පැය හතකරක විදුලි කප්පාදුවකට සැරසෙන්න..- විදුලි ඉංජිනේරුවෝ රටට දන්වති…

January 16, 2022 at 10:40 am | lanka C news
පැය හතකරක විදුලි කප්පාදුවකට සැරසෙන්න..- විදුලි ඉංජිනේරුවෝ රටට දන්වති…

ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් විශාල විදුලි කප්පාදුවක් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි.

දිනකට පැය හතරක විදුලිය විසන්ධි කිරීමට සූදානම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.

ලංකා විදුලි බල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට පවතින ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් පමණක් බවත්, දින 22කට සරිලන දැවි තෙල් බවත් හෙතෙම සදහන් කරයි.

ඒ් අනුව දින තුනකට පසු විදුලිබල මණ්ඩලයට විදුලිය විසන්ධි කර ඉල්ලුම අඩු කිරීමට සිදු වනු ඇති බවත් ඒය සිදු නොකරන්නේ නම් විදුලිබල පද්ධතියේ සමබරතාවය පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවත් හෙතෙම කියා සිටී.

ජල විදුලිය උත්පාදනය කිරීම සඳහා ජලාශවල ජලය භාවිතා කිරීමේදී සීමාවන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ ඒම ජලය ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය, පානීය හා පාරිසරික අරමුණු සඳහා කලමණාකාරණය කරමින් පවතින නිසාය.

අනුමත බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදයන් සහ නව විදුලි උත්පාදන ව්‍යාපෘති අවලංගු වීම හේතුවෙන් බිඳවැටීම්වලදී විදුලිය සැපයිය හැකි විකල්ප බලාගාර රට තුළ නොමැති බවත් සංගමය තව දුරටත් පෙන්වා දෙයි.

56,771 views

31 Comments to “පැය හතකරක විදුලි කප්පාදුවකට සැරසෙන්න..- විදුලි ඉංජිනේරුවෝ රටට දන්වති…”

  1. Lol says:

    I blamed all electrical engineers in Srilanka. They are no different to MBBS mafia
    When top leadership is weak and have no vision all these mafias consolidate their persistence by creating enormous chaos like this and innocent people suffer with extreme difficulties

    • සිරිපාල says:

      මේ අය සුදනලා වගේ කතාව. මේ තත්වය උදාවෙන්නට මේ ගොල්ලන්ගේ කල්ලිවාදය, උද්දච්චකම හේතු නොවෙයිද? මේ අය රජය ගන්නා ප්‍රතිපත්ති තීරණ ක්‍රියාත්මක කරන්නේ නෑ. මේ ‌අයට වුවමනා දේවල් තමයි කරන්නේ. ඒකෙන් මේ ගොල්ලන්ට ජරාවක් නැත්නම් ඒක කරන්නේ නෑ. මේ ගොල්ලො වැඩ කරන්නෙත් හිතාගෙන ඉන්නෙත් විදුලි මණ්ඩලය මේ ගොල්ලන්ගේ කියලා. නැතුව ඒක රජයේ දේපොලක් කියලා නෙවෙයි. රජය කොතරම් කීවත් සූර්ය බලය, සුළංබලය වගේ පුනර්ජනනීය දේවලට යන්න කියලා මේ ගොල්ලො ඒවට යන්න කැමති නෑ. හේතුව වාසි නැති නිසා වෙන්න ඇති. අනික් හේතුව එතකොට අළුත් තාක්ෂණයක් නිසා මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා.දැන් වගේ කයිවාරු ගගහ ඉන්න බැරි වෙනවා. නිකං ඉඳගෙන පඩිගන්න බැරි වෙනවා.
      විදුලි මණ්ඩලයට අද රැකියාවට යන ඉංජිනේරු මහත්තයෙක්ගේ ආරම්භක පඩිය රුපියල් ලක්ෂ තුනහමාරක් විතර කියලා කවුරුත් දන්නෙ නැතුව ඇති. ඒත් කරන්නේ මොනවද?
      2015 දී නීති විරෝධී විදියට ඉංජිනේරුවන්ගේ පඩිය වැඩිකර ගත්තා. අභියාචනාධීකරණය ඒක නීති විරෝධී කියලා තීරණයකලා. නමුත් ස(ර්) ඇවිල්ලා ඒක දිගටම දුන්නා.ඒත් ස(ර්)ගේ 70% පුනර්ජනනීය ටාගට් එකට මේ ගොල්ලො බෑ කියනවා.
      ඔන්න තත්ව‌ය.
      මේක වහාම පුද්ගලිකකරණය කරන්න. රටේ මහජනතාව ඒකට විරුද්ධ නෑ. විරුද්ධ වෙන්නේ විදුලි මණ්ඩලේ පිංපඩි කාරයෝ විතරයි

      • Sandy says:

        ඇත්ත. ඔක්කොම එකතු වුනාම ලක්ශ 5ට ආසන්න පඩියක් මුන් ගන්නවා…ඒ ව්‍යාපෘති වලින් කන කෑම නැතුව

      • Amda says:

        මුන්ට දිරවන එකම බෙහෙත ජේ ආර් 80 ජූලි වර්ජකයන්ට දීපු එක…සේවය අතහැර ගියා සේ සලකා එලියට දැමීම

    • Police says:

      ඔවුං ඔක්කොම ලෝක පගා කාරයො.
      ලොකු බිල්ඩිං, ගෙවල් ගහන කොම්පැනි වලිං ජරාව කන හැටි දකින්න ඕනෙ විශ්වාස කරන්න!

