පැනඩෝරා ඩොලර් ලංකාවට ගෙන ආ යුතුයි.. එය ඩොලර් හිගයට විසදුමක්…

October 7, 2021 at 10:40 am | lanka C news
පැනඩෝරා ඩොලර් ලංකාවට ගෙන ආ යුතුයි.. එය ඩොලර් හිගයට විසදුමක්…

පැනඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් වී ඇති මුදල් ශ්‍රී ලංකාවට ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟයක් ඇති වී තිබෙන අවස්ථාවක විදේශ මුදල් ගෙන්වා ගැනීම අවශ්‍ය බවත් ඒ මහතා පෙන්වා දෙයි.

හෙලිදරවු වී ඇති ඩොලර් ප්‍රමාණය ලංකාවට ගෙන්වා ගෙන්වාගත හැකි නම් ඉතාම හොඳ බවත් පවසන ඔහු මේ සම්බන්ධයෙන් වහා පරීක්ෂණ කළ යුතු බවද කියා සිටියි.

පැනඩෝරා හෙලිදරව්ව ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

29,693 views

17 Comments to “පැනඩෝරා ඩොලර් ලංකාවට ගෙන ආ යුතුයි.. එය ඩොලර් හිගයට විසදුමක්…”

  1. පැන්ඩෝරා පේපර්ස් says:

    කිසිම හිරිකිතටක් නැතුව චෞර වලල්ලට බලයට ඒමට දරදිය ඇදලා , 20 සම්මත කරගෙන ද්විත්ව පුරවැසියන්ට පාර්ලීමේන්තුවට එන්න ඉඩ හැරලා , කළු සල්ලී සුදු කරන මුදල් පනත් වලට අත උස්සලා , දැන් කියනවා , මෙව්වා හොයලා ඩොලර් ගේන්න සහයොගය දෙන්නලු. මේ රට අද පවතින තත්වයට මුලුමනින්ම වගකිව යුතු කොටසක පාර්ශවකාරයෙක් තමයි දයාසිරි කියන්නේ , එදා 2015 දී අමාරුවෙන් මිනිස්සු යහපාලනයක් ගෙනාවේ රාජපක්ෂලා එක්ක එකගෙයි කන්නද ? පාස්කූ ප්‍රහාරය වෙනකං බලාගෙන ඉදලා , මේ රට ආපහු චෞර වලල්ලට අත්පත් වෙන්න පාර කපලා , දැන් ඔය කිබුල් කදුළු හෙලුවට වැඩක් නෑ. 2015 දී මෛත්‍රීපාලව විශ්වාෂ කරලා චන්දේ දුන්නට ඉස්සරහට මේ රටේ හිතන්න බුද්ධියක් තියෙන මනුස්සයා තමුන්නාන්සෙලාව බලයට ගේන්න උත්සාහ දරන එකක් නෑ. එහෙම කරලා තේරුමකුත් නෑ.

    • පැනමා පේපර්ස් says:

      මචං අර කාලෙකට කලින් Panama පේපර්ස් කියලා එලියට ආපු එකෙන් කිදෙනෙක් හිරේ ගියාද? මොන රටවලද? ලංකාවෙි නමි කිියක් ඒ වල තිබුනද? ඒ කවිද?

      • පැන්ඩෝරා පේපර්ස් says:

        ඔය හැම පේපරේකම ඉන්න අය ගැනයි , මේ රටේ දුශණ වංචා තියෙන ඔක්කොම ගැනයි හොයන්න එපැයි , උන්ට නිතීප්‍රකාරව දඩුවම් දෙන්නත් ඔනනේ , උන් නියොජනය කරන පාට පක්ශ අදාලා නෑ , හැම හොරාම ඉන්න ඔනේ , හිරගෙවල් වල මිසක් මාලිගාවල නෙමෙයි නේ.

    • Kaputa says:

      2015 ආමාරැවෙන් ගෙනාපු ලබිබෙන් උනේ ගවපාලුවෝ ජෙප්පොයි දෙමල ඩයස්පෝරවයි එකතුවෙලා රට වලපල්ලට යවපු එක විතරමයි

      • පැන්ඩෝරා පේපර්ස් says:

        දැන් රට සුරපුරයක් වෙලානේ නේද බන් ?

