‘පැනඩෝරා’ හෙලිදරවුව ගැන ගම්මන්පිල පරීක්‍ෂණයක් ඉල්ලයි…

October 4, 2021 at 10:22 pm | lanka C news
‘පැනඩෝරා’ හෙලිදරවුව ගැන ගම්මන්පිල පරීක්‍ෂණයක් ඉල්ලයි…

ලෝකය පුරා ආන්දෝලනයක් ඇති කර ඇති තිබෙන පැනඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අදහස් පළ කරයි.

ඔහු පවසන්නේ එම පත්‍රිකා වන්හි යම්කිසි දේශපාලනඥයින් ගැන විස්තර තිබේ නම් ඔවුන්ගේ දේපළ පිළිබඳ උපයා ගත් ආකාරය පිළිබඳව අල්ලස් හා දුෂණ කොමිසන් සභාව අනිවාර්යෙන්ම සොයා බැලිය යුතු බවයි.

තමන් දන්නා තරමින් ව්‍යාපාරික පවුලකට සම්බන්ද විශ්‍රාමික දේශපාලනඥයකුගේ නමක් එහි ඇති බව පැවසුනද ඒ හැරුණු විට එහි වෙනත් දේශපාලනයන්ගේ නම් නැතැයිද අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් මේ ගැන කතා කිරීමට වඩා වැදගත් වන්නේ ඔවුන් අයුතු ලෙස දේපල උපයාගත්තේදැයි වහාම සොයා බැලීම බවද ඔහු පැවසීය.

බලශක්ති අමාත්‍යංශයේදි පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

64,307 views

18 Comments to “‘පැනඩෝරා’ හෙලිදරවුව ගැන ගම්මන්පිල පරීක්‍ෂණයක් ඉල්ලයි…”

  1. පැන්ඩෝරා පේපර්ස් says:

    හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ටත් බැරි වුනා ගෙම්බා වගේ සුරංගනා කතා කියන්න. හැබැයි ඉතින් ගොං බෛයො මුගේ බෛලා වලට ඇන්දෙන්න බලාගෙන ඉන්නේ.

  2. Sena says:

    දැන් අල්ලස් දූෂණ කොමිසමෙන් වැඩක් නැති බව ඔයා දන්නෙම නැද්ද

  3. SAMAN JAYARATNE says:

    හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ටත් බැරි වුනා ගෙම්බා වගේ සුරංගනා කතා කියන්න. හැබැයි ඉතින් ගොං බෛයො මුගේ බෛලා වලට ඇන්දෙන්න බලාගෙන ඉන්නේ.

  4. Jagath says:

    Ausi wayaparikayek rawata dollr miliyana ganak hirakam kala gammanpila ganath hayanna

  5. Hesh says:

    අනිවාර්යෙන්. ඒ වගේම පැනමා පේපර්ස් ගැනත් පරීක්ශනයක් අවශ්යයි. ඒක කවුරුත් ගනන් ගත්තේ නෑ රාජපක්ශ කෙනෙක් නොහිටපු නිසා. හැබැයි ඒකේ ශ්‍රීලාන්කිකයෝ 7 හිටියා.

  6. Iqbal says:

    පරීක්ෂණ පුතිඵල දැන්ම ම කියන්නද??????????????