පැය අටක විදුලි කප්පාදුවක්….?
January 23, 2022 at 10:40 am | lanka C news
පවතින වියළි කාලගුණයත් සමග ප්‍රධාන ජලාශවල ජල මට්ටම පහල බැසිමත් සමග ඉදිරි දින කිහිපය තුලදි දිනකට පැය 08 පමණ කාලයත් විදුලි කප්පාදුක් මෙරට තුල සිදු විය හැකි බව මහනුවර දිස්ත්‍රික් ජාතික සමගි ජන බලවේග පා.ම මයන්ත දිසානායක මහතා පැවසිය.
මයන්ත දිසානායක මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසනයේ ආසන බල මණ්ඩල රැස්විම නාවලපිටිය නගරයේ උත්සව ශාලාවක පැවති අවස්තාවේ එම රැස්විමට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.
නාවලපිටිය ආසනයේ සමගි ජනබලවේගයේ ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා විසින් මෙම ආසල බල මණ්ඩලය රැස්විම සංවිධානය කර තිබුණි.
මෙහිදි වැඩි දුරටත් මාධ්‍යට අදහස් දැක් වු මයන්ත දිසානායක මහතා කියා සිටියේ වත්මන් රජයේ නොහැකියාව හමුවේ රටේ ජනතාව පිඩාවට පත් වි ඇති බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දුර කාලය සහ වත්මන් රජයේ පාලන කාලය වසර දෙකකින් දිර්ඝ කර ගැනිම සම්බන්ධයෙන් අදහස් පල වුවද අපේ රටේ පවතින ව්‍යාවස්ථාව අනුව එය සිදු කල නොහැකි බවත්, එසේ සිදු කරන්නේ නම් ඒ සදහා ජන මත විචාරණයක් පැවැත්විය යුතු බවත්, ජන මත විචාරණයක් පැවැත් වුවහොත් මේ රටේ ජනතාව කිසිසේත් ඒ සදහා බලයක් ලබානොදන බවද මයන්ත දිසානායක මහතා වැඩි දුරටත් පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
ඔය මයන්තලාගේ පියාණෝ තමයි අවුරුදු 25කින් නිම කරන්න නියමිත මහවැලි ව්‍යාපාරය කඩිනම් මහවැලි ව්‍යාපාරය විදියට අවුරුදු 5න් වැඩ අවසන් කලේ එහි ප්‍රතිඵලයක් තමයි අත්විදින්නේ වික්ටෝරියා ජලාශයේ පැල්මවල් ඇති වෙන්නේ කන්ද උඩරට ගිලා බැසිම් භුකම්පන ඇති වෙන්න පටන් අරන් තියෙන්නේ යම් යම් ව්‍යාපෘති ඉක්මනින් වැඩ අවසන් කරන්න බැ එවාට කාලයක් ගත වෙනවා ඒ භුමිය ප්‍රදේශය ආදි බලබලපානවා
To: Krishna Senarath,
🌷👍❤
ඒ මදිවට රංදෙනිගල ජලාශය හදන්ඩ අක්කර 6000 ක විතර ලොකුකැලයක් කප්පවපු මෝඩයෙක් තමයි , මුගේ මහ එකා….
ඒක , ලංකාව වගේ පොඩි රටක කල ලොකුම පරිසර විනාශයක් !!!
අනික , ඒ කාලේ මුගේ මහ එකා කයිවාරු ගැහුවෙ නම් ඉන්දියාවටත් විදුලි බලය දෙන්ඩ පුළුවන් කියල….
ගමේ බයියෙක් වන මුගේ මහ එකා මහවැලියෙන් සල්ලි යටිමඩි ගහල ඕස්ට්‍රේලියාවෙ ඇපල් වතු ගත්ත කියල නම්බුකාර කියමනක් නං ඒ කාලෙ හැදිල තිබුණ…
උනුත් එකයි මුනුත් එකයි ජාතික ජන බල වේගයට රට බාර දෙමු හොරුන් අල්ලමු