පැය හතරෙන් තැබෑරුම් හිස් වෙති.. වහාම තවත් තොග ඇණැවුම් කරති…

September 19, 2021 at 1:20 pm | lanka C news
පැය හතරෙන් තැබෑරුම් හිස් වෙති.. වහාම තවත් තොග ඇණැවුම් කරති…

නිරෝධාන ඇදිරි නිතිය මධ්‍යයේ මත්පැන් හල් විවෘත කිරිම පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් නගරයේ මත්පැන්හලක හිමිකරුවකු පවසන ලද්දේ මත්පැන් හල විවෘත කර පැය හතරක පමන කාලයක් තුලදි තම වෙලද සැලේ තිබු මත්පැන් සියල්ල විකිනිමට හැකිවු බවත්ය.

එම තත්වයන් මත තවත් මත් පැන් තොගයක් ලබා ගැනිමට ඇනවුම් කල බවත් ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මත් පැන් හල් විවෘත කිරිමට පියවර ගැනිමත් සමග අරක්කු කොවිඩ් පොකුරක් ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්ව එම පිරිස් පවසනුයේ කොවිඩ් වසංගතය පාලන කිරිම සදහා රජය මගින් නිරෝධාන ඇදිරි නිතිය ක්‍රියාත්මක වන කාලයක මෙසේ මත් පැන් හල් විවෘත කිරිමට අවසර ලබා දිම හෙලා දැකිය යුතු බවත්ය.

හැටන් නගරයේ සමහර මත් පැන් හල් තුල අරක්කු බෝතල කඩා බිමට ලබා දෙන බවත් මෙම අරක්කු පානය කිරිමේදි එක් විදුරුවකින් කිප දෙනකුම අරක්කු පානය කරන බවත් මෙම තත්වයන් තුලින් කොවිඩ් වසංගතය නැවත මෙම ප්‍රදේශයන් තුල පැතිර යාමේ අවදානමක් පවතින බවද පවසති.

නිරෝධාන ඇදිරි නිතිය හමුවේ තමන්ට අත්‍යවශ්‍ය බාන්ඩ වන හාල් පිටි සිනි වැනිදේ ලබා ගැනිමට ඇති සිල්ලර වෙලද සැල්ද වසා දැමිමට පියවර ගෙන ඇති කාලයක මෙසේ මත් පැන් හල් විවෘත කිරිමට පියවර ගැනිම අනුමත කල නොහැකි බවද එම පිරිස් තව දුරටත් පවසන ලදි.

එමෙන්ම මත් පැන් ලබා ගැනිම සදහා මත්පැන් හල් අසල ජනතාව සෞඛ්‍ය උපදෙස්වලට පිටුපාමින් අරක්කු ලබා ගැනිමට පොරකන තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත කොවිඩ් පොකුරු ඇතිවිමේ දැඩි අවදානමක් පවතින බවද එම පිරිස් වැඩි දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

26,544 views

12 Comments to “පැය හතරෙන් තැබෑරුම් හිස් වෙති.. වහාම තවත් තොග ඇණැවුම් කරති…”

  1. ගෞම් ඊයාරාජ් says:

    දැන් බාර් ඇරියේ අගහරුලෝකෙන් ඇවිල්ලද යකො ? දැන් ඇරපු එකෙක් හොයාගන්න නෑ , හැබැයි ඉතින් මාල රෝ මහත්තයා නං කිව්වා එක බාර් ඇරියේ රජයෙන් කියලා සහ රටට සුරාවෙන් ලැබිය යුතු ආදායම අඩුවෙලා හන්දා කියලා , එත් ඉතින් මද පමනට බොන එක ශරීර සෞඛ්‍යට අවුල් උනත් මේ කොටන එකාටනං අවුලක් නෑ කියලා හිතන්නේ , ඒකත් මේ කොටන එකාගේ පෞද්ගලික මතය විතරයි. ඒත් ඉතින් කරටි කැඩෙන්න ගහලා තමන්ගේ ජිවිතෙත් නැතිකරගෙන , පවුලත් අනාථ කරලා , කොහෙවත් යන එකෙක්ට සන්තේකම පූජා කරන එකටනං , මේ කොටන එකා විරුද්ධයි . ✌

Main News