පැරණි පාර්ලිමේන්තුව කැවන්නැයි විපක්‍ෂය තර්ජනය කරනවා.. පැවති පාර්ලිමේන්තුව කැදවීම ගැන අගමැතිගේ ස්ථාවරය මෙන්න..

May 3, 2020 at 2:10 pm | lanka C news
පැරණි පාර්ලිමේන්තුව කැවන්නැයි විපක්‍ෂය තර්ජනය කරනවා.. පැවති පාර්ලිමේන්තුව කැදවීම ගැන අගමැතිගේ ස්ථාවරය මෙන්න..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

කොරෝනා උවදුර පසකෙ තබා දේශපාලනය කතා කිරීම

ජනාධිපතිතුමාත්, ආණ්ඩුවත්, සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයත් තම සම්පූර්ණ අවධානය කොරෝනා මර්ධන ව්‍යාපාරය කෙරෙහි යොමු කර තිබෙන ආකාරයත්, ඉන් ජනතාවට ප්‍රතිඵල අත් වෙමින් පවතින ආකාරයත් කාටත් පෙනේ. මේ මහා ජාතික ආපදාව හා ලෝක ව්‍යසනය මධ්‍යයේ වුවත්, විසිරුවා හැර තිබෙන පරණ පාර්ලිමේන්තුව නැවත රැස් කළ යුතු බවත්, අප්‍රේල් 30 වෙනිදායින් පසු පැරණි පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව ආණ්ඩුවට කොරෝනා මර්ධන ව්‍යාපෘතිය ඇතුලු රජයේ සේවාවන් පවත්වාගෙන යෑමට මුදල් වෙන්කිරීමට නෛතික බලයක් නැති බවත්, පරණ පාර්ලිමේන්තුව නැවත රැස් නොකොළොත්, ජනාධිපතිතුමා ඇතුලු ආණ්ඩු පාර්ශවයේ සිටින අපගේ ප්‍රජා අයිතිය නැති විය හැකි බවත්,  දේපළ රාජසන්තක විය හැකි බවත් තර්ජනය කරමින්, මේ රටේ දේශපාලන විපක්ෂය රණ්ඩු කරන ආකාරය අපි දකිමු.

මාර්තු මස මුලදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ ලංකාවේ එකම කොරෝනා රෝගියෙකුවත් නොසිටි අස්ථාවකය. ඊට සති එකහමාරකට පසු මුල්වරට රෝගියෙකු හමුවීම නිසා, මැතිවරණ කොමිසම විසින් ජුනි 20 වෙනිදා දක්වා මැතිවරණය කල් දමනු ලැබීය. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව එම දිනයත් බොහෝ දුරට කල් යෑමට ඉඩ ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කොට ඇත. ස්වාධීන මැතිවරණ කොමිසමට හිමි බලතල අනුව සුදුසු අවස්ථාවක ඔවුන් මැතිවරණය පවත්වනු ඇත. ලංකාවේ කොරෝනා මර්ධන ව්‍යාපෘතිය ලෝකයේ බොහෝ රටවලට වඩා සාර්ථකත්වයක් පෙන්වා ඇති තත්වයක් යටතේ මැතිවරණයක් පවත්වනු ලැබුවහොත්, විපක්‍ෂයට අවාසිදායක වෙන නිසා, කෙසේ හෝ යලිත් පැරණි පාර්ලිමේන්තුව කැඳවාගෙන, ආණ්ඩුවේ මුදල් සැපයුම හිර කිරීම තුළින් කොරෝනා මර්ධන ව්‍යාපෘතිය කඩාකප්පල් කොට, මහා මැතිවරණයට පෙර ආණ්ඩුවේ ප්‍රතිරෑපය බිඳ දැමීම විපක්‍ෂයේ පරමාර්ථය වී ඇති බව පැහැදිලිය.

