පැමිණිල්ල දැමූ පොලීසියම ඇප ඉල්ලීමක් කරමින් විත්තිකරුව නිදහස් කරගනී…

February 20, 2019 at 8:40 am | lanka C news
පැමිණිල්ල දැමූ පොලීසියම ඇප ඉල්ලීමක් කරමින් විත්තිකරුව නිදහස් කරගනී…

අඟුරුවාතොට පොලිස් වසමේ රෙමුණ අඹගහලන්ද පාරේ නිවසක තනා තිබුණු අනාරක්ෂිත තාප්පයක් අසල්වැසි නිවැසියෙකු මත කඩා වැටීමෙන් එම පුද්ගලයාගේ දෙකකුල උකුල් ප්‍රදේශය බරපතළ ලෙස හානියට පත් විය.

අදාල ස්ථානීය පරීක්ෂණය සිදු කළ අඟුරුවාතොට පොලිසිය මෙම සිදුවීම අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව පැවති තත්ත්වය පිළිබඳ පිළිබඳව විමසීමක් කොට තාප්පය අයත් නිවසේ හිමිකරු දින 7 ක කාලයක් සඳහා බන්ධනාගාර ගත කරන ලදී.

මෙම සිදු වීම සමඟ කෝපයට පත් පානදුර ප්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරියකු අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපතිවරයා කැඳවා ඉතා පහත් ලෙස බැණ වැදී ,වහා ම මෝසමක් ඉදිරිපත් කොට බන්ධනාගාර ගත කරන ලද පුද්ගලයා මුදවා ගන්නා ලෙස උපදෙස් දී ඇත.

පොලිස් පැමිණිල්ලකට බන්ධනාගාර ගත කරන ලද පුද්ගලයා යළිත් එම පොලිසිය විසින් ම මෝසමක් ඉදිරිපත් කොට ඇප ලබා ගත් ආකාරය අධිකරණයේ රැස්ව සිටි පිරිසට දැක ගත හැකි විය.

අනාරක්ෂිත තාප්පය කඩා වැටීමෙන් අගතියට පත් පුද්ගලයා දින දහ හතරක් පුරාවට රෝහල් ගතව සිට ශල්‍ය කර්ම වලට භාජනය වීමෙන් අනතුරුව මේ වන විටත් තමාගේ රැකියාව පවා සිදුකර ගැනීමට නොහැකිව ඔත්පල ව සිටින අතර අනාරක්ෂිත තාප්පය පවත්වාගෙන ගිය පුද්ගලයා කෙරෙහි පානදුර ඉහළ පොලිස් නිලධාරියා දැක්වූ කරුණාව අගතියට පත් පාර්ශවය කෙරෙහි නොදැක්වීම බරපතල ගැටලුවකි.

– නිලන්ති කළුආරච්චි

19,181 Viewers

2 Comments to “පැමිණිල්ල දැමූ පොලීසියම ඇප ඉල්ලීමක් කරමින් විත්තිකරුව නිදහස් කරගනී…”

  1. හොරාපොලිස් says:

    මොකාද ඔය පොලිස් ලොක්කා. පානදුර SP , ASP ?????

  2. Love nature says:

    කැකිල්ලේ නිතිය නැවත එලි බසී

Main News