‘පැදුර එලාලා රෙදි කැටි කරලා උඩ හිලෙ යට උල වද්දන්නේ..’- ජනපති මෛත‍්‍රී වයඹ ඇල වේදිකාව කවියෙන් පිනවයි..[Video]

August 24, 2018 at 10:54 pm | lanka C news
‘පැදුර එලාලා රෙදි කැටි කරලා උඩ හිලෙ යට උල වද්දන්නේ..’- ජනපති මෛත‍්‍රී වයඹ ඇල වේදිකාව කවියෙන් පිනවයි..[Video]

වයඹ පළාතේ උතුරු කොටස වෙත මහවැලි ජලය හැරවීමේ වයඹ ඇළ ව්‍යාපෘතිය දෙවැනි අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද නිල වශයෙන් ආරම්භ විය.

ඒ අනුව වයඹ පළාත් ඇළ ව්‍යාපෘති කාර්යාලය ජනාධිපතිවරයා විසින් අද දිනයේ විවෘත කරන ලදි.

මෙම ව්‍යාපෘතිය 2024 දීම අවසන් වීමට නියමිත අතර මිලියන 16,000ක් ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇත.

එම සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා කියා සිටි කවි තේරවිල්ල සැමගේ අවධානය ගත් අතර එහි සිටි එක් පුද්ගලයෙක් එම තේරවිල්ල සඳහා පිළිතුර වේදිකාවට පැමිණ ලබා දුන්නේය.

ජනාධිපතිවරයා විසින් එහිදී විමසනු ලැබූ තේරවිලි කවිය මෙසේය.

රෑ කල බලලා හරිබරි ගැහිලා කුප්පි එලියටයි පැදුර එලන්නේ
පැදුර එලාලා රෙදි කැටි කරලා උඩ හිලෙ යට උල වද්දන්නේ
නෑ හැක ටික ටික හිලට එබූ කල දෙබෑව අතරින් පිටි එන්නේ
මේ ටික තෝරා දුන්නොත් නෑනෝ නුඹයි පැලට මං වඩමන්නේ

එහි පිලිතුර කුරක්කන් ගල විය.

1,303 views

15 Comments to “‘පැදුර එලාලා රෙදි කැටි කරලා උඩ හිලෙ යට උල වද්දන්නේ..’- ජනපති මෛත‍්‍රී වයඹ ඇල වේදිකාව කවියෙන් පිනවයි..[Video]”

  1. Vasana says:

    මේ කවි කියන කාලයක්ද ? මුළු රටම අගදයේ ..රටම ගිනි තියමින් සිරිසේන කුරක්කන් ගල ගැන කවි කියනවලු
    මොලේ හොදටම අවුල්ද ? අහෝ රටකට සිදුවූ විනාශයක් ,සිංහලයා තාම නිදිද ?
    මේවා අහගෙන සිටින රට ජාතියට ආදරයක් නැති අවස්ථාවාදී මිනිසුන්ට මඩුවලිගෙන් ගහලත් මදි

    • Banda says:

      Where is Ivan de Silva, who is behind all these Water Resources Development? Tell the truth of Moragahakanda and how you pushed this Project while My3 was ineffective.

      • සුදු අයියා says:

        අනේ ඔය අසහනේ
        නැති කර ගන්නට
        ශර්මි කුමාරිට
        එන්න කියන්නකෝ

    • Samuvel says:

      “චූඩ මෝන්” එකක් . නැත්නම් “පන් ගෝට්” එකක්.

    • Spartacus says:

      මේකේ තේරුම කුරක්කන් ගල වෙන්න ඇති. එත් බැලුබැල්මට අමු කුණුහරුපයක්. කුණුහරුපයක් කියල එකේ තේරුම වෙනත් දෙයක් බව පැවසීම කුණුහරුප කීමට සමාජයේ ඇති බාදාව සමනය කිරීමට ක්‍රමයක්. මේක සාහිත්‍ය කියල ඇග බේරගන්නත් බලයි. කවි කියනවනම් මීට වැඩ හොද ලස්සන අලංකාර කවි තියෙනවා.
      සරලය කිහොමත් මේ වගේ දේවල් ප්‍රසිද්දියේ කියල අතල් ගන්න පොරක්. තනපට කතාව, මඩු වලිගය, උඩ හිලේ සහ යට උලෙ කතාව.

  2. දමයන්ති says:

    සුදු අයියේ ඔයාගේ දක්ෂකම හරිම අපුරුයි .
    ඔයා ගේ නියම චරිතේ ඔය එන්නේ අපුරුවට එලියට
    ඔය වගේ හිත කිතිකවෙන දේවල් අහගෙන ඉන්න
    කාන්තා අපි හරි කැමතියි

    • දොරටුපාල says:

      එල්ලුං ගහේ ඔංචිලි පැද පැද කුරහංගල් පැල්කවි කියකිය හිටං!

  3. ඔයිට වැඩිය හොඳයි නාවලපිටිය ස්‍ටේෂමේ ඉස්සොවඩේ වික්කනම් කවි කියමින් එයයි ගැලපෙන රස්සාව. නොදෝකින් ලක්‍ෂ62කේ ගොන්නු රටට කල විනාශය.

    • Asaranaya says:

      මුගේ තියෙන වල්කම, ගුල යි උලයි ඇත්නම් පඹයට මාර ආතල්

    • නිර්වස්ත්‍රං ඇනිබලා says:

      හිනා යනවා ඕයි! තමුසෙගෙ කාමන්ට් එකට.

  4. peedithaya says:

    Hariyata O.L wath nethikota ette pahath ruchikathwayak. pahath windanayak. me tharam therawili thiyeddi, thoragatte walai ulayi eyage rasama kawiya??

    gamakwath koranna beri nuuuuuugathata ratak bara deele.. hora ranil meken weda gannawa.
    G.L , Harsha, Sarath Amunugama, bandula gune, Sambandan weni ugathunge katha ahanna aasayi
    O.L pawa nethi harak 100 wediyi. mun thama UGATH RATAWESIYANTA NEETHI HADANNE
    nodokin kalakanni, nuuugath chandadayakayo

  5. අපි ගොන්නු..... says:

    ෂිහ්…….මෙයා විවෘත කරලා තියෙන්නෙ මසාජ්… ෙපාට් එකක්ද?

  6. karu says:

    reddha issuwa
    buwa dakka
    boowa kaduwa ate dakka
    ate kaduwa polla dakka
    polla iruwa lunu rasai

    mokakda ? thambapu bada iguru,
    Jayawewa!

    • උපුලී says:

      ලොක්කගෙ තේරවිල්ලට බොහොමත්ම කිට්ටු තේරවිල්ලක් ඕයි! මාරයි හොදට ගැලපෙවා.

Main News