පැමිණිලිකරුගේ නිවස කුඩුපට්ටම් කරයි.. 12ක් අත්අඩංගුවේ..
August 7, 2019 at 4:40 pm | lanka C news
හැටන් පොලිස් වසමට අයත් ස්ටැඩන් වතු යායේ වතු කම්කරුවෙකුගේ නිවසකට පහර දි අලාභ හානි සිදු කල 12 දෙනෙකු හැටන් පොලිසිය මගින් ඊයේ (06) රාත්රියේ සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.
බිමත්ව පැමිණි 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මුගුරු වලින් තමන්ට සහ නිවසට පහර දි දේපල වලට අලාභ හානි සිදු කල බව පහරකැමෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ ප්රතිකාර ලබන මුත්තුක්රිෂ්ණන් මහතා කියා සිටියේය.
පහරදිමට සම්බන්ධ ප්රධාන සැකකරු දින කිහිපයකට ප්රථම තම නිවසේ පැවති සාදයකට පැමිණ සාදයෙන් අනතුරුව තම සැමියාට පහර දිමක් සම්බන්ධයෙන් හැටන් පොලිසියට ඊයේ (06) දින පැමිල්ලක් කල බවත්, පොලිසියට පැමිණිලි කිරිමට උරන වු ප්රධාන සැකකරු අතුළු තවත් 12 දෙනෙකු ඊයේ රාත්රි 9ට පමණ තම නිවසට පැමිණ නිවසේ දොරාවල් සහ ජනේල වලට , නිවසේ තිබු ගෘහ උපරකවලට , විදුලි උපකරණවලට පහර දි අලාභ හානි කල පලා ගිය බව මුත්තුක්රිෂ්ණන් මහතාගේ බිරිද කියා සිටි.
පහර දිම සම්බන්ධයෙන් හැටන් පොලිසියට ඊයේ රාත්රි යලිත් කල පැමිණිල්ලක් මත වහා ක්රියාත්මක වු පොලිස් නිලධාරින් තම වතුයායට පැමිණ පහර දිමට සම්බන්ධ 12 දෙනෙකුව සැකපිට අත්අඩංගුවට ගත් බව නිවැස් හිමියන් කියා සිටියේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් එම වතුයායේ සහ හැටන් කුඩාගම ප්රදේශයේ පදිංචිකරුවන් බවත්, ඔහුන් අවුරුදු 22 සිට අවුරුදු 30 වයස් කාණ්ඩ වල පසුවන අය බව හැටන් පොලිසිය කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ
වින්දිතයින් ආරක්ෂා කරන පණත ගැන TV Adds වලට පෙනීඉන්න ජෙප්පෝ සෙට් එක කෝ කලිසම් ගලවලා ඔළුවේ ඔතාගෙන TV වල ඉදපල්ලා .