        • Panama Papers says:

          උඹලා වගේ එවුන් නැත්තන් මෙලහට වෙලා තමයි බන්

    • Saji says:

      ane mahattayo pandora paperswala nama thibba paliyata minissu horu newei bang. pareekshanayak karala waeradi ayekda naedda kiyala theeranaya kala yuthui. nirupa rajapaksage mahattaya nadesan business karayek. ohuta neethyanukulawa hamba kala dhanaya thiyenta baerida? namuth kavuru unath waeradinam a bawa helikota danduwam laba denta thama janapati pareekshana karanta kiya noyiga deela thiyenne.

      • පැන්ඩෝරා පේපර්ස් says:

        නිත්‍යානුකූලව හම්බ කරන හැම සතේකට මේ රටේ බදු ගෙවන්න ඔනේ , ඒ ආදායම් වාර්තා ඉදිරිපත් කරන්න ඔනේ ,පැන්ඩොරා පේපර්ස් හරහා එලියට එන්නේ කුප්‍රකටව හම්බ කරගත්ත මුදල් වෙනත් රටවල ආයොජනය කරපු ආකාරයන් ගැන , ඒ අදාල මුදල් හම්බ කලේ කොහොමද කියලා ICIJ ප්‍රශ්ණ කරනොකට සද්දේ වහලා ඉන්නේ ඇයි? ඉස්සෙල්ලාම අනර්ජාලයෙන් හොයලා බලහං කොහොමද අයථා ගනුදෙනු වලින් හරි හම්බ කරපු මුදල් විශුද්ධිකරණය කරන්නේ කොහොමද කියලා ; එකත් හොයාගන්න බැරිනං කියහං මුල ඉදලා අගට මං කියලා දෙන්නං.

  2. බන්ඩා says:

    පාච රණවක නම් කියන්නෙ කොමිස් යනු සාධාරන ඉපයිස් බවය්.

  3. පැන්ඩෝරා පේපර්ස් says:

    2020 ලංකාවේ ධනවත්ම පුද්ගලයගේ වත්කම ඇ.ඩො.මි 500 යි , ඒ ධම්මික පෙරෙරගේ , 2011 වෙනකොට නිරුපමා සහ තිරු නඩේශන්ගේ වත්කම ආසන්න වශයෙන් ඇ.ඩො.මි 170 යි , අවම වශයෙන් අවුරුද්දකට ඇ.ඩො.මි 50 ක් හෙව්වත් , පසුගිය අවුරුදු 10 ට එකතුවන වත්කම් ඇ.ඩො.මි ±500 + 170 එ කියන්නේ ආසන්න වශයෙන් ඇ.ඩො.මි 670 ක් පමණ. මේ එක්කෙනෙක් විතරයි , සුළු පංගුවක් විතරයි. කොහොමද ආතල් එක ? දැන් ඉතින් හිතප්ල්ලා මේ රට ලොකෙටම ණය උනේ කොහොමද කියලා. දැන් ශැපද ? තව උඩදාගෙන ගිහිල්ලා , ඇම්ම හොදවෙනකං දීපං රැව්වලටයි ,ලබ්බටයි.

    • පැනමා පේපර්ස් says:

      මචං අර කාලෙකට කලින් Panama පේපර්ස් කියලා එලියට ආපු එකෙන් කිදෙනෙක් හිරේ ගියාද? ලංකාවෙි නමි කිියක් ඒ වල තිබුනද? ඒ කවිද?

    • පැනමා පේපර්ස් says:

      ඒ.. ගොමරාජ්කවිද බං විද්‍යා අමරපාල කියන්නේ?

    • පැන්ඩෝරා පේපර්ස් says:

      විද්‍යා අමරපාල වගේම , යාපා හෙට්ටිපට්තිරණලාගේ නිශ්ශංක යාපා සේනාධිපතිගෙත් නම තියෙනවනේ බන් ? ඒ දෙකමයි අර ලැයිස්තුවේ ඉන්න ඔක්කොමයි හොයන්න ඔනේ නේද මතං ?
      https://offshoreleaks.icij.org/nodes/10209946

  4. Gamarala says:

    මුන්ට චන්දේ දුන් බුරුවන්ට දැන් සැපද?

  5. Ashan perera says:

    Yahapalaneta wada one ekak hodai. Un hitiyanan raren bagayak korona walking marila

  6. Janaka from Matara says:

    මේ මැතිඳගෙ මොළේ මට නං පේන්නෙ මුං ඇටයක් සයිස්.

Leave a Comment

Main News