පැනඩෝරා පත‍්‍රිකා ගැන අහන්න නිරූපමා අල්ලස් කොමිසටම කැදවයි…

October 25, 2021 at 5:30 pm | lanka C news
පැනඩෝරා පත‍්‍රිකා ගැන අහන්න නිරූපමා අල්ලස් කොමිසටම කැදවයි…

හිටපු රාජ්‍ය ඇමතිනියක වන නිරූපමා රාජපක්ෂ මහත්මිය අල්ලස් හා දූෂණ කොමිසමට කැඳවීමට නියමිතව ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

පැනඩෝරා පත්‍රිකාවලින් හෙළිදරව් කර ඇති වත්කම් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීමට ඇය කැඳවීමට නියමිතව තිබේ.

ඇයගේ සැමියා වන තිරුකුමාර් නිඩේෂන් මහතා අල්ලස් කොමිසම විසින් දෙවතාවක දී කැඳවා ප්‍රකාශ සටහන් කරගන්නා ලදී.

එහිදී ඔහු තමන්ට එල්ලවන චෝදනාවලින් වැඩි පිරිසක් ප්‍රතික්ෂේප කරන බව කොමිසමට දැනුම් දී තිබේ.

නිරූපමා රාජපක්ෂ මහත්මිය 1994 සිට 2015 දක්වා වසර 16 ක පමණ කාලයක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක, නියෝජ්‍ය අමාත්‍යවරිය හා රාජ්‍ය අමාත්‍යවරියක ලෙස විටින් විට කටයුතු කර තිබේ.

12,460 views

9 Comments to “පැනඩෝරා පත‍්‍රිකා ගැන අහන්න නිරූපමා අල්ලස් කොමිසටම කැදවයි…”

  1. Jagath says:

    මුන් අපිව හිනස්සලා මරන්න හදන්නේ 😄😄😄😄
    රාජපක්ෂ ජෝකර් ස්.

  2. Sam says:

    සොරාගේ මව්ගෙන් සාත්‍තර අහනවා වගේ නේද

  3. Susantha says:

    Me’n kiyalaa allalaa hire daala horaa kaapu salli tikath raajasanthaka karalaa …… Rajapakshala kiyanne ehemai, eka ratak eka neethiyak….ammage redda

  4. On The Spot says:

    මේවාට උත්තර දෙන්නට නිරූ පමා වූවාද කියා අපට සිතේ.පමා වී හෝ උත්තර දෙන එකත් හොඳ වැඩකි.නිරූගේ සැමියා තිරූ චෝදනාවලින් වැඩි හරියක් ප්‍රතික්‍ෂේප කර ඇත​.නිරූද පමාවී හෝ තිරූ ගිය පාරේම යනු ඇත​.ඉතිරිව ඇත්තේ සොච්චමකි.ඒවාත් ප්‍රතික්‍ෂේප කල පසු නිරූ හා තිරූ පැන්ඩෝරා හලා දමා පැනමාවෙන් නා සුපිරිසිදු වී දියවන්නාවේ ලැගුම් ගනු ඇත​.

    • wimalasena H.D. says:

      para demalage ganda suruttu pakai wesa huththee nirupamaage durghandaya hamana mahaa kombayai mun
      dennaavama vahaama ellanna onedo.

  5. 3% ට බය බයියා. says:

    නිදොස් කොට නිදහස් කරයි .

  6. nihal says:

    Sure. She will get capital punishment.

  7. සහන් says:

    වහල් බයියෝ මීඉක් නෑ මේවාට.
    මොකා කරත් වැරැද්ද වැරැද්ද විදියට දකින නිවහල් මිනිස්සු ඉන්න රටක් හැදෙනකන් මේ හොරු රජවෙයි.
    අන්තිමට ඔය වහල්ලුන්ට හම්බෙන ලබ්බකුත් නැතිවෙයි.

  8. 69 MIN BAIYOO says:

    මුන් අපිව හිනස්සලා මරන්න හදන්නේ 😄😄😄😄
    රාජපක්ෂ ජෝකර් ස්.

Main News