කොරෝනා උවදුර ඒමට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී මේ යහපාලන පක්‍ෂ පාර්ලිමේන්තුවේ ඔවුන්ට හිමි බහුතරය පාවිච්චි කොට ආණ්ඩුවේ පොහොර හා බෙහෙත් සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම වැලැක්වීම තුළින් රටේ පොහොර හා බෙහෙත් හිඟයක් ඇතිකොට අලුත් ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමට දැරූ උත්සාහය මුලු රටම දුටුවේය. දැන් ඔවුන් ඉදිරිපත් කරන තර්කය වෙන්නේ ආණ්ක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනාධිපතිවරයාට රටේ සේවාවන් පවත්වාගෙන යෑමට මුදල් වැය කිරීමට බලය පවරා ඇත්තේ,  පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පැවති ආණ්ඩුව විසර්ජන පනත් කෙටුම්පතක් සම්මත නොකර තිබෙන අවස්ථාවක පමණක් බවයි. කලින් පැවති යහපාලන ආණ්ඩුව 2020 අප්‍රේල් 30 වෙනිදා දක්වා   අතුරු සම්මත  ගිණුමක් සම්මත කර තිබුණු නිසා, අප්‍රේල් 30 වෙනිදායින් පසු ජනාධිපතිවරයාට මුදල් වියදම් කිරීමට බලයක්  නැතැයි ඔවුන් තර්ක කරයි.

මෙය විකාර ස්වරූපී තර්කයකි. ව්‍යවස්තාවේ 150(3) වගන්තිය යටතේ,  පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනාධිපතිවරයාට  පාර්ලිමේන්තුව විසින් මුදල් වෙන් කර නොමැති ඕනෑම කාරණයක් සඳහා මුදල් වෙන් කිරීමට බලයක් ඇත. අදාල කාරණය සඳහා පාර්ලිමේන්තුව විසින් වෙන් කරන ලද මුදල් තිබේ නම් ජනාධිපතිවරයාගේ මැදිහත් වීමක් අවශ්‍ය නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ජනාධිපතිතුමා පරණ පාර්ලිමේන්තුව යළිත් කැඳවන්නේ නැත්තේ,  කොරෝනා මර්ධනයට පිටරටින් ලැබෙන මුදල් අවභාවිතා කිරීමට බව විපක්ෂය කරන තවත් චෝදනාවකි. ඒ මුදල් වියදම් වෙන ආකාරය ගැන අධීක්ෂණය කිරීමට පරණ පාර්ලිමේන්තුව යළිත් කැඳවිය යුතු බව ඔවුන් කියයි. ආණ්ඩුවට පිටරටින් ලැබෙන සියලුම මුදල් මහ බැංකුවේ අදාල පද්ධතිය හරහා මහා භාණ්ඩාගාරයට යයි. මේ මුදල් වියදම් කිරීමේ දී අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියා පටිපාටියක් ඇත. යහපාලන ඇමතිවරු  මධ්‍යම සංස්කෘතික අරමුදලේ  මුදල්  වැය කළ ආකාරයට මහා භාණ්ඩාගාරයේ මුදල් වැය කළ නොහැක.

අභිනව පාර්ලිමේන්තුව රැස්වූ පසු,  පරණ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද මොහොතේ සිට අලුත් පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාව දක්වා රජයේ මුදල් වැය වූ ආකාරය ගැන ප්‍රශ්න නැගීමට විපක්ෂයට අවස්ථාව ලැබෙනු ඇත. එතෙක් ඔවුන් ජනතාවට බොරු නොකියා සිටිය යුතුය. මේ අවස්ථාවේදී අපි මැතිවරණ හා දේශපාලනය ගැන කතා කිරීම සම්පූර්ණයෙන්ම බැහැර කොට කොරෝනා වසංගතය පාලනය කිරීමටත්,  ජන ජීවිතය  සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමටත් අවධානය යොමු කළ යුතුය.

කොරෝනා රෝගීන් සෙවීමේ මෙහෙයුමට එකතු වීම හේතුවෙන් නාවුක හමුදාවේ ඇති වූ කොරෝනා පොකුරේ තරම අපි කවුරුත් දුටුවෙමු. ඒ සියලු දෙනාටම ඉක්මන් සුවය මම ප්‍රාර්ථනා කරමි.

අපේ සෞඛ්‍ය සේවකයන්, යුද, නාවුක, ගුවන් හමුදාව, පොලීසිය ඇතුලු මේ සටනේ පෙරමුණේම සිටින පිරිස් ජනතා සේවය වෙනුවෙන් මොන තරම් අවදානමක්  දරණවාද යන්න කාටත් පැහැදිලිවේ. මේ විරුවන්ට  ඔවුන්ගේ රාජකාරිය කිරීමට අපි කවුරුත්  උපරිම සහයෝගය දැක්විය යුතුය යන කාරණයත් මම මෙහිදී සිහිපත් කර සිටීමට කැමැත්තෙමි.

