පැරණි මෝටර් රථ පෙලපාලියකින් උතුරු දකුණු මිතුරුදමක්…

March 6, 2018 at 2:04 am | lanka C news
පැරණි මෝටර් රථ පෙලපාලියකින් උතුරු දකුණු මිතුරුදමක්…

ශ්‍රීලංකාව තුල දැනට ඇති පැරණිතම මෝටර් රථ අතුරින් ධාවනයට සුදුසු මට්ටමේ ඇති පැරණිතම මෝටර් රථ වලින් සමන්විත රථ පෙලපාලියක් දකුණේ සිට උතුරට ගමන් කිරීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි.

පැරණි මොටර්ථ හිමියන්ගේ සංගමය විසින් මෙම මොටර් රථ පෙලපාලිය සංවිධානය කොට තිබූ අතර පසුගිය පළමුවනදා කෙළඹින් ආරම්භ වූ මෙම වැඩසටහන යාපනයට පැමිණීමෙන් පසුව නැවත කොළඹ දක්වා ධාවනය කිරීමට සංවිධානය කොට තිබුණි.

මෙහිදී අවුරුදු 60 ක් පමණ වයසැති යතුරු පැදි හා අවුරුදු 80 ක් පමණ වයසැති පැරණි මෝටර් රථ 18 ක් මෙම රථ පෙලපාලියට එක්ව තිබුණි.

පැරණි මෝටර්රථ හිමියන්ගේ සංගමයේ සභාපති නීල් ප්‍රණාන්දු මහතා කියා සිටියේ

‘පැරණිම මොටර්රථ අතුරින් ධාවනයට සුදුසු මෝටර් රථ 20 ක් පමණ තියනව මේ වාහන අවුරුදු 80 ක් පමණ පැරණියි නමුත් මේ දුර ගමනට හොඳම තත්වයේ තියෙන වාහන අපි ගත්තේ අපි මෙහෙම යාපනයට යන්නේ යාපනයේ ජනතාව අතර සුහදත්වය ඇති කිරීමට වගෙම ඒ ජනතාව බොහොම කැමත්තක් දක්වනවා මේ වාහන දකින්න . යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

245 views
Main News