පැය 4ක විදුලි කැපිල්ලක් එනවා…

January 22, 2022 at 2:10 pm | lanka C news
පැය 4ක විදුලි කැපිල්ලක් එනවා…

එළැඹෙන මාර්තු මාසය වන විට දිනකට පැය හතරක් විදුලිය කැපීමේ අවදානමක් ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එම තත්වය උදා නොවීම සදහා නම් දැන්ම සිට පැය එක හමාරක කාලයක් දෛනික විදුලිය කප්පාදුවක් සිදු කලයුතු බවද ඔහු පැවසීය.

එසේ කටයුතු කලහොත් මීළඟ වැසි කාලය වන විට විදුලිය කළමනාකරණය කළ හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

පැය 24ම විදුලිය ලබාදීමට දරන උත්සාහයෙන් සිදුවන්නේ මාර්තු මාසය වන විට ශ්‍රී ලංකාව බරපතළ බලශක්ති අර්බුදයකට ගමන් කිරීම බවද හෙතෙම කියා සිටියේය.

‘කවුරු හරි ඇවිල්ලා කියනවා නම් අපිට ඇති වෙන්න ඩොලර් තියෙනවා, අපිට ඇතිවෙන්න රුපියල් තියෙනවා, ආණ්ඩුවට කිසි ප්‍රශ්නයක් නෑ කිව්වොත් ජනතාවත් කල්පනා කරනවා මොන එහෙකට ද අපි ඉතිරි කරන්න යන්නේ කියලා. අපිත් ජොලියේ ජීවත් වෙන්න ඕනේ කියලා. අපි දැන් පැය 24 ම විදුලිය දෙන්න උත්සහයෙන් මට තේරෙන විදියට නම් මාර්තු අග වනවිට කොහෙන් හරි ලොකු ඩොලර් ණයක් ගත්තොත් පොළියත් එක්ක ආපහු ගෙවන්න වෙනවා. එහෙම නැතුවුණොත් අපිට පැය 4ක විතර විදුලි කැපීමකට යන්න වෙනවා මාර්තු අග වෙද්දි. ඊට වඩා හොඳ නැද්ද අපි ඊළඟ වැස්ස එනතුරුම පැය එක හමාර ගානේ කපාගන්න තැනකට ගියොත්. දවස් දෙකක් හොඳ හෝටලයකින් කාලා දවස් 28ක් බඩගින්නේ ඉන්නවා ද? එහෙම නැත්නම් එළවළු පළතුරු ටික කඩෙන් ගෙනල්ලා ගෙදර උයාගෙන කාලා දවස් 30 වේල් තුනම කනවා ද කියලා ප්‍රශ්නයක් තමා දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නයේ දී හැමෝම කැපකිරීම් කළ යුතු වෙනවා. කැපකිරීම් කරන්න නම් ප්‍රශ්නයක් තියෙනවා යන්න ජනතාව දැනගන්න ඕනේ. දෙක මෙහෙම කැපකිරීම පිළිබඳ ආදර්ශය දේශපාලන නායකයෝ දෙන්න ඕනේ’

15,825 views

3 Comments to “පැය 4ක විදුලි කැපිල්ලක් එනවා…”

  1. GUNATUNGA says:

    I hope it is much better to allow one responsible person to make a statement
    to public. Now all are making statements some are contradictory to each other.
    People are really mislead. Better to stop this drama.

  2. Nalin Hasaranga says:

    බොරු කියා මිනිස්සු රවට්ටන්නේ නැතුව ගම්මන්පිල මහත්තය ඇත්ත කතා කිරීම අගය කල යුතු දෙයක්. 1950 පටන් ගනිපු ලක්ෂපාන ව්යාපෘතිය තව 1970 ගණන් වලදී විටෝරියා ව්යාපෘතිය අපේ රටේ විදුලි අවශ්යතාවයෙන් සෑහෙන ප්‍රමාණයක් සැපයුවා. නමුත් විදුලි පරිභෝජනය වැඩි වන තරමට විදුලිය නිෂ්පාදනය වැඩි කල යුතුයි.

    මහින්ද රාජපක්ෂ රජයෙන් පටන් ගත් නොරොච්චෝලේ, ඉහල කොත්මලේ , උමා ඔය වැනි විදුලි නිෂ්පාදන ව්යාපෘති අපේ රටේ වැඩිවන විදුලි පරිභෝජන අනුව සැපයුම දීමට සමත් වූ නිසා වසර ගණනක් විදුලිය කපන්න සිද්ද වුනේ නැහැ. නමුත් යහපාලන රජය අපේ රටේ විදුලි සැපයුමට අලුතින් යමක් නොකිරීම මේ විදුලි අර්බුධයට ප්‍රධාන හේතුවක්. 88/89 කාලේ ජවිපෙන් ට්‍රාන්ස්ෆෝමර් ගිනිතිබ්බා පමණක් නෙමෙයි නොරොච්චෝලෙ හදනකොටත් ජවිපෙ ඒකට ලොකු විරෝධයක් දැක්වුවා.

  3. ගිජුලිහිණි සංදේශය says:

    රජ වෙලා අද රිලව්
    කල උපන් බිම හිලව්
    විකුණලා යුගදනව්
    කරුවලේ රට බොලව්… 🐒

    ගිජුලිහිණි සංදේශය🐦

Main News