‘පැණි සුමනේ’ යයි ගැරහූ කොරෝනා ඖෂධය තායිලන්තයේ රෝගීන්ට දීම අනුමත කෙරේ.. රෝගීන් සුව වේ..

January 7, 2021 at 9:20 am | lanka C news
‘පැණි සුමනේ’ යයි ගැරහූ කොරෝනා ඖෂධය තායිලන්තයේ රෝගීන්ට දීම අනුමත කෙරේ.. රෝගීන් සුව වේ..

මීට මාස කිහිපයකට පෙර කොරෝනා වසංගතය මැඩලීමට සුදර්ශන පැණිය යොදා ගැනීම ගැන සමාජයේ කතිකාවක් ඇති විය.

ඊට මුල් වුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ රාජගිරිය දේශීය වෛද්‍ය ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් හීන් බින් කොහොඹ (Andrographis paniculata) ඇසුරෙන් නිපදවූ සුදර්ශන පැණිය පිලිබඳ සිදු කල අනාවරණයකි.

මේ සම්බන්ධයෙන් පර්යේෂණ කණ්ඩායම ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සමග පැමිණ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හමු වී මේ ගැන අදහස් දැක්වීමෙන් පසු අමාත්‍ය ජයසුමන මෙය රජයේ රෝහලක පර්යේෂණයට භාජනය කිරීම සුදුසු බව පැවසීය.

බටහිර ඖෂධවිද්‍යාව පිලිබඳ මහාචාර්යවරයකු වන ජයසුමන මහතාගේ ප්‍රකාශය ඇතැමුන්ගේ දැඩි විවේචනයට ලක් වූ අතර ඔහුගේ විරුද්ධවාදීන් “පැණිසුමන” නමින් නමක්ද ඔහුට පට බැන්දේය. ශ්‍රී ලංකාවේ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට විවිධ අන්දමින් බාදා ඇති කළේය.

කෙසේ නමුත් පසුගිය සතියේ තායිලන්ත සෞඛ්‍ය අමාත්‍යංශය හීන් බිංකොහොඹ ඇසුරින් නිපදවූ ඖෂධයක් කොරෝනා රෝගයට යොදා ගැනීම අනුමත කර ඇත.

මේ වන විටත් එරට රජයේ රෝහල් 5 ක එම බෙහෙත ලබාදීම ආරම්භ කර ඇත.

තායිලන්තයේ සිදුකරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ කොරෝනා රෝගය හඳුනා ගෙන පළමු පැය 72 අතර අතරතුර මෙම හීන් බිංකොහොඹ ඖෂධය ලබා ගතහොත් දින තුනක් ඇතුළත සැලකිය යුතු සුවයක් අත් වන බවත් කිසිදු අතුරු ආබාධයක් නොමැති බවත්ය.

මුලාශ්‍ර – 01 02 03

109,839 views

35 Comments to “‘පැණි සුමනේ’ යයි ගැරහූ කොරෝනා ඖෂධය තායිලන්තයේ රෝගීන්ට දීම අනුමත කෙරේ.. රෝගීන් සුව වේ..”

  1. radical deshadrohi marxist says:

    Kalakanni radical marxwaadiyo, thuppahi kalusuddangen pirichcha colomba samjaya saha ratata

    hathurukam karanna mana balana koti diasporawa saha unge sinhala agents la nisa mulu ratatama karala

    thiyena saha karana aparaada nisa deshiya kisima deyakata thanak natha.

  2. Truth says:

    මොකා මොනවා කීව්වත් හරි දේ කිරීම බලදරීන්ගේ වැඩක්. පැණිය හරිනම් පර්යේෂණ කරලා එලියට දැම්මනම් ඉවරයි. වටේ යන්නේ නැතිව.

  3. සේනක රාජපස්ස says:

    මේක නම් වෙන්නම බෑ, වෙන්නම බෑ. බිම් කොහොඹ දීල කොහොමද කොරෝනා හොද කරන්නෙ. මේක ජයසුමනයා තායිලන්තෙ රජත් එක්ක එකතු වෙලා ගහපු ගේමක්..

    • Aruni says:

      I don’t know who you are. But don’t criticise the people like this. Dr. Channa Jayasumana is a well educated person and loves our country very much. Don’t underestimate our herbal medicine. I feel bad that our country is filled with people as pathetic as you.

