පැය 12ක විදුලි කප්පාදුවක්… ගල් අගුරු අන්තිම අඩියේ..

July 31, 2022 at 10:40 am | lanka C news
පැය 12ක විදුලි කප්පාදුවක්… ගල් අගුරු අන්තිම අඩියේ..

එළඹෙන සැප්තැම්බර් මාසයෙන් පසුව ප්‍රමාණවත් පරිදි ගල් අඟුරු නොලැබෙන්නේ නම් නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනයට බාධා සිදු වනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ එසේ වුවහොත් වසර අවසානයේ දවසින් බාගයක් විදුලිය කප්පාදු කිරීමේ අවදානමක් මතු වී ඇති බවයි.

ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් දැනට ඇති බවත් සැප්තැම්බර් මාසයෙන් පසුව ඊළඟ මාර්තු මාසය තෙක් මෙට්‍රික් ටොන් ලක්ෂ 25 ක් අවශ්‍ය ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

එම ප්‍රමාණය හා ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 800 වැයවන බව ද පැවසූ ඔහු එම ගල් අඟුරු ප්‍රමාණය මිලදී ගැනීමට නොහැකි වුවොත් විශාල විදුලි අර්බුදයක් ඇති වන බවද කියා සිටියේය.

දැනට ලෝක වෙළඳපොළේ ගල් අඟුරු මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගා වොට් 900 ධාරිතාවක් එකතු කරමින් සිටී.

33,360 views

6 Comments to “පැය 12ක විදුලි කප්පාදුවක්… ගල් අගුරු අන්තිම අඩියේ..”

  1. පොඩි එකා says:

    පැට්ටොල් ඩීසෙල් දහ දාහට පල
    ගෑසුත් පනස් දහට හැටකට පල
    හාල් කිරිපිටි ත් ලක්සෙට ගිය කල
    ආමි කාරයොත් වෙයි නොවැ කලබල.

    පොලිසියෙ පගාව තිස් දාහයි බොල ගෙවන්නෙ නෑ එක බල්ලෙක් දඩ කොල
    කරංට් නැතුව පක දල්වන්ඩද බොල
    එදාට තේරෙයි ඇයි මේ අරගල.

  2. බිංකුණ්ඩා says:

    ඕව දාල අපෙ එවුන් ඊට පස්සෙ කරන්ට් එක කෑන් වලට එකතු කරන්ට ට්‍රයි කරයි හොඳේ

  3. Nimantha says:

    aio no problem for us , we are from Mirihana.. We get continues power everyday

  4. Jayantha says:

    ඒකට කමක් නෑ. මන්ත්‍රීලාට රනිල් ලක්ශ දෙක ගානේ මාසිකව ඉන්ධන දීමනාවක් දුන්නානේ. දැන් ඔක්කොම ප්‍රශ්න හරි. බූරු රනිලා රට හදයි අහවල් එකෙන්.😅

    • පුරවැසියා says:

      උට බෑ.
      මොකද උට අහවල් එක නෑ.
      පක තිබ්බා නං කියන්ඩ තිබුනා ඌ රට හදයි පකෙං කියලා.
      අපි අසරන වෙනවා බං මේවාට කොමෙන්ට් දාන්ඩ ගිහිං.

  5. Gamarala says:

    ජනතාව ඉවසීමේ සීමාව දැන් පැනලයි තිබෙන්නේ.

Leave a Comment

Main News