පැණි වරකා ගහටත් හෙන වැදේ.. රාජිත-චම්පික මුහුණවත් නොබලති.. වචනයක් කතා නොකරති..

March 19, 2017 at 9:20 am | lanka C news
පැණි වරකා ගහටත් හෙන වැදේ.. රාජිත-චම්පික මුහුණවත් නොබලති.. වචනයක් කතා නොකරති..

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ කොළඹ නිදහස් චතුරස‍්‍රයේ පැවති උත්සවයකට ඇමතිවරුන් වන රාජිත සේනාරත්න හා චම්පික රණවක සහභාගී වූහ.

මෙම උත්සවය පැවතියේ ඩෙංගු මදුරු මර්දන සහායකයින් 500ක් දෙනා පුහුණූවෙන් පසු රාජකාරී සදහා අනුයුක්ත කිරීම වෙනුවෙනි.

මෙම උත්සවය ආරම්භයේ සිට අවසන් වන තෙක්ම රාජිත හා චම්පික ඇමතිවරුන් එකදු වචනයක් හෝ කතා නොකල අතර කෙලින් මුහුණවත් බලනු නොපෙනින.

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් මෙම දෙපාර්ශවය අතර දැන් එලිපිටම ගැටුම් හටගෙන ඇති බව මාධ්‍ය හමුවලදී පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

88 views
Main News