පැය 15ක විදුලි කප්පාදුවකට යන්න වෙයි..- මුදල් ඇමති කැබනෙට්ටුවට කියයි…
May 7, 2022 at 2:10 pm | lanka C news
ඉදිරියේදී පැය 15 ක පමණ කාලයක් විදුලි කප්පාදුවකට යාමට අවදානමක් මතුවෙමින් තිබෙන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ පැවති කැබිනට් මණ්ඩලය හමුවේ සඳහන් කර තිබේ.
විදේශ විනිමය නොමැතිව ආර්ථික අර්බුදය ඉතා දරුණු වී ඇති බවත් විදේශ සංචිත ඩොලර් මිලියන 50ටකටත් අඩු සීමාවට ඇද වැටී ඇති බවත් හෙතෙම පවසා ඇත.
ඉදිරියේදී ඉන්ධන ගෑන් ගෙන්වාගැනීම දැඩි ප්‍රශ්නයක් වී ඇති බවද ඒ අනුව විදුලිය සැපයීම දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දී තිබේ.
මෙම තත්ත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට නම් පළමුව රටේ ස්ථාවර ආණ්ඩුවක් බිහි විය යුතු බව ද හෙතෙම කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ දී කැබිනට් මණ්ඩලය භයේ පස්වරුවේ පැවැත්වින.
මුන් දැන් ඔක්කොම මිනිස්සු පිටින් දාල අත පිහාගන්නව. ඒ අස්සේ මැති ඇමතිලා දේශපාලන ගේ ම ගහානව ඊලඟ පාර ආයෙත් ඇතුලට යන්නේ කොහොමද කියලා. තෝර මෝරු බලනවා ඉස්සරහට ෆයිල් අවුස්සලා නඩු වැටිලා බඩු බනිස් වෙලා බබා හම්බ උනොත් හිරේ ඉන්න වෙයි කියලා. යකො මීට වඩා සුඩානය, සිම්බාබ්වේ, සෝමාලියාව හොදයි නේ.
We will soon beat Pakistan by cutting the electricity supply for more than 18 hours.
ඇයි පැය 15ක් පැය 24ම කපන්න බැරිද?
සජිත් හෝ අනුරකුමාර බලයට ගෙනාවොත් මේ ගැටලු සියල්ලටම උත්තර දේවි. රට එක රැයින් සුරපුරයක් වෙයි.
මේක තමයි අපේ සිංහල බෞද්ධ මෝඩයන්ට ඕන වෙලා තිබුනේ. 1952 ඉදං සුලු ජාතීන් ව පාගගෙන ඉන්න try කරපු ජාතිවාදී සක්කිලි හැත්ත ට දැන් මුස්ලිම්, දෙමළ රටවල් වලින් හිඟා කන්න වෙලා. දිට්ඨ ධම්ම වේදනීය කර්මය කිව්වලූ.
උඹත් අනිත් 225 වගේම කොන්දක් සහ ලැජ්ජාවජ් නැති එකෙක්. පැය 15 ක පමණ කාලයක් විදුලි කප්පාදු, බැංකු පොළී මත රඳවා ගැනීමේ බද්ධ වැනි දේවල් අහිංසක මහජනතාව මත පටවනවා වෙනුවට නිරූපමාගේ පැන්ඩෝරා පේපර්ස් මගඩි, හම්බන්තොට රෝහල් මගඩි වගේ දේවල් හෝ අඩුම තරමින් සීනි මගඩියවත් ආපහු ගන්න කතා කරනවාද?
මේ තියෙන උද්ධමනයේ හැටියට බැංකු පොළිය ලබ්බක්, ඒකත් ටිකක් වැඩි වුණේ මෑතකදී. මිනිස්සුන්ගේ වැටුප් වැඩි වීමක් නැහැ. එහෙව් එකේ ඒ මිනිස්සුන්ට බදු ගහන්නේ මොනවගේ වසලයෙක්ද?
මගේ කටට නරක වචන එනවා කියන්න බැහැ