  4. සීයා පප්පා says:

    ඔන්න කොල්ලනේ කෙරේමෙ . දැං බීපල්ලා එංගලංතෙ මොකෝ තායිලංතෙ මොකෝ . දෙකම මේ රටිං පිට ලංත නොවැ . ලංකාවෙ හැම එහෙකටම ලංත කෑල්ලක් ඇලෙව්වා නං හරි නේ . එත කොට බිංකොහොඹ , සාදික්කා , කොත්තමල්ලි ඔක්කෝම රට පොරිජිං වෙනවා , ඒවගේම දිරෝනවා . අජීරනේ වෙන්නෑ .

    • Santha Kumara says:

      Ape rate mokuth karanda bari hama magulatama desapalane ringala thitenne kotinnma kiyanawanam puken wetena bettath.desapalaneekaranaya wela dan

  5. Awishka says:

    මිට මාස දෙකකට කලින් මෙම රෝගයට අමිල සංජිව කියල හෙළ වෛද්‍යවරයෙක් ප්‍රසිද්ධ කරලා තිබුන බෙහෙත් වට්ටෝරුවේත් බින්කොහොබ තිබුන.
    තවද, ඉහල දැනුමක් ඇති තවත් හෙළ වෛද්‍යවරුන් ගණනාවක් මුල සිටම තමන්ගේ පාරම්පරික දැනුම අනුව බෙහෙත් කියා තිබුණා. ඒත් ඒවාට පර්යේෂණ මට්ටමින් කව්රුවත් අවධානය යොමු කලේ නෑ.

    • abc says:

      කරන්නෙ කොහෙද බං විද්යා මූලදර්මවාදියෝ පැණිසුමනේ කියලා අපහාස කරද්දී මොන උගත් මනුස්සයද ඕවට ඉදිරිපත් වෙන්නේ? වෙන ආණ්ඩුවක් තිබුනනම් ධම්මික බන්ඩාර මහතගේ බෙහෙත මුලින්ම ටෙස්ට් කරපු දොස්තරලා දැන් ගෙදර.

  6. bua says:

    ane api peni tikaka arake gaa gamuda? bindu deka thunak ethulata dagamuda? mokada api weera helayone. heluwen oyi den inne.

  7. SSS says:

    Thailand is a country that has controlled the corona virus really well. Now it has only 9000 total cases and 61 deaths. Please don’t trust this news, it is fake.

  8. සිංහල බන්ඩා says:

    ගමෙන් ඇවිත් බටහිර වෙද්දු වී මුල අමතක කල ජාසිංහලාට මල කෙලියය්.

  9. ඩිංගිරි says:

    අනේ පව් මෙතන කොටන ගොන් බූරු පැණි බයියෝ හිතා ගෙන ඉන්නේ තායිලන්තේ දීලා තියෙන්නේත් පිස්සු කපුවගේ සාදික්කා පැණිය කියලා වගේ. යකෝ මේක හොඳට පරීක්ෂා කරපු බෙහෙතක්. එහෙම නැතිව කාලි ජූස් එක වගේ හීනෙන් ඇවිල්ලා කියපු ලබ්බාක් නෙවෙයි.

    • wasu says:

      මෙතන කවුරුත් එහෙම හිතල නෑ. එහෙම හිතුව කියල උඹට පොඩි චූන් එකක් ගිහිල්ල. පඩත්තලයෝ මෙතන කියන්නේ තොපේ තියෙන බලුකමට ලංකාවේ මේ වගේ පරීක්ෂණයක් කරන්න දෙන්නේ නෑ කියල. ලංකාවේ ගොන් දොස්තරලා හිතාගෙන ඉන්නේ උන් දොස්තර උන පලියට ඕන දෙයක් කියන්න පුළුවන්, කරන්න පුළුවන්, උන් තමයි ඔක්කොම දන්නේ, ඔක්කොම උන්ට යටයි කියල.

    • damian says:

      පිස්සු කපුවගෙන් පැණි බොන්න පෝලිමේ පොර කෑවේ මෝඩ පුතාට චන් දෙ දෙන්න පෝලිමේ ගිය ගොබ්බයෝ.

Main News