවක් නොමැති ජාතියක් බවට අප අද පත්වෙමින් සිටින බවත් ඒ ඉරණමට එරෙහිව සටන් වැදීමේ ඓතිහාසික වගකීමේ සහ යුතුකමේ තම කොටස ඉටු කරමින් ‘පැණි බීම – කෝලා’ සංස්කෘතියෙන් අපේ දරුවන් එළියට ගැනීමට ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගම දේශීය දැනුම් පද්ධතිය සහ ස්වභාවික අමුද්‍රව්‍ය පදනම් කරගත් ‘ නෙල්ලි – කෝලා’ පානය ජනගත කිරීම මෙරට සෙසු ව්‍යවසායකයන්ට ගත හැකි බෙහෙවින් අගය කළ යුතු ආදර්ශයක් බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (22) පානදුර ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගම විසින් ‘නෙල්ලි කෝලා’ පානය ජනගත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

” මුදිත සමනක්කොඩි මැතිතුමා ‘නෙල්ලි කෝලා’ නැමැති පානය මෙරට වෙළඳපොළට පමණක් නොවෙයි අනාගතයේදී පිටරට වෙළෙඳපොළ ද ඉලක්ක කොටගෙන නිපදවා ජනගත කරන අවස්ථාවට සහභාගී වීමට ලැබීම මම ඉතා වැදගත් කොට සලකනවා. ඕනෑම ජාතියක ඉරණම තීරණය කළ හැකි එක් ප්‍රබල සාධකයක් වන්නේ එම ජාතිය සතු ආහාර සංස්කෘතියයි. යුද්ධයකදී එකවර මරන්න පුළුවන් වගේම ජාතියක ආහාර සංස්කෘතිය වැරැද්දුවොත් එම ජාතිය ටික ටික මරන්න පුළුවන්.

‘ ආහාර සංස්කෘතියේ අවුල’

අද අපි ජීවත් වන්නේ බෝවන රෝගවලට වඩා බෝනොවන රෝග බහුල වූ සමාජයකයි. ‘රෝහල්වල ඉඩකඩ මදි’ කියා අවලාද නැගුවාට අපේ ආහාර සංස්කෘතියේ තිබෙන අවුල ගැන අපි සාකච්ඡා කරන්නේ නැහැ. පිටරටින් ‘කිරිපිටි’ කියා එන එහෙත් කිරිපිටි නොමැති ඌරු තෙල් වැනි දෑ අඩංගු බහුජාතික සමාගම්වල පිටි බීලා අපේ දරුවෝ පාසල් ගියාම ඔවුන් ටික කාලයකින් දියවැඩියාවෙන් ඔත්පල වූ දරුවන් වෙනවා. පාන් පිටි කෑම කාලා කොලෙස්ටරෝල් බහුල දරුවන් වෙනවා. ඉතිහාසයෙන් උරුම වූ ආහාර රටාවෙන් අපි එළියට යනවා. ඒ වෙනුවට ආහාර සංස්කෘතියේ අනන්‍යතාවක් නොමැති ජාතියක් බවට අප පත් වෙමින් තිබෙනවා.

‘ පැණිබීම – කෝලා සංස්කෘතියෙන් එළියට ගැනීම’

මේ ඉරණමට එරෙහිව සටන් වැදීම මේ යුගයේ අප සියලුදෙනාටම පැවරුණු ඓතිහාසික වගකීමක්, යුතුකමක්. ඒ ඓතිහාසික වගකීමේ සහ යුතුකමේ තමන් සතු කොටස තමයි අද මුදිත සමනක්කොඩි මැතිතුමා ප්‍රධාන මේ පිරිස ඉටුකරමින් සිටින්නේ. අපේ දරුවන් ‘පැණි බීම – කෝලා’ බීලා ඒ නිසා හැදෙන බෝනොවන රෝගවලට ගොදුරු වන විට ඒ දිහා නිකං බලා නොසිට ඒ දරුවන් ‘පැණිබීම – කෝලා’ සංස්කෘතියෙන් එළියට ගැනීමට තමයි මේ අය කටයුතු කරන්නේ. අපේ දේශීය දැනුම් පද්ධතිය තුළ තිබෙන, ස්වාභාවික අමුද්‍රව්‍ය පාදක කරගත් පානයක් තරගකාරීව නිපදවන්න තමයි මේ පිරිස කටයුතු කර ඇත්තේ.

