පැරණි ඇමතිලා පැරණි ආයතන අල්ලා ගනී.. අලූත් මුදල් හා මාධ්‍ය ඇමති මංගලට ගොඩනැගිලි විතරයි..
May 23, 2017 at 10:40 am | lanka C news
මුදල් අමාත්‍යාංශයේ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ කලින් කටයුතු කල ඇමතිවරුන් විසින් ඊයේ දිනයේ පත් කරන ලද තම නව අමාතයංශ සදහා පැරණි අමාත්‍යංශයේ ආයතන හා දෙපාර්තමේන්තු ගැසට් කරන ලෙස විශාල වශයෙන් ඉල්ලීම් කරමින් තිබේ.
මේ ඉල්ලීම් ලැබෙන ආකාරයට ගැසට් කිරීමක් සිදු කලහොත් නව මුදල් හා ජනමාධ්‍ය ඇමති ලෙස දිවුරුම් දුන් මංගල සමරවීර මහතාට සිය අමාත්‍යංශය වෙනුවෙන් ගොඩනැගිලි කිහිපයක් පමණක් ඉතිරිවන තත්වයක් ඇති වී තිබෙන බවද වාර්තා වෙයි.
ඊයේ දිනයේ සංශෝධනය කරන ලද නව අමාත්‍යංශ සදහා විෂයයන් ගැසට් කිරීම දින පහක් පමණ ඇතුලත සිදුවනු ඇතැයි රජයේ ආරංචි කියයි.