මහින්ද රාජපක්‍ෂ
අග්‍රාමාත්‍ය

54,362 Viewers

37 Comments to “පැරණි පාර්ලිමේන්තුව කැවන්නැයි විපක්‍ෂය තර්ජනය කරනවා.. පැවති පාර්ලිමේන්තුව කැදවීම ගැන අගමැතිගේ ස්ථාවරය මෙන්න..”

  1. Dilan says:

    Oya kiyana deyak thama ithin
    …apith kiyanne ookamayi…..parana ekath epa ..aluth ekakuth epa….mulin api corona iwara karamu

  2. ටොයිය says:

    Great 👍

    • රාජ්‍ය සේවක says:

      ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක්..

      • akalanka says:

        නව කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයේ වැඩිම ආර්ථික පීඩාවකට පත්විය හැකි රටවල් අතරට ලංකාව නම් කර තිඛෙනවා.
        ඒ ද ඉකොනමිස්ට් සගරාව විසින්.
        මෙහිදී ලෝකයේ ආර්ථිකයන් 66 ක් ඇගයීමට ලක්කර ඇති අතර ඉන් වැඩිම ආර්ථික බලපෑමක් එල්ලවන රටවල් 6 අතරටයි ලංකාව නම් කර ඇත්තේ.
        ඒ අනුව පුද්ගල ණය , විදේශ ණය, ජීවන වියදම හා විදේශ වත්කම් අර්බුධයකට ලක්විය හැකි බවද එම වාර්තාවෙන් පවසනවා.

      • Lankikaya says:

        Kawadath kerana boruwen janathawa andaweema keragene yanawa. Parlimenthuwa mudal anumathiya nodunne mathiwarana wiyaaparayata bedanne mudal awabawitha keranne hadawa kotasatai.

  3. Rane says:

    Athi Yantham !!!

  4. Nishantha says:

    PM sir, old parliament is not required, majority of the country is with the government. Please withdraw your decision to meet those 225 tomorrow at Temple Trees. It is detrimental to international image that the president has gradually built up with extremely effective ways of facing this pandemic situation.

    • Yes I also think meeting 225 at templ trees is unnecessary at this stage as the government is doing well in controlling corona without these basterds.

      • Lamkikaya says:

        Unfortunately 175 out of so called 225 bastards have been given nominations. Constitutionally if the President can carryout until next election everyone should support him. Whatever it is everyone including President should respect the constitution. First priority should be to resolve virus issue. Then the even more serious economic revival.

  5. වසභ says:

    රටේ ජනතාව එකගයි ආණ්ඩුව සමග . ඒකම තමයි විපක්ෂය අකුල් හෙලන්නේ

  6. සංඛපාල says:

    විපක්ෂය මාධ්‍ය සාකච්ඡා තිය තිය ඕගොල්ලන්ට ගහන ගැහිල්ලට ඕගොල්ලො ඔය පොඩි මාධ්‍ය නිවේදන දාල හරියන් නෑ මහත්තයො

  7. Neutral countryman says:

    Dear Mr. Prime Minister

    There are 02 views in public on this subject.

    We the public do not believe either view.

    Even in a simple debate there is a mediator who would give an interpretation on a non agreed subject.

    The only way for us public to get a neutral ruling of this is from a neutral party.

    So why not you seek an interpretation form the court of law.

    Isn`t it a more decent professional and democratic way to handle this instead issuing letters to the public to get petty politic gain?

    We want to see you working like a true prime minister .

    • ජනක says:

      මේ රටේ බහුතර ජනතාවට මේ ගැන කිසිම සැකයක් ප්‍රශනයක් නැත .පාර්ලිමේන්තුව විසුරුවා ඇත නැවත රැස්වන්නේ නව පාර්ලිමේන්තුවක් පමණකි .
      එල්ටිටි අවසන් යුද්දය අවසාන බාගයේ සටන ඉතාම බිහිසුණු ලෙස ඇවිලී යද්දී මේ ආකාරයෙන්ම එජාප /ජවිපෙ /දෙමල සන්ධානය /මුස්ලිම් පක්ෂ මහින්ද රජයට විරුද්දව විශාල අරගලයක් කළා ජවිපෙ සහය ලබා එජාපය මහා වැඩවර්ජනයක් දියත් කළා .මේ සිදුවන්නේද ඒ දෙසහ්ද්‍රෝහී වියාපාරයයි .
      මේ රටේ ජනතාවගේ පලමුවෙනු හතුරා විදෙස සංවිදාන රටවල් නොවේ මෙන්න මේ එජාප ජවිපෙ සුළුජාතික පක්ෂ හවුලයි

    • Lamkikaya says:

      Spot on. Exactly what unbiased citizens of Sri Lanka needs.

