පැය 10-15 විදුලි කප්පාදුවක්..
June 30, 2022 at 12:02 am | lanka C news
දැඩි ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක නිසි කළමනාකරණයකින් තොරව ජල විදුලි බලාගාරවල විදුලිය නිපදවීමේ කටයුතු ක්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදී දිනකට පැය 10 ත් 15 ත් අතර කාලයක් විදුලි කප්පාදු කිරීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා පැවසීය.
නොරොච්චෝලේ බලාගාරයේ එක් යන්ත්‍රයක් අලුත්වැඩියාව සඳහා නවතා දැමීම නිසා මෙගාවොට් 270 ක් ද, ඉන්ධන අර්බුදය නිසා තවත් සැලකිය යුතු මෙගාවොට් ප්‍රමාණයක්ද අහිමිවිය හැකි බව ද රංජිත් මහතා කීය. එවැනි තත්ත්වයකදී වැඩි පැය ගණනක් විදුලිය ලබාදීම නිසා නිසි කළමනාකරණයකින් තොරව ජල විදුලිය නිපදවීමට ගියහොත් ජලය අඩුවී නිපදවන විදුලිය ප්‍රමාණයද ක්‍රමයෙන් අඩුවිය හැකි බව ද ඒ මහතා පැවසීය.
විදුලිය ලබාදීම ද බරපතළ ගැටලුවක්ව තිබෙන මේ මොහොතේත් සියලු පාර්ශ්ව එක මේසයකට පැමිණ සාකච්ඡා නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවත්, විදුලි අර්බුදයට යම් විසඳුමක් දීමට නම් විෂය ක්ෂේත්රය පිළිබඳ දැනුමක්, අවබෝධයක් ඇති පිරිස සමඟ සාකච්ඡා කර තීරණ ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
පෙරේදා (27 දා) වනවිට ජල විදුලියෙන් ගිගාවොට් පැය 32.54ක්, තාප 57.44ක් සූර්ය බලයෙන් 0.76 ක්, සුළං බලයෙන් 8.64 ක් ලෙස විදුලිය නිපදවා ජාතික පද්ධතියට එක්කර තිබිණි.
චමින්ද සිල්වා
දිවයින
අනේ අනිල් මල්ලි ඉතිං අපිද මල්ලි නිසි කළමනාකරණයකින් තොරව ජල විදුලි බලාගාරවල විදුලිය නිපදවීමේ කටයුතු ක්‍රියාත්මක නොකරන්නෙ. දැන් ඔව්ව කළමනාකරණය කරන්නේ බලාගාර ආශ්‍රිතව ජිවත්වන ගමේ මිනිස්සුද මල්ලි. මල්ලියල විශ්ව විද්‍යාලවල ගිහිං විදුලි ඉංජිනේරු විද්‍යාව නෙමේද මල්ලි ඉගෙනගත්තෙ. මලක් ගහගෙන එළුවෙක් අතගාගෙනද හිටියෙ මල්ලි.
Ganan hadala peya gaana kiyanna piyan kenek hitiyat ati
විදුලි බල මන්ඩලයේ නිලධාරීන් ට බය ආන්ඩුව ක් මේක එම නිසා තව වෙටුප් හා දිමනා වෙඩි කරමු අන්තිමට විදුලි බල මන්ඩලයේ සේවය ට පිට රට මිනිස්සු එයි වෙඩ කරන්න මොකද ඒ තරම් පඩි හා දීමනා
රජයෙ සේවකයන් ගේ නිවාස වලට අකන්ඩව විදුලි ය දීමට රජය වෙඩ පිලිවලක් සෙකසිය යුයුතුයි
ඔය මොනවා කිව්වත් පුටානොට බලේට එන්ඩ බෑ.
ඊලඟට ත් පොන්නහොට්ටුව ම තමයි.
ගෝටාබය නිසි වෙලාවට විදුලිය දෙයි.
පොන්නහොට්ටුවට ජය නියතයි .
මහින්ද ඉල්ලාස්වෙල්ලෙ ලෑ….
බසිල් මුදල් කැමති හැමදාම
හැමදාම මම මගෙ රෙද්ද උස්සලා මගෙ ගෑනිගෙ ත් රෙද්ද උස්සලා අල්ලං ඉන්නවා රාජපස්ස ට විදුලි බලය නිපදවන්ඩ.
පොහොට්ටුවට ජය වේවා
අපට කියල වැඩක් ඇත්ද කියන අය ඒවා හරියට කළානම් ලමයි අද ඉගෙනගන්නව ඔබලාගේ?
අලුත් පනතට එරෙහිව යන විදුලි ඉංජිනේරු මාෆියාව. කාලකන්නි.
This is irresponsible reporting . All are assumptions and guess work. Please write with facts and figures