පැනඩෝරා සාක්‍ෂි රන්ජන් සතුව.. හඬපටත් තිබේලු…

October 13, 2021 at 10:00 am | lanka C news
පැනඩෝරා සාක්‍ෂි රන්ජන් සතුව.. හඬපටත් තිබේලු…

මෑතක දී හෙළිදරව් කරන ලද පැනඩෝරා පත්‍රිකාවල චෝදනාවලට අදාල සාක්ෂි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සතුව ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරයි.

පැනඩෝරා හෙලිදරවුවලට අදාල චෝදනාවන් හි සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීම අවශ්‍ය තොරතුරු ඇති බවට රාමනායක හිටපු මන්ත්‍රීවරයා ලිපියක් ඉදිරිපත් කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එනිසා රාමනායක හිටපු මන්ත්‍රීවරයා අනිවාර්යෙන්ම සාක්ෂි සඳහා කැඳවන ලෙස ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් හිටපු මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

පැනඩෝරා හෙළිදරව්වට අදාළ සාක්ෂි තමන් සතුව ඇති බවත් ඒ සඳහා වන හඬ පට ද ඇති බවත් රාමනායක හිටපු මන්ත්‍රීවරයා තමන් සමග ප්‍රකාශ කළ බවද වෙදාරච්චි මහතා පැවසීය.

70,230 views

18 Comments to “පැනඩෝරා සාක්‍ෂි රන්ජන් සතුව.. හඬපටත් තිබේලු…”

  1. සෙරෙප්පු සුප් says:

    ආයෙ රන්ජව ගෙනල්ල ගොන් ආතල් දීපල්ලා.බඩු මිල වැඩි උනා කියල කිරිබත් කාපල්ලා,මරු බං ආතල් දෙනව කියල ඔහොම දෙන්න එපා බොලව්.පියානෝ ගහන පුතානෝ කට ඇරියොත් තණ කොල ගෝනියක් විසි වෙනව එළියට.වටේ ඉන්න වෙද ආරච්චිය වගේ උන් එව්ව කනව රස කර කර​.ආතල් නේද බං,ආණ්ඩුවෙ ඉන්න වෘෂභ රාජයොත් මුන්ට දෙවෙනි වෙන්නෙ නැහැ.උනුත් දෙන්නෙ පට්ට ආතල්.ඉන්දිය සාගරේ මුතු ඇටේ,මෙහෙම ගියොත් ඉතුරු වෙයිද ඇටේ.

  2. RED BULL says:

    සාක්‍ෂි නැතුව හිරේ ගිය එකා අනුන්ට සාක්‍ෂි කියන්න යනව​.අනේ මූ නම් මහ මෝඩ මූසල මී හරකෙක් බං.

  3. සිහ නද says:

    ඕනෑම ගොබ්බ මී හරකෙකුට පොරක් පුළුවන් රටක් මේක , පොඩි දෙයයි කරන්න ඕන . ජීවිතේම ගොබ්බ වැඩ කරල එක පොර ටෝක් එකක් දුන්නම ඇති , එදා ඉඳල ඌ වීරයෙක් . අය්යෝ මිනිස්සුන්ගේ ජන විඤානයට ගිය කලක් .පරමාදර්ශී චරිතයක් තියේද බලන්න ඕන උගේ වීර කතාව පිළිගන්න කලින් .රන්ජන් විතරක් නෙවෙයි ඕනෑම එකෙක් ගැනයි මේ කියන්නේ .

  4. David Milli-banda says:

    Evidence must be against Bimal Ratnayake ?????

  5. ගමරාල says:

    පැන්ඩෝරා papers එනකන් තෝ පකටද ඕක හංගගෙන හිටියේ? තොපි ඔක්කෝටම වැඩිය හොරු බල්ලෝ.

Leave a Comment

Main News