පැය 24කින් ඉවත් වෙනවා කියා තිබියදී අරගලයට පහරදී අපේ රට අනතුරේ දැම්මා….

July 28, 2022 at 8:40 am | lanka C news
පැය 24කින් ඉවත් වෙනවා කියා තිබියදී අරගලයට පහරදී අපේ රට අනතුරේ දැම්මා….

‘අරගලකරුවන් පැය 24ක් තුල ඉවත් වෙන්න තීරණය කර තිබියදී ,අරගලයට පහරදී අපේ රට අනතුරේ දැම්මා’ යයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී ඒ මහතා මෙම අදහස් පල කලේය.

ගරු කථානායකතුමනි අද ඉදිරිපත් කරන රෙගුලාසි පිලිබදව සභානායකතුමා කිව්වේ නැ.මොකද මේ රෙගුලාසි ඉතාමත් බැ?රුම් .පොලිසියට හෝ හමුදාවට ඕනෑම අයෙකුව අත්අඩංගුවට ගන්න පුළුවන්.ගෙදරකට යන්නත් ඒ ගෙදර වහලා තිබුනත් දොරවල් කඩලා හෝ ඇතුළු වෙන්න පුළුවන් .දේපළ අත්පත් කර ගන්න පුළුවන් .ඇත්ත වශයෙන්ම මෙවැනි දරදඩු නීති පිලිබදවයි අපි හැමදාම මේ පාර්ලිමේන්තුවේ කතා කලේ.ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන කොට යුරෝපා හවුල ,එක්සත් ජාතින්ගේ සංවිධානය හැමදාම කිව්වේ මේ දරදඩු නීතිරීති ඉවත් කරන්න කියලයි.පුදගලයකු අත්අඩංගුවට ගත්තාම අධිකරණයට ඉදිරිපත් නොකර දින 90ක් තියා ගනන පුළුවන්.එක අවුරුද්දක් දක්වා අධිකරණයට ඉදිරිපත් නොකර තියා ගන්න පුළුවන් මේ නිතිය යටතේ .ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තරය අපේ දිහා බලන් ඉන්නේ.

පාස්කු ප‍්‍රහාරය වෙලාවේ හදිසි නිතිය ගෙනාවා 2019/04/22 ඒක ඉවත් කෙරුවා 2019/08/22ක .22/08/22 පස්සේ මේ අකාරයෙන් හදිසි නිතිය ඉදිරිපත් කරලා නැ.මොකක්ද මේ හදිස්සිය.ලෝකයම අපේ දිහා බලන් ඉන්නවා.හදිසි නිතිය දැම්මාම රට අස්ථාවරයි කියන පණිවිඩය තමයි ලෝකයට යන්නේ.ඒ වගේම අරගල කරුවන්ට පහර දීම,අරගලකරුවන් පැය 24න් යනවා කිව්වා එවැනි අවස්තාවක පහර දීම අපේ රට අනතුරේ දැමිමක් .ගෙවල් පිච්චුන මන්ත‍්‍රී වරුන්ට හිතේ රුදාවක් ඇති අරගලකරුවන්ට පාඩමක් උගන්වන්න ඕනේ කියලා නමුත් අපේ රට මේ ප‍්‍රහාරය නිසා අනතුරේ දැම්මා.මම පුදුම වුනා මොකද ගරු ජනාධිපතිතුමා සමග අපි වැඩ කරන කාලේ එතුමා හැමදාම කිව්වේ ජාත්‍යන්තර නීතිරීති අනුව කටයුතු කරන්න කියලා.ජි.එස්.පි සහනය ලබා ගන්න ජාත්‍යන්තරය සමග සම්බන්දකම් ඇති කර ගත්තා යහපාලන ආණ්ඩු කාලේ.නීතිරීති ආරක්ෂා කර ගනිමින් අපි කටයුතු කලේ ,මම එදා ඇත්තටම පුදුම වුනා ජනාධිපතිතුමා වැඩ බාර අරගෙන මේ වගේ ප‍්‍රහාරයක් එල්ල කිරීම ගැන.මේ රටේ ජනතාවත් කියන්නේ අපේ රට අනතුරේ දැම්මා.එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ,යුරෝපා හවුලෙන්,මානව හිමිකම් කවුන්සිලය ,ඇමෙරිකාව,බි‍්‍රතාන්‍ය වැනි රටවල් මේ ප‍්‍රහාරය හෙලා දැකලා තිබුනා.ඇත්ත වශයෙන්ම අද ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු තානාපතිවරුන්ට බනිනවා මන්ත‍්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බාම තානාපතිවරු ටුවිටර් පණිවිඩ නිකුත් කලේ නැ කියලා.ඇත්තෙන්ම රාජ්‍ය ත‍්‍රාන්තික භාවය දන්නේ නැති අය මේ කතා කරන්නේ .තානාපතිවරු රටේ අභ්‍යන්තර කැරළි,ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන් පිලිබදව කවදාකවත් නිවේදන නිකුත් කරන්නේ නැ.වසර 30ක් යුද්දය තිබුනා නමුත් කවදාකවත් රටේ අභ්‍යන්තරයේ සිදු වන ක‍්‍රියාවන් ගැන ඒ අය නිවේදන නිකුත් කලේ නැ.තානාපතිවරු උනන්දු වෙන්නේ ආණ්ඩුකරණය ගැනයි .ඒක තමයි ජාත්‍යාන්තර නීතිය.ඒක දන්නේ නැති අය තානාපතිවරුන්ට ඇගිල්ල දික් කිරීම විශාල වරදක්.විදේශ කටයුතු අමාත්‍යංශයෙන් මේවා අහන්න. තානාපතිවරු කවදාකවත් රටක අභ්‍යන්තර ප‍්‍රශ්න වලට කතා කරන්නේ නැ.ආණ්ඩු කරන වැරදි වලටයි මැදිහත් වෙන්නේ .මේ වගේ සරල දෙයක්වත් දන්නේ නැති අය අපේ ජාත්‍යන්තර සබදතා කබලෙන් ලිපට වට්ටලා තිබෙනවා.අපිට ලැබෙන තොරතුරු අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් සමග අත්සන් කරන්න ගිය ගිවිසුමත් මාස දෙක තුනකින් කල් ගිහිල්ලා.මේක අපේ රට අනතුරේ දැමීමක් නෙවෙයිද ගරු කථානායකතුමනි?මොකක්ද මේ කෙරුවේ?ඉවසන්න තිබුනා.මොකද අරගලයේ අවසන් කාලයට ඇවිල්ලා තිබුනේ ,ඒ අය පැය 24න ඉවත් වෙනවා කිව්වා.එහෙම කියද්දි ප‍්‍රහාරක් සිදු කළා.කවුරු ආවද කියලා අපි දන්නේ නැ.ඇත්ත වශයෙන්ම ත‍්‍රිවිද හමුදාව ආවද?නැත්නම් කුලී හමුදාවක් ආවද කියලා අපි දන්නේ නැ?
ගරු කථානායකතුමනි අපි කියන්නේ අලූත් ජනාධිපතිවරයෙන් පත්වෙලා තියනවා .අපි හිතුවා නව ගමනක් ආරම්භ කරයි කියලා .අවාසනාවකට වගේ අපි හිතපු ආකාරයට නෙවේ රටේ ජනතාවගේ බලාපොරොත්තු විනාශ මුඛයට අරන් ගියා.දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සල්ලි ලැබුනේ නැතිනම් මොකද කරන්නේ?මේක අනිවාර්යෙන්ම ප‍්‍රමාද වෙනවා.මහා බැංකු අධිපතිවරයා කිව්වා දෙසැම්බර් ලැබෙනවා කියලා නමුත් මම නම් හිතන්නේ නැ ලබන වසරේ මැද බාගය වෙනකම් වත් මේ මුදල මේ යන විදියට ලැබෙයි කියලා.

