පැය 5-6ක් විදුලිය කපන්න වෙනවා..- විදුලි ඉංජිනේරුවෝ කියති…
January 20, 2022 at 12:02 am | lanka C news
ජල විදුලි බලාගාරවල විදුලි ජල ධාරිතාව තවදුරටත් පහළට බැස්සහොත් පැය පහ හය විදුලි කප්පාදුවකට යාමට සිදුවුනු ඇතැයි ලංකා විදුලි ඉංජිනේරු සංගමය කියා සිටී.
මැයි මාසය පසුවන තෙක් ජල විදුලි උත්පාදනය ප්‍රමාණවත් ලෙස ඉහළ නොගිය හොත් එතරම් කාලයක් විදුලි කප්පාදුව ක්‍රියාත්මක සිදුවෙනු ඇතැයි සංගමයේ සභාපති සෞම්‍ය කුමාර මහතා කියා සිටී.
අද වන විට ලංකාවේ ඉල්ලුමට සරිලන විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් බලාගාර පහසුකම් නැතැයිද හෙතෙම කියා සිටියේය.
මෙවන් අවස්ථාවලදී හදිසි මිලදී ගැනීම් සදහා විදුලිය ලබාදීමට ව්‍යාපාර කරන වෙනම කණ්ඩායමක් සිටිනා බවත් ඔවුන් බිලියන ගණන් මුදල් උපයන බවත් ඔහු පැවසීය.
රූපවාහිනි නාලිකාවක් සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.