පැය දෙකක් විදුලිය කපන්න වෙනවා…- ආණ්ඩුවේ මන්ත‍්‍රී කියයි…

February 1, 2022 at 6:20 am | lanka C news
පැය දෙකක් විදුලිය කපන්න වෙනවා…- ආණ්ඩුවේ මන්ත‍්‍රී කියයි…

මේ දිනවල ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශවල පවතින වියළි කාලගුණයත්, රටේ පවතින ඉන්ධන සහ ගල් අගුරු හිගය හේතුවෙන් මේ වසරේ මාර්තු මස වන විට දිනකට පැය දෙකක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරිමට සිදු වන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම (ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ) නිමල් පියතිස්ස මහතා පැවසිය.

නිමල් පියතිස්ස මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ තලවකැලේ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු නිමල් පියතිස්ස මන්ත්‍රිවරයා කියා සිටියේ එන්නත්කරණ වැඩසටහන අනුව ශ්‍රි ලංකාව ලෝකයේ 06 වෙනි ස්ථානයට ගෙන ඒමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කල බවත්, එවන් තත්ත්වයක් මත පසුබැමකට ලක් වි තිබු සෞභාග්‍යා දැක්ම වැඩසටහන ඉදිරි වසර කිහිපය තුල මෙරට ක්‍රියාත්මක් කරන බවයි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ එලවළු ගොවියාගේ සහ වතු කම්කරුවාගේ ගැටළු ගණනාවක් හදුනාගෙන ඇති බවත්, එම ගැටළු වලට විසදුම් ලබාදිමට වත්මන් රජය මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

14,087 views

4 Comments to “පැය දෙකක් විදුලිය කපන්න වෙනවා…- ආණ්ඩුවේ මන්ත‍්‍රී කියයි…”

  1. Kasun Perera says:

    දුප්පත් පවුලක දෙමව්පියෙක්ට තමන්ගෙ ලමයට මාලු කෑල්ලක් අරන් දෙන්න බැරි රටේ..මුන්ට ඕනේ පලවෙනි ස්තානය දෙවනි ස්තානය ගන්න. මුන්ට තියෙන්නෙ ස්තාන පිස්සුව……..කාලකන්නි බල්ලො

  2. Hgsg says:

    විදූළි බල මණ්ඩලයේ මූදල් වලින්..අනූ ආයතන (lanka transformars). ආරම්භ කරල පාලකයන්ට පිනට එම ආයතනම ලියල දෙන විදූලි බළ මණ්ඩළයේපමහ එවූන් හොරු…

  3. gadol says:

    225 හේ වැටුපෙන් බාගයක් කපා හැරියොත් මෙය සිදු නොකළ හැකියි.

Main News