  8. Jinee says:

    Anna ehema thamai,kelin wada,keeyata wath parana ladiya kadawanna ona na,okunta yana ena man nati karanna ona

  9. LAK SOYURO says:

    Janapathi Mahinda Mathi Thumani Yahapalana Hora Nadayata Lapa Kumarata Nawatha Parlimenthu Enna Api Denne Naha, Ohoma Yan JAYAWEWA!

  10. Sun says:

    What is the point of calling old fellows who looted the country in all possible ways about 90% of the former parliamentarians have bad records from the top. Country is collapsed and no point of calling these inactive old members. No one is showing positive interest of developing the country . Some are thinking of sell the land and use that money for drinking. Really some have that mentality. That is why the economy went down to the bottom. We cannot trust old fellows.

    • Lankikaya says:

      Ohhhhh!!! You mean 100% of government before yahapalanaya were honest and did not loot public money????Whoever it is that loots public money should be hanged but in our country unfortunately irrespective of to which party they belong, they are the most recognized by the mongal public.

  11. Jay says:

    Mahinda mahaththayo. Oyath Rajitha wage padaththara heththa redda asse daagena thama hurathal karanawane. Janathawata ekak. Rajithata thawa ekak. Sajithge parayanwa hurathal karanna epa.

  12. Sirisena Yatawara says:

    Some people views are not clear of Constitutional clauses . Better to be read constitution on live point of view . See the situation has not that permitted to reconvened old Parliment is unconstitutional .On other way Coronavirus is special circumstances in World-wide.We need look at life and Economic of majority people lives on positive side of Living many.
    That UNP’s lumpens do not understand

  13. Sirisena Yatawara says:

    Some people views are not clear of Constitutional clauses . Better to be read constitution on live point of view . See the situation has not that permitted to reconvened old Parliment is unconstitutional .On other way Coronavirus is special circumstances in World-wide.We need look at life and Economic of majority people lives on positive side of Living many.
    That UNP’s lumpens do not understand.
    When UNP crooks wee in political-power in 1977 to 1994 they kept book of Election was closed for Public. Now they wanted extended

  14. Sirisena Yatawara says:

    Some people views are not clear of Constitutional clauses . Better to be read constitution on live point of view . See the situation has not that permitted to reconvened old Parliment is unconstitutional .On other way Coronavirus is special circumstances in World-wide.We need look at life and Economic of majority people lives on positive side of Living many.
    That UNP’s lumpens do not understand.
    When UNP crooks wee in political-power in 1977 to 1994 they kept book of Election was closed for Public.
    Now they wanted extended that period of Parliment for unknown date@…request by Sahith R….. TNA, JVP and Muslim congress of Terrorist by Islamism!
    Which is NOT possible. UNP will defeated incoming next election.so UNP wanted keep OLD Parliment as long as possible time.

  15. rathgama de silva says:

