පැනමා පත‍්‍රිකාවලට මගේ නම දැමීම කුමන්ත‍්‍රණයක්..- විද්‍යා අමරපාල

October 7, 2021 at 3:00 pm | lanka C news
පැනමා පත‍්‍රිකාවලට මගේ නම දැමීම කුමන්ත‍්‍රණයක්..- විද්‍යා අමරපාල

2016 වසරේ හෙළිදරව් කරන ලද ආන්දෝලනාත්මක පැනමා පත්‍රිකා මගින් එල්ල වූ චෝදනා පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන විද්‍යා අමරපාල මහතා නිවේදනයක් නිකුත් කරයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනය

විද්‍යා අමරපාල වන මා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයෙකු ලෙසත් පසුව මෙගාපොලිස් සහ බස්නාහිර පලාත් සංවර්ධන අමාත්‍යංශයේ උපදේශක වරයෙකු ලෙසත් කටයුතු කර ඇත්තෙමි. මා සම්බන්ධයෙන් ඉතාම ද්වේශ සහගත ලෙසත්, ව්‍යාජලෙසත් නිර්මාණය කෙරුණු අසත්‍ය තොරතුරක්, යළි යළිත් හිතාමතාම ප්‍රචාරය කරමින්, දේශපාලන වාසි ලබා ගැනීමටත්, පෞද්ගලිකව මා අපකීර්තියට පත් කිරීමටත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව පෙනේ. මෙම අසත්‍ය චෝදනා සම්බන්ධව නිසි පරීක්ෂණයක් මෙරට නීති පද්ධතිය හරහා සිදු කොට එම චෝදනා සියල්ල කිසිදු පදනමකින් තොර බව තහවුරු කර තිබේ.

මා වෘත්තියෙන් ඉන්ජිනේරුවකු වන අතර මාගේ විශේෂ උනන්දුව ඇත්තේ පුණර්ජනනීය බලශක්තිය සහ ව්‍යාපාර කළමණාකරනය සම්බන්ධයෙනි. මා වර්ෂ 2012 සිට  ලෝක පුණර්ජනනීය බලශක්ති කොංග්‍රසයේ අධ්‍යක්ෂක සහ මාණ්ඩලික සභිකයෙකු ලෙසත්, වර්ෂ 2015 සිට ලෝක පුණර්ජනනීය බලශක්ති ජාලයෙහි උපදේශකයකු ලෙසත් කටයුතු කරමි. මේ වන විට මා ආචාර්‍ය උපාධිය සදහා එක්සත් රාජධානියේ අධ්‍යාපනය හදාරමින් සිටිමි.

මා වර්ෂ 2000 සිට 2010 දක්වා IWS Holdings ආයතනයේ සේවයේ නියුතු වූ අතර එම සමූහ ව්‍යාපාරයට අයත් සිංගප්පූරුවේ පිහිටි Sovereign Capital Corporation ආයතනයේ  අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කළෙමි.

වර්ෂ 2010 දී මා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති වශයෙන් පත් කිරීමට එවකට අමාත්‍ය වරයා වූ චම්පික රණවක මහතා ක්‍රියාකළ අතර එම තනතුර භාර ගැනීමට ප්‍රථම මා IWS Holdings ආයතනයේ සියළු තනතුරු වලින් ඉල්ලා අස් වූයෙමි. චම්පික රණවක හිටපු අමාත්‍යවරයා විසින් ඉතා දැඩිලෙස අනුගමනය කළ උසස් වෘත්තීය සදාචාරාත්මක මූලධර්ම සමග අනුයාත වෙමින් මාද මාගේ සියලු වත්කම් සහ ලබැදියාවන් හෙලිකර දැනුම්දී ඇති අතර නිසි ලෙස එම ලිපිගොනු යාවත්කාලීන කර ඇත.

2016 වරෂයේ පළවූ ආන්දෝලනාත්මක පැනමා පේපර්ස්, අක්වෙරළ ගිණුම් හිමියන් (Panama Paper offshore account holders) නාම ලේඛනයේහි කිසිදු තැනෙක මාගේ නම සදහන් නොවීය. එහෙත් දේශපාලනික න්‍යායපත්‍රයක් අනුව ක්‍රියාත්මක වන මාධ්‍ය ආයතන කිහිපයක් මගින් ඉහත WikiLeaks හරහා හෙළිදරව් කළ අක්වෙරළ බැංකු ගිණුම් (offshore account holders) ඇති අයගේ නාම ලේඛණය සමග ඊට කලින් 2013 වර්ෂයේ WikiLeaks හි පලවූ අක්වෙරළ ආයතන අධ්‍යක්ෂකවරුන්ගේ නාම ලේඛනයද අමුණා තිබුණි. එහි මා පෙර සදහන් කළ පරිදි මා 2003 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා සේවය  කළ සිංගප්පූරුවේ  Sovereign Capital Corporation ආයතනයේ අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කළ බව සදහන් විය. මා එම ආයතනයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් සේවයකළේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති වරයා ලෙස පත්වූ  2010 වර්ෂයට කලින් වන අතර අක්වෙරළ ගිණුම් ඇති අයගේ ලැයිස්තුවේ මාගේ නම නොතිබුණි.

