පැරණි දාගැබක නිධානයක් ගන්න ගිය 6 ක් අත්අඩංගුවට

November 26, 2019 at 8:02 am | lanka C news
පැරණි දාගැබක නිධානයක් ගන්න ගිය 6 ක් අත්අඩංගුවට

වව්නියාව පුලියන්කුලම් නයිනමඩු ප්‍රදේශයේදී පැරණි බෞද්ධ නටඹුන් තිබූ ස්ථානයක නිධන් හැරීමට ගිය 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.

නයිනමඩු ප්‍රදේශයේ කැලෑවක පිහිටි මෙම බෞද්ධ නටඹුන් සහිත ස්ථානයේ නිධානයක් ගැනීමට ගන්නා උත්සහයක් සමබන්ධයෙන් පුලියන්කුලම් පොලීසියට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාල ස්ථානයට ගොස් සිදුකල වැටලීමකදී මෙම පිරිස නිධානය තිබූ බවට සැකකෙරෙන ස්ථානයේ කැනීම් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරුවන් අදාල ස්ථානයට නිධානය ගැනීමට රැගෙන ගිය බඩු බාහිරාදියද සමගින් ත්‍රී රෝද රථයක් හා යතුරුපැදියක්ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව මරක්කාලම්පලෙයි , ඕමන්ත හා නෙඩුන්කේනි ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර එම පිරිස් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන පුලියන්කුලම් පොලීසිය වැඩි දුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19,955 Viewers

6 Comments to “පැරණි දාගැබක නිධානයක් ගන්න ගිය 6 ක් අත්අඩංගුවට”

  1. Matta says:

    එපි හිතාන් උන්නේ සජිය යාල ෆොටෝ ගානවා කිලානේ,

  2. kamal says:

    උඹලා කවුද කමල් කණුමලේ කවද කියලා මම දන්නවා හැබයි. එක දෙයක් තියෙනවා සටන්කාමි කමල්ගෙ මනුස්‍යත්වය නැතිවෙලා නැ උඹලට උසස් අධ්‍යාපනය වෙනස් කරන්න බැරි බව දන්නවා. කමල් අය මුහුණු පොතට එන්නෙ නැ සමානයෙක් නැති නිසා. තනිවම සටන් කරයි මම දන්නවා දියසෙන් කුමාරයා මරන්න මේ ලොකේ ජගතෙක් නැ කියා මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි හා කමල්

  3. yvonne- chula says:

    sajith p

  4. Let's do says:

    සජී….. ඔයා තමයි දවසක්වත් බඩුව.

  5. amaris aiya says:

    පරාජයෙන් පස්සේ දිවියෝ ආරස්සා කරන්න වනගත උනා කිව්වම මටත් පොඩි සැකයක් ඇති උනා….හොර ගෙඩියා….

Main News