ගරු කථානායකතුමනි අද අපේ රටට අවශ්‍ය මොකක්ද?බලන්න ජනාධිපතිතුමා යන්න ගියා,අගමැතිතුමා යන්න ගියා,කැබිනට් මණ්ඩලය දාලා ගියා ,එතකොට මොකක්ද මේ ආණ්ඩුව?බැ කියලා දාලා ගියා ඒ අයම නැවත ඇවිල්ලා වෙන ආණ්ඩුවක් පත් කර ගත්තා.මෙහෙම ආණ්ඩු කරන්න පුලූවන්ද?පරණ වයින් අලූත් බෝතලකය දාලා වගෙයි .මේ වගේ ආණ්ඩු ජාත්‍යන්තරය පිළිගන්නේ නැ.ආණ්ඩුව මේක දැන ගන්න ඕනේ.ජාත්‍යන්තරය හැමදාම කියන්නේ ජනමතයෙන් පස්සේ එන අලූත් ආණ්ඩුවක් සමග අපි වැඩ කරන්න සුදානම් කියලා.අයි,එම්,එෆ් මුදල් අපිට ලැබෙන තුරු අතමාරුවට අපිට මුදල් ලැබෙනවද?කොහෙන්ද ලැබෙන්නේ?එක රටකින් වත් ලැබෙන්නේ නැ.මේ ආණ්ඩුවේ ජනවරම අහෝසියි .ජනාධිපති අගමැති පැනලා ගියාම කැබිනට් එක ඉල්ලා ඇස වුනාම ජන වරම අහෝසියි.ඔබ තුමා ඒක දන්නවා ගරු කථානායකතුමනි.මේ පත්වුන අයට පාර්ලිමේන්තුව පිටත ජනවරමක් තියනවාද?

පළාත් සභා මැතිවරණය කල් දැම්මා.ආණ්ඩුවට 3/2 තිබිලත් ඒ අඩුපාඩු හදා ගන්න බැරි වුනා.ප‍්‍රාදේශීය සභා මැතිවරණය කල් දැම්මා.මෙහෙමයි රජය රට පාලනය කරන්නේ.