එබැවින්, සාවද්‍ය කරුණු මත පදනම්ව ඉතාම ද්වේශ සහගත ලෙස ගෙන යන මෙම ප්‍රචාරය පදනම් විරහිත බවත්, මේ සම්බන්දයෙන් බරපතල මූල්‍ය අපරාධ විමර්ෂණ කොමිසම FCID මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් කරන ලද විමර්ෂණ දෙකකින්ම මෙම චෝදනා අසත්‍ය, පදනම් විරහිත, ගොතන ලද කතා බව පැහැදිලිව හෙලිදරව් විය.  ඒ  අනුව මේ සම්බන්ධයෙන් මට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියේ ගොනු කර තිබූ නඩුව 2019 වර්ෂයේදී ඉවත දමන ලදි.

විද්‍යා දිල්රුක් අමරපාල

92,064 views

20 Comments to “පැනමා පත‍්‍රිකාවලට මගේ නම දැමීම කුමන්ත‍්‍රණයක්..- විද්‍යා අමරපාල”

  1. සේන ගලපිට says:

    උඹලට ජාතයාන්තරයට බොරු කරන්න බැහැ බං. චම්පිකයගේ කළු සල්ලි උඹේ නමින් බැංකු පද්ධතියට දාලා තියෙන්නේ. ඒක මුළු ලොවම දන්නා සත්‍යයක්. බොරුවට නොකහ හිටපං.

  2. Lasantha de Silva says:

    Who the blue hell is this idiotic ROGUE?

  3. CEB and Corruption says:

    චම්පික ගේ 10% දැන් ගන්නේ අර කන්නාඩි දාල ඉන්න ඉස්සර රට ගැන ,ජාතිය ගැන ආගම ගණක සුදු ඇඳගෙන ඇවිත් කෑ ගහපු හාදයා කියල තමා ආරංචි.

    ආණ්ඩුව් ,රජයේ ඇමති ල project වලින් ,කොන්තරාත් කරුවන්ගේ (රනිල් ඇතුළුව ) 10%-20% ගන්නවා කියන එක ප්‍රසිද්ධ රහස්. project ගෙනෙන ඒජන්ට් ල එකතුවෙලා ගහන ගැහිලිත් ප්‍රසිද්ධයි. මේ හැම සතයක් ම රටේ මහජනයාගේ සල්ලි . තමන් කාල බීල සැප ඉන්නේ ඒ හොරා කාපු මුදල් වලින්

    • පැන්ඩෝරා පේපර්ස් says:

      ගොං බිජ්ජො , දැන් උබලට “ආරංචි”යි,යකො පැනමා පේපර්ස් වල පොල් තඩි අකුරෙන් නිශ්ශංක සේනාධිපති ගේ නම තියෙනවා , පැන්ඩොරා පේපර්ස් වල පවර් ප්ලේයර්ස්ලගේ එලීට් ලිස්ට් එකේ රුපෙකුත් එක්ක නිරුපමා රාජපක්ෂගේ පැටිකිරිය තියනවා , අර ඇගිලි කොට සේමසිංහයයි , නොමල් බෙබීයී කියන මොංගල් කතාවක් අල්ලගෙන මුන් මරු කියොනවා , ගොං බෛයො උබලා නොදන්නවා උනාට , මේ රටේ මොලේ කලදක් තියෙන මිනිස්සුයි , ජාත්‍යන්තරයයි මේ හොරු කවුද කියලා දන්නවා , සාක්ශී එක්ක , නමුත් එක්ක සහ රූපත් එක්ක. මගුලක් කියවන්නැතුව හිටහං ! 😂😂😂

      • Panama Papers says:

        පැන්ඩෝරා …අනේ බන් තෝ දන්න ඉට්ට..ඔහේ දොඩවනවා පිස්සෙක් වගේ අගක් මුලක් නෑ. කමෙන්ට් එකකට කීයක් ගෙවනවද ?

  4. 3ත් නැති ජෙප්පා says:

    බලන්න ඉතින් පාට පාට පාටලීගෙ කැත වැඩ..මෙයා දන්නෙත් නෑ..මෙයාගෙ නමින් බිලියන් ගානක් දාලා
    අපිට ඉතින් කවුද ඉන්නෙ එහෙම සල්ලි දාන්න..නෙහ්? නෙහ්?

  5. සහොදරය says:

    මෙයා සල්ලි හොරා කාලා හොඳ ට දූ දරුවන් සමග ඕස්ට්‍රේලියාවෙ පදිංචි වෙල ඉන්නව
    අපි මෙහෙ දුක් විදිනව

  6. මෝ says:

    අනේ අමරපාලයෝ,ඇමරිකාවෙ උන් උබට,බයවෙලා වෙන්නැති කුමන්ත්‍රන,කරන්නෙ.කුම්පලා මාංශෙ කෑවනං වමාරපං වලලෝ කිව්වලු.අහිංසක,මිනිස්සුන්ගේ සල්ලි මංකොල්ල,කාපු බොලා වගේ උන් පස්සෙ ඔය,පාපාපකර්ම එලවා ගෙනඑනබව හිතාගෙන නිදාගං.

Main News