    මේ මනුස්සය කියන්නෙම පච නේ.හරි නම් පොලොව පලාගෙන ගිනි ජාලා ඇවිත් අවීචි මහා නරකාදියට ඇදගෙන යන්න ඕන මේ කියන පච වලට.කුඩා ළමයෙකුට උනත් වැටහෙනවා ආණ්ඩුව කරන්නේ කොරෝනා මර්ධන සටනක් නොව ,මල සිරුරු බහාලන කවර 1000 කුත් ගෙන්න ගෙන කොරෝනා අස්සෙම,ජන රැලි තහනම් කර ඩලස් මෙතඩ් එකට චන්දය තියා කොහොමහරි 113 ගැනීමේ සටනක් බව.ඔබේ ලොකු අයිය අර වල පයයි ගොඩ පයයි ඉන්න වයෝවෘධ පරිණත දේශපාලඥයෙකු වූ චමල් රාජපක්ෂ තමයි නරුමයෙක් ලෙස කිවුවේ,කොරෝනා පැතිරුණත් අපි චන්දෙ කල් දාන්නේ නැහැ,අප්‍රියෙල් 25 චන්දය තියනවා කියල.පවිත්‍රා,සුසිල්,රමේෂ් පතිරණ,ලක්ෂ්මන් යාපත් කිවුවේ කොරෝනා පැතිරුණත් අපි අප්‍රියෙල් 25ම චන්දය තියනවා කියල.මේ හැමෝම කතා කලේ ඔබෙත්,ගෝටාභයගේත් බසිල්ගේත් උපදෙස් මතයි.ඔබලා තුන්දෙනා අතර කිසිම විරසකයක් නැහැ,තුන්දෙනාම එක වැල්ලේ පොල්,ඩී .ඒ .රාජපක්ෂගේ අති ජාත පුත්තු.තවදුරටත් ඔබලාට ජනතාව ගොනාට අන්දන්න බැහැ.හැම දෙයක්ම වෙන්නේ මහින්දගේ උපදෙස් මත හා අයිය මලෝ තුන්දෙනා සාකච්චා කරලා බවත්,ඇමතිවරු කියන දේවල් කියන්නේ ඔබලා තුන්දෙනාගේ උපදෙස් මත බවත් ජනතාව දන්නවා.කොරෝනා කීයටවත් ඔබලාට ජුනි 20 චන්දය තියන්න දෙන්නේ නැහැ.කොහොම උනත් දැන් ඔබලා මහින්ද දේශප්‍රිය අල්ලාගෙන ඉන්න නිසා හෝ මිනිහට රාජපක්ෂ භීතිකාව හැදිච්ච නිසා මැයි 15 අවට දිනයක මනාප අංක දී චන්ද ජුනි 20 තියන බව ප්‍රකාශ කරාවි.ඒ සමග සියලුම අපේක්ෂකයෝ චන්ද ව්‍යාපාරයේ කටයුතු ලහි ලහියේ ආරම්භ කරාම නැවත කොරෝනා සීග්‍රයෙන් පැතිරී පොහොට්ටුවේ ප්‍රබලයින් දෙතුන් දෙනෙක් කොරෝනා වලින් පරලොව යවා චන්දය කල් දැමීමට මේ රට සුරකින දෙවි දේවාතාවුන් කටයුතු සලසාවි.ජනතාවට බොරු කිවුවට මහින්ද මහත්තයෝ කර්මය කියල දෙයක් තියෙනවා.ජිවිතේ අවසාන කාලය ලඟා වෙද්දී කර්මය විසින් මාරයා ගෙදර එළිපත්තටම එවනවා.වැරදි වැඩ කරන අයගේ ගෙදර එළිපත්තේ හිටගෙන මාරයා ඔවුන් දෙස රවාගෙන ඉන්නේ කොයි වෙලාවේ හරි අපායට ඇදගෙන යන්න.
    අවසාන වශයෙන් කියන්නේ අඩු ගානේ නඩු තීන්දුවකින් හෝ එහෙමත් නැත්නම් කොරෝනා බිය නිසා රජයේ නිලධාරින් රාජකාරි වලට එන්නේ නැතිවීම නිසා රාජපක්ෂලාගේ ගොට්ටෙක් වූ මහින්ද දේශප්‍රියට අවසන් සති දෙක වන විටවත් ජුනි 20 මැතිවරණය කල් දමන්න වෙනවාමයි.

    • On The Spot says:

      රත්ගම මචං,උඹල කැපුවත් කොළ කන්නෙ තණකොළ ඒක උඹලගෙ වැඩක්. උඹ තණකොළ කෑවට අපිට ඒව කවන්න උත්සහ කරන්න එපා බං.මිනිස්සු කැමතියි අළුතෙන් තමන් කැමති නියෝජිතයො පත් කර ගන්න​.ඒකට තමයි ජනතා පරමාධිපත්‍ය කියන්නෙ.උඹත් ඒ ජනතාවගෙන් එකෙක් නම් අං තට්ටුවට පැන්‍ෂන් දීල හැරියං අනිත් පැත්තට.

      • Alapaluwa says:

        මචං මේ rathgama de silva කියන එකා ගූ කරත්තයක්.  ඌ කන්නෙම සජියගෙ ගූ.

        • Gu VP, NP says:

          ethakoia machang oyala kanne kage ewada?

