පැමිණිල්ල නොලියා විභාග නොකල පොලිස් සැරයන්ගේ වැඩ තහනම්.. ස්ථානාධිපති ඇතුලු 16 කට වහාම ස්ථාන මාරු..

October 4, 2018 at 12:40 pm | lanka C news
පැමිණිල්ල නොලියා විභාග නොකල පොලිස් සැරයන්ගේ වැඩ තහනම්.. ස්ථානාධිපති ඇතුලු 16 කට වහාම ස්ථාන මාරු..

යාපනයේ ව්‍යාපාරිකයෙකුගේ පැමිණිල්ලක් පැමිණිළි පොතේ සටහන් කොට විභාග නොකිරීම හේතුවෙන් පොලිස් සැරයන් වරයෙකුගේ වැඩ තහනම් කොට යාපනය පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුලු 16 දෙනෙකුට වහාම ක්‍රියාතමක වන පරිදි ස්ථාන මාරු ලබා දීමට යාපනය ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් පියවර ගෙන ඇත.

පසුගිය සැප්තැම්බර් 24 වනදා උදෑසන යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචි   අන්බුදරාජා ඉලංකුමර් නැමති ව්‍යාපාරිකයෙකු විසින් සිය වෙළඳසැල කොල්ලකෑමක් සම්බන්ධයෙන් යාපනය පොලිස් අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් දැමීමට පැමිණ ඇති අතර එම අවස්ථාවේ රාජකාරියේ නරතව සිටි පොලිස් සැරයන් වරයෙකු අදාල පැමිණිල්ල විමසා සිටියද පැමිණිල්ල පැමිණිළි පොතේ සටහන් කර නොමැත.

කෙසේ වෙතත් අදාල ව්‍යාපාරිකයා විසින් එම සිදුවීම යාපනය නියෝජ්‍ය පොලිස්පති වරයාට දැනුම් දීමෙන් පසුව කරුනු විමසා බලා සිදුවීම සත්‍යතාවය තහවුරු වීම හේතුවෙන් එම අවස්ථාවේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන් වරයා තාවකාලිකව වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති අතර යාපනය පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා ඇතුලු අපරාධ අංශයේ එදිනට රාජකාරි කටයුතු නිරත 16 දෙනෙකු යාපනය කන්කසන්තුරෙයි, පේදුරුතුඩුව ඇතුලු පොලිස් ස්ථාන කිහිපයකට අදාල පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකිරීමටද යාපනය නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් පියවර ගෙන ඇති අතර අදාල සිදුවීම සමබ්නධයෙන් වෙනම පරික්ෂණයක්ද අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24 views