‘වැල යන අතට මැස්ස ගහන්න එපා!’

මෙය ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගත් පානයක්, ඒ වගේම ශක්තිජනක පානයක්. දැනට වෙළඳපොළේ තිබෙන සියලුම කෘත්‍රිම ශක්තිජනක පානවලට වඩා මෙය ශක්තියෙන් අනූනයි. අපේ ජීවන රටාවේ ඇති වෙමින් තිබෙන අවුලට උත්තර සොයන මෙවැනි නිෂ්පාදකයන් තමයි අද අපට ඕනේ. එහෙම නැතිව ‘වැල යන අතට මැස්ස ගහන’ අය නොවෙයි. මුදිත සමනක්කොඩි මැතිතුමන් ලබාදී ඇත්තේ ඒ ආදර්ශයයි. ඒ ආදර්ශය අපේ සෙසු ව්‍යවසායකයන්ට හා නිෂ්පාදකයන්ට ඉතාම ඉහළින් අගය කළ හැකි ආදර්ශයක්.

දැනට මාස ගණනාවකට කලින් මෙතුමා මේ නිෂ්පාදනයේ සාම්පල අරගෙන අපේ අමාත්‍යාංශයට පැමිණියාම ඒ වෙනුවෙන් ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට අප එකඟ වුණා. එතුමන් සමග හවුල්කාරීත්වයකට පිරිසක් එක්ව තිබෙනවා. ඒ පිරිස සමග එක්ව කෙටි කලකින් මේ ‘නෙල්ලි කෝලා’ පානය ජනගත කිරීමට හැකිව තිබීම ඉමහත් සතුටට කාරණාවක්. යුරෝපය ඇතුළු බටහිර රටවල ජනතාව කෘත්‍රීම දෙයින් දැන් හෙම්බත් වෙලා. ඔවුන් දැන් සොයන්නේ ස්වාභාවික දේවල්. ඒ නිසා අන් කවර කලකටත් වඩා වැඩි වෙළඳපොළ අවකාශයක් මෙවැනි නිෂ්පාදකයන්ට ඇතිව තිබෙනවා. එය ද නිවැරදිව වටහාගෙන අපේ ආහාර සංස්කෘතියේ පවතින අවුලට එරෙහිව සටන් වදින මුදිත සමනක්කොඩි මැතිතුමා වැනි ව්‍යවසායකයන් වැඩි වැඩියෙන් බිහි කිරීමට දායක වීම අපේ අපේක්ෂාවයි. ඒ වගේම ‘නෙල්ලි කෝලා’ පානය මේ රටේ දූ දරුවන් අතරට පමණක් නොවෙයි එතෙර සිටින දූ දරුවන් අතරට ද ගෙන යාමට ශක්තිය හා ධෛර්යය පතනවා”

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ද විශේෂ ආරාධිතයෙකු ලෙස එක්ව සිටි අතර ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මුදිත සමනක්කොඩි මහතා අදහස් දැක්වීය. චින්තන ජයසිංහ, පියුමි සමනක්කොඩි, මන්ද්‍රී සමනක්කොඩි යන එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

54,913 views

16 Comments to “‘පැණි බීම, කෝලා’ වෙනුවට විමල් නෙල්ලි කෝලා විවෘත කරයි..”

  1. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    පොහොට්ටු කෝලා එකකුත් ගැහැව්වා නම් රටේ ජාතික ප්‍රශ්නයක් විසදෙනවා

  2. SF says:

    බයියො අන්දන්න හොදයි මේවා. ලෝකෙ කොකා කෝලා නැති රටකට සුද්දෙක්වත් යයිද?

    • Sujatha says:

      Ane ballo thamunta beri nam deyak karanna aduma tharam karana manussayawa dirimath karapan, nethinam comment nokara indapan, jathake weradda kiyala Hemoma dena gannawa.

  3. නාලක දිසානායක says:

    මේවා බොරු වැඩ… 1970-77 අහේනි යුගයේ එලිෆන්ට් හවුස් එකෙන් ලංකා කෝලා කියලා බීමක් හැදුවා. ඒක මාස හයක් වත් නිෂ්පාදනය කරන්න බැරි වුණා.

