පැන ගිය කොරෝනා ආසාදිතයා ජාතික රෝහලේ OPD පෝලිමෙන් අල්ලාගනී.. පිරිසක් අවදානමේ…

July 24, 2020 at 11:20 am | lanka C news
පැන ගිය කොරෝනා ආසාදිතයා ජාතික රෝහලේ OPD පෝලිමෙන් අල්ලාගනී.. පිරිසක් අවදානමේ…

අංගොඩ ජාතික උණ රෝදෙන් පැනගිය කොරෝනා ආසාදිත පුද්ගලයා ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබේ.

ඔහු කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සිටියදී මෙසේ සොයාගත් බව වාර්තා වේ.

ඔහු වහාම ජාතික උණ රෝහල වෙත නැවත පිටත් කර යැවීමට කටයුතු කර ඇත.

ඔහුගේ ගමන් විස්තර සම්බන්ධයෙන් ඉක්මනින් තොරතුරු රැස් කිරීමට නියමිත බවද වාර්තා වේ.

ඔහුගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් නිරෝධායන කටයුතු සිදු කිරීමටද අවදානය යොමුව තිබේ.

කොළඹ ජාතික රෝහලේ ඔහු හා ගැටුනු පිරිස් නිරෝධායනයට ලක් කිරීමට නියමිතව ඇත.

306 views
Main News