පැමිණෙන සියළු රෝගීන් බාරගත යුතුයි..- සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සියළු රෝහල්වලට නියෝගයක්..

May 22, 2021 at 5:30 pm | lanka C news
පැමිණෙන සියළු රෝගීන් බාරගත යුතුයි..- සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සියළු රෝහල්වලට නියෝගයක්..

රෝහල් ගත වීම සඳහා පැමිණෙන ඕනෑම රෝගියෙකු බාර ගත යුතු යැයි සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබේ.

නියෝජනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ එය රෝහල් කාර්ය මණ්ඩලය සතු වගකීමක් බවයි.

කොරෝනා ආසාදිතව නිවසේ රැඳී සිටින කිසියම් අයකුට ඕනෑම අපහසුතාවයක් ඇත්නම් රෝහල් ගත වීම අනිවාර්ය බවද ඔහු සඳහන් කළේය.

රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් තමන් රැුදී සිටින තාවකාලික ස්ථානවල හෝ පදිංචිව සිටින ස්ථානවලම රැුදී සිටීම වඩාත් සුදුසු බවද පවසන ඔහු නිවෙස් වලට හෝ වෙනත් ස්ථිර පදිංචි ස්ථානවලට යාම රෝගය පැතිරවීමට අනුබල වනු ඇති බවත් ඔහු අවධාරනය කරයි.

24,090 views

5 Comments to “පැමිණෙන සියළු රෝගීන් බාරගත යුතුයි..- සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සියළු රෝහල්වලට නියෝගයක්..”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ඔව් ඉතිම් ඉස්පිරිතාලවල කොරිඩෝ වාහන පාක් මිදුල් එහෙම තියෙනවනෙ .මේ තීරණ ගන්න සෑර්ලා ඉස්පිරිතාලෙකට පොඩ්ඩක් ගිහින් බැලුව නම් මේ වෙලාවෙ

  2. පෞද්ගලික රෝහල්වලටද පැනවිය යුතුයි says:

    මෙම නිතිය අනෙකුත් රෝග සදහා පෞද්ගලික රෝහල්වලටද පැනවිය යුතුයි. මොවුන් කරන්නේ channeling විතරයි. ඕනෑම දරුණු අසනීපයකට රජයේ රෝහලක admit වෙන්න කියනවා. ඔවුන් ලෙඩුන් භාර ගන්නේ නැහැ. මෙය පහුගිය දිනෙක අපට සිදුවූ අත්දැකීමක්. කුලියාපිටිය “Siyasi” සහ කුරුණෑගල “සමුපකාර” කියන රෝහල් වලින් දැඩි සේ අසනීප උන වයස අවුරුදු 3ක් වන දරුවෙක් admit කිරීම ප්‍රතිෂේප කළා. මොවුන්ට උවමනා සල්ලි පමණයි. channeling වලින් එක හොයනවා. මනුස්සකම පිරිහිලා.

    • KG says:

      Private sector ekata givernmenr eken mokuth help ekak nehe..ethakota un kohomada danata pinata denne..chanelling witharak nemei..anikuth wedath un karanawa..pandemic or no..private ewa ehema thamai..if government provide them what they want..they will help like gov hospital..

      • For Idiot says:

        Idiot KG,, you are telling something else. Dont spell merely withoud understanding real situation. Private sector is focusing only for money not for patient or humanity. Also nobody is asking their service for free. Even for money they avoid their responsibility.

  3. Dengu Nona says:

    Ayi Yako, ispirithaalawala ida nath nam dosthara mahaththayalage gewal walatada baara ganne?

Main News