අලූත් ආණ්ඩුවක් ආවම ඩොලර් ගලාගෙන එනවා කිව්වා නමුත් ආවද?අපේ රටේ ජනතාවට නව ආණ්ඩුවක් අවශ්‍යයි .ඒක තේරුම් ගන්නේ නැතිනම් අපේ රට දවසින් දවස ආපස්සට යනවා.ඇත්ත වශයෙන්මරට ගොඩ ගන්න රජයේ ඉදිරි වැඩපිළිවෙල මොකක්ද?මොකක්ද සැලැස්ම?ඔළුගෙඩි මාරු කරලා ආණ්ඩු හදන එකද රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ?අත්‍යාවශ්‍ය භාණ්ඩ හිතෙන හිතෙන ගණන් .ඉන්ධන,විදුලිය ,දරුවන්ගේ පාසල් ප‍්‍රශ්ණය,මේ හැම ප‍්‍රශ්ණයක්ම ගොඩ ගැහිලා.ඇත්ත වශයෙන්ම ආණ්ඩුවක් නැ ගරු කතානායකතුමනි.ආණ්ඩුවට ඇත්ත වශයෙන්ම ජීවයක් තියෙන්න ඕනේ.එදා බන්දුල ගුනවර්දන මැතිතුමා කිව්වා මහා දවල් මහා බැංකුවේ මහා මොලකරු ගැන,ඇත්තටම ඔබ තුමාට ලැජ්ජාවක් නැද්ද?ඔබතුමාගේ දරුවන් ඇහුවේ නැද්ද ඇයි ඇමැතිකම බාර ගත්තේ කියලා?තනතුරුවලට අසා වුනාට සාරධර්මවලට ගරු කරන්න ඕනේ කතානායකතුමා.මහබැංකු හොරකමක් ගැන ආයේ කියන්න එපා.මොකද එදා අපි නැ කියද්දී මේ අය තමා කිව්වේ එහෙම දෙයක් වුනා කියලා.දැන් එතුමාව ජනාධිපති කරලා සියලූ චෝදනා වලින් නිදහස් කරලා.

ජාත්‍යන්තරයත්,රටේ ජනතාවත් අළුත් ආණ්ඩුවකට උදව් කරන්න සුදානම් .නමුත් පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරු කරලා හදන ආණ්ඩුවකට ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර උදව් නැ.

මොකක්ද ආණ්ඩුවේ ඉදිරි ගමන?ඉදිරි ගමන ගැන කිසි කතාවක් නැ,ඇමතිකම් බෙදා ගැනීමක් පමණයි වෙන්නේ.සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කිව්වට අපේ පක්ෂයටවත් නායකතුමාටවත් නිළ වශයෙන් ආරාධනා කරලා නැ.සති දෙකකට පෙර විපක්ෂයේ සියලූ පක්ෂ එකතු වෙලා මගේ ප‍්‍රදානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් පත් කරලා ආර්ථික,දේශපාලන,වැඩපිළිවෙලක් හැදුවා.විපක්ෂයේ සියලූ පක්ෂ ඒකට කැමති වුනා.ආණ්ඩුවටත් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ.

අපේ අගමැතිතුමා කිව්වා පාර්ලිමේන්තුව ප‍්‍රජාත‍්‍රන්තවාදී කරන්න ඕනේ කියලා .නමුත් වසර දෙකක් මොකක්ද කරේ?අංශික අධීක්ෂණ කාරක සභා අත්හිටෙව්වා .ස්ථාවර නියෝග අත්හිටුවලා මුදල් කමිටුවේ සභාපතිත්වය හර්ෂද සිල්වා මැතිතුමාට දෙන එක නැවැත්තුවා.20වැනි සංශෝධනය ගෙනාවා අපි දන්නේ වත් නැ.දැන් කතා කරනවා පාර්ලිමේන්තුවේ ප‍්‍රජාත‍්‍රන්තවාදය ගැන.ඇත්ත වශයෙන්ම දැන් ප‍්‍රමාද වැඩියි.දැන් රටට අවශ්‍ය අලූත් ආණ්ඩුවක් ඒ සදහා ,මැතිවරණයකට අපි කටයුතු කරනවා.

– Media unit

18,256 views

18 Comments to “පැය 24කින් ඉවත් වෙනවා කියා තිබියදී අරගලයට පහරදී අපේ රට අනතුරේ දැම්මා….”

  1. BINTA says:

    රට කාපු එවුන් රට හදන්න කතා කරන අපුරුව

  2. Run Silva says:

    යකෝ උන්ට එලවන්න ඕනෙයි කියපු හොරු අතරින් උඹ තමයි පලවෙනියා.

  3. David Milli-banda says:

    Another opportunist trying to live off the Aragalaya…….for political survival

  4. JR says:

    ත්‍රස්තවාදීන්ට පැය 24න් ඉවත් වෙන්න කියන්න ඕන ගොනෙකු බැරිද?? හන්තාන සුද්ද කරල විකුණගන්න ඕන ගොනෙකුට බැයිද? මූ නිදාගෙන ඉඳල ඇහැරල හිටං ඔහේ කියවනවා… නිදිකිරා…

Main News