  2. Alapaluwa says:

    වේලාවකට රටේ මහා උන්දැහැගේ වැඩ දැක්කම දුකත් සිතේනවා.රට යන්නේ කිසිවෙකුට මේල්ල නොවූ බේරේක් නැතී පාළනයක්.එක.එකාගේ හිතුමතේට තිරනගෙන එය ඉටුකිරීමට දැන් සෑම රජයේ හෝ පුද්ගලික ආයතනයකම නිළධාරීන් කටයුතුකරමින් සිටිනවා.මෙයට වගකිව යුත්තේ ජනාධිපතිමයි වෙන කිසිවකු නොවේ.ඒ ඔවුගේ පාලනයේ ඍජු භාවය නැතිනිසා.මෙයින් ජනතාවයි පිඩනයට ලක්වෙන්නේ!!Alapaluwa from SA (Western Cape)

    • සන්ජය says:

      මහ උන්දෙ එනකොට හෙමෝම කිව්වෙ ඒකාදිපතියෙක් එනවා කියල,නමුත් ඔහුඅති ප්‍රජාතාන්ත්‍රිකයෙක් නමුත් චන්දෙ දුන් අපිට ඔනා මේ රට හදන්න මිසක් ප්‍රජාතාන්ට්‍රික අහවල් එක රකින්න,නෙවෙයි ඔය ප්‍රචාජන්ජ්‍ර වාදය ෆේල් .අද මුලු බටහිරම ෆේල් චීනය රුසියාව ඉදිරියට එනව ඒවා බහු පක්ශ ප්‍රජාතාන්ත්‍රික රාජ්ය නෙවෙයි (චීනය)චීනය දියුනූ උනේ ඒකපක්ශ පාලනය නිසා.අපි ගොටභ්ය මෙතිතුමාට කියන්නෙ දෙන් මේ අති
      .තෝරාගත් කෙබිනෙට්ටුවක්,ආරක්ශක අමති ,හමුදාපති අතුලු ඔබතුමාට විශ්වාසවන්ත දක්ශ මඩුල්ලකින් රට පාලනය කරන්න තව අවුරුදු 5ක්

  3. pissu poosa says:

    yty

  4. kaluva sene says:

    සුර්ය බලය පාවිච්චිය දිරිගන්වන්නේ නෑ .. GM වෙන්න තරඟයක් තියෙන්නේ. රටේ ලොක්කගේ ඇටේ කසන කළු සෙනෙවියා තමයි ඔක්කොම කරන්නේ. අබේ තමයි නියම සුදුස්ස. එත් එයාට දුන්නොත් කළු සෙනෙවියාට මාස ගනනයි GM වෙන්න පුළුවන්. රටේ ලොක්කවත් කඩේ යවල මෙතන අර්බුධයක් මතුකරලා ඔක්කොම ජංජාලේ කරන්නේ ඔය කළුව තමයි. තවත් පාදෙණිය කෙනෙක් කියල ගොට තේරුම් ගන්නකොට පරක්කු වැඩි වෙයි. කළුවා දැන් වුර්ථීය සමිති අල්ලාගෙන සද්දේ දානවා. ERP එක ජරාව ලෝකයක්. IS-VS එකෙන් ගැන කපන්න තමයි ඔය සෙට් වෙන්නේ. අනේ අම්මප මුන්ගේ දොළ පිදේනිය ගන්නකොට තවත් පාඩු වෙයි .. අනික කළුවා ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් අනේ අම්මප

  5. Prasad says:

    These are the people who against the solar power system in Sri Lanka, if the government is encouraged the individual household solar power system, electricity power issue is largely solved out…………now it has stopped and no ADB loan assistance further……

  6. dt says:

    දොස්තරලටයි, ඉන්ජිනේරුවන්ටයි වෘත්තීය ගැටළු පිලිබඳ සටන් හැර මේ වගේ දේශපලානය කරන්න ඉඩ තියනවද ? එසේනම් රජයේ ප්‍රතිපත්ති විවේචනය කරන්න සියලුම රජයේ සේවකයින්ට එක සමානව ඉඩ ප්‍රස්තාව තිබේද ?

    මේ අය අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ලාභ ප්‍රසිද්ධියක් ගන්න හදනවා.

  7. විද්‍යාත්මකවremu says:

    ලොක්කා ප්‍රජාතන්ත්‍රවාදය රකින්න නෙමෙයි අවශ්‍යය රට රකින්නයි. අහෝ ප්‍රජාතන්ත්‍රවාදය රැකිම මුලට තිබ්බේ ඇයි හීන දීන වුනේ ඇයි. ජනතාවගේ අපේක්ෂා !!! අවුරුදු 60-7- ප්‍රජාතන්ත්‍රවාදය රැකිම ජනතාව හොදට දැක්කා. නර නරි, නර සර්පයෝ, නර බල්ලෝ තක්කඩි මෙමෙ කරපං