    කෝ අර වාලච්චේනේ හදනවයි කියපු කඩදාසි? බම්බුව තමයි…

    • නාලක දිසානායක says:

      අපි නම් චුයින්ගම් එකක හප හප බ්‍රේස්ලට් දාගෙන කොස් කොල ක්‍රෝටන් කොල කකා ෆ්‍රී වයිෆයි වලින් කුලී කොමෙන්ට් එකක් දාගෙන වොක්සාවැගන් එකේ අලිමන්කඩ කියලා පාමන්කඩ යන්නේ..

  4. weerasinghe says:

    No cocacola
    No google
    No Gmail

  5. Jehan says:

    The men who insult this drink are the paid coolies of multi national companies. Let’s buy this instead of Coca-Cola. Be careful these cola company marfia can destroy this Nelli cola. They do it by buying the product from stores before it get to people when people cannot get hold of one they give up searching for it eventually

  6. Upul Attanayake says:

    Congratulations goid move!!!!
    What a shity people comment on the top…
    Shameful as a Sri Lankan

  7. බයියා says:

    අතිවිශිෂ්ඨයි !!!! බල්ලෝ බිරුවාට කඳු කඩා වැටෙන්නේ නැතිලු. උඩ සමහර ප්‍රතිචාර දැක්කම මට මතක් උනේ ටයිටස් තොටවත්ත හඬකැවූ ‘ගලිවරය’ කාටූනයේ හිටපු අර අඟුටුමිට්ටා..ඕනම එකකට ‘ඕකනම් කවදාවත් හරියන්නෑ’ කියන ඒ වගේ පසුගාමී ඇවිදින මළකුණු 5-10ක් ඕනම සමාජයක ඉන්නවා. ‘ස්මැක්’ බීම පටන් අරන් දැන් අවුරුදු 20ට වැඩියි. දිවුල් බීම එක සුද්දො මෙහෙදි බොන්නෙ කෝක් මෙහේ නැති නිසාද කියලත් මට හිතුනා. චිරං ජයතු විමල් මැතිතුමනි. .

    • Nimal says:

      මෙතන එහෙම වසුරැ නාගෙන ඉන්න උන් ඉන්නේ එකයි මචං ඌ තමයි අර පහුගිය දොහේ ක්‍රිමිනල් නමින් හිටපු අසුචි බුදින බත්බැලයා. අපේ කොල්ලෝ ඌට සැලකුවා ලෙසටම දැන් වෙන වෙන නමි වලින් ගද ගස්සනවා

      • රට වෙනුවෙන් says:

        අඩ්ඩඩ් ඩා Nimal උඹත් කොලු සීන් එකේද ඉන්නේ.

  8. manimal says:

    පුරවැසියෙක් කිසිම අනුග්‍රහයක් නැතුව තමන්ගේ වියදමෙන් සහ හැකියාවෙන් දෙයක් කරලා ඉවර කරාම අන්තිම මොහොතෙ එතනට ඇවිල්ලා ලකුනු දාගන්න කාලකන්නි..

  9. රසකාරක නැත්නම් කෘතිම වර්ණක නැත්නම් 100% ස්වාභාවිනම් ඉතාම හොඳ තරගකාරී වැඩක් .. says:

    රසකාරක නැත්නම් කෘතිම වර්ණක නැත්නම් 100% ස්වාභාවිනම් ඉතාම හොඳ තරගකාරී වැඩක් ..
    වැදගත්ම කාරණය වන්නේ බහාලුම් ප්‍රතිචක්‍රීය කරණයට තාකෂණ සහිත වැඩපිලිවලක් වහාම ක්‍රියාත්මක කලයුතුයි. බටහර දේවල් බටහිරයන් නිර්මාණය කරගනු ලැබුවේ උන්ගේ භුගෝලිය සහ පරිසර සාධක අනුවයි.. කුඩා දුපතේ පරිසර දුෂණය කුණු ප්‍රතිචක්‍රිය කරනයට පුථමයෙන් මුලාරම්භයේදීම ලබාදීමෙන් දීමෙන් පසුව සැලසුමක් සහිතව මෙවැනි නිශ්පාදනවලට යොමුවිම නිවැරදි ක්‍රමවේදයයි. !

Leave a Comment

Main News