        • Alapaluwa says:

          හලෝ දැන් ඔබට සතුටුද මගේ නම හොරාගෙන ලියන එකට.නමුත් තමන් කොතෙක් උතසහා කලත් ඒ තමාමයිකියාගන්න මගේ අදහස් වචන උච්චාරණයෙන් බොරු ඔබට හෙළුව වසාගන්න බැරිබ දැනගන්න.මොකද අවුරුද ගණනාවක් මෙතන ලියපු මගේ අදහස් මෙතන ලියන අයට දැනෙන නිසා.නරියෙක් කිසිදාක සිංහයෙක් වන්නේ නැ සිංහ හමක් පොරවාගත් කියා. ඔබට

          • Alapaluwa says:

            අනේ මෝඩ සාඩිං බයි හිවලො. උඹ හිතන් ඉන්නෙ උඹ සිංහයෙක් කියල. 🤣🤣🤣. අඩුමගානෙ ලංකාවට ඇවිත් තමන් දන්න රස්සාවක් කරල ජීවත්වෙනගමන් කඩේ පල. තොපි වගේ හෝතඹු වහල්ලු නිසා තමයි අපේ රට දිනෙන් දින වලපල්ලට යන්නෙ. හිටු කියල කඩේ යනව ඇරෙන්න දන්න අටමගලකුත් නැහැ. හැබැයි හිතාගෙන ඉන්නෙ සිංහයෙක් කියලා. හරහටදාල රෙන්න ඕන තොපි වගේ එවුන්ගෙ කටට.

    • Kamil says:

      මේ උතුම් මිනිසා පොලොව පැලී අවීචියට යන්නෙ තිස් වසරක් යුද්ධය නිමා කරලා මිනිසුන් ලක්ශ ගනනක්ගෙ ජීවිත බේරපු පින විපාක නොදෙන නිසා ද? උබල යුද්දෙට කලින් ප්‍රභාකරන්ට රටේ කෑල්ලක් කඩල දෙන්ඩ කැමති වෙච්ච එකෙක් නෙද? ඇත්ත කියපන්.කෙනෙක් බොරුකියා අපාගත විය හැකි අතර තව කෙනෙක් යමෙකුට අපහාස කල ද්වෙශ සිතින් මැරී අපාගත විය හැකියි.පව් එතකොට දෙන්නටම අපායෙ ඉපිද දුක් විදිනව

    • david milibanda says:

      Damn Grass eaters what FCUK do you understand?

  16. Puncha says:

    Dadwathe giya gani dikkasada karala nawatha pawulkanna kiyanawa waGe wedaK. Napunsaka wipaksayata nam eka ganak nethi wage

  17. සොඳුරු says:

    තිබ්බ රෙද්ද කඩා ගෙන ශැන් බොරුවට හෙලුව වහ ගන්න දැගලුවට වඩක් නැ..චන්දෙ තියන්න ඔනේ කියලා පුලුවන් හැම සන්නියම නටලා එ හැම දේම බකල් උනාට පස්සේ විපක්සෙට බෝලෙ පාස් කරලා ගොඩ යන්න හදනවා.විලි ලැජ්ජාව කියලා දෙයක් නැතිද?

    • Lankikaya says:

      Exactly right. This is how bai supporters get hoodwinked right throughout.

      • ALAPALU RANAWAKA says:

        ME “SONDURU” KIYALA COMMENT KARALA THIYENNE ARA THALATHA ATHUKORALA KIYANA AMMANDI
        NEDA BOLOW.

  18. Jagath Silva says:

    korona mardhanayata nath deviyan ready. oba readyda

  19. Mettha says:

    certificate budhist lata pin paw therenne netha. Lokkoth samagama apayata yama sandaha comment kotanawa.

  20. alibaba says:

    Me kalakanni wesigeputhalata me parlimenthuwak badagena kagahanne rate wena prashna nadda munta katha karanna. Yahapalane kiya kiya aurudu 5 rata kawa monawada minissunta penna mun kale maithtriyai ranilai aragaththa misa oya gon pakayo ratata danena deyak karala giyada. Kalakanniyane mewa gana katha karanawata wadiya merate minissunta karanna godak wada thiyenawa. Okkomata issella rate duppath minissunge bada gosthare hoyaganna rata nawatha patangatha uthuwa thiyenawa. Enisa oya asikkitha deshapalanaya katha kirima nawaththala rata gana hithala ratata mokakhari deyak karanna janadipathi thumata idadeela hitapiya. Adugane mukuth karanna barinam katawath wahagena hitapiya kalakanni.

Main News