පැරදුනත් එජාපය-ශ‍්‍රීලනිප හවුල් වී බලෙන් ගමේ ආණ්ඩු පිහිටුවන්න සූදානම්.. පොහොට්ටුවට ඉඩ නොදෙයි..

February 12, 2018 at 2:10 pm | lanka C news
පැරදුනත් එජාපය-ශ‍්‍රීලනිප හවුල් වී බලෙන් ගමේ ආණ්ඩු පිහිටුවන්න සූදානම්.. පොහොට්ටුවට ඉඩ නොදෙයි..

පළාත් පාලන මැතිවරණයෙන් පරාජය ලබා ඇති එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව රට පුරා පළාත් පාලන ආයතනයන් විශාල ප‍්‍රමාණයක හවුල් ආණ්ඩු පිහිටුවීමට තීරණය කර තීරණය කර ඇති බවට ආන්ඩු හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට පැහැදිලි බහුතරයක් නොමැති සභාවන්හි බලය එසේ පිහිටුවීමට සාකච්චා සිදුවෙමින් බවද සදහන්ය.

කෙසේ වෙතත් මැතිවරණයට පෙර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් කියා සිටියේ කිසිසේත්ම එජාපය සමග පළාත් පාලන ආයතනවලදී එක්ව ආණ්ඩු කරන්නේ නැති බවත් එක්වන්නේ පොදුජන පෙරමුණ සමග පමණක් බවත්ය.

59 views

14 Comments to “පැරදුනත් එජාපය-ශ‍්‍රීලනිප හවුල් වී බලෙන් ගමේ ආණ්ඩු පිහිටුවන්න සූදානම්.. පොහොට්ටුවට ඉඩ නොදෙයි..”

  1. kadiya says:

    ඕන්න එකමත් එක රටක හිරිකිත කියල ගමක් තිබුණ. මේ හිරිකොතේ අලි කපටි නරියෙක් වාසය කළා. මේ හිරිකොතට කිට්ටුව තිබුන සරුසාර ඉඩමක්.
    පහුගිය අව්රුදු තුනක්ම මේ ඉඩම අතෑරලා දාල තමයි තිබුනේ. ඔය ඉඩමේ සරුසාරේට ලබු වැලක් වැවෙන්න ගත්ත. ඔය දවස්වල රටේ ගම් අතරේ තිබුණ තරඟයකින් පැරදිලා නන්නත්තාර වෙලා යන හාවෙක් හිරිකොත ළඟ වැට මායිමේ හතරගාතේ දාල ඉන්නවා දැකපු නරිය ඉස්සෙල්ලම හිතුව මූව කාල දාන්න. ඊට පස්සේ හිතුව මුගේ ඇඟේ මස් කලඳක්වත් නැති එකේ ටික දවසක් ඔහේ ඉන්න දීල මහත්වුණාම කාල දානවා කියල. ඉතිං හාවට ටෝකක් දාල බැලුවා, වැඩේ පොසිටිව්. ඉතින් හාවටත් හිරිකොතේම ලැගල ඉන්න නරිය ඉඩදුන්නා. යනඑන මං නැතිව හිටිය හාවටත් මේක හරිම ඉහලයි. හාවා මස්දලා එනවා, ඔය අස්සේ අල්ලපු වත්තේ ලබු වැලත් ලොකු වෙනවා. ඉතිං හිරිකොතට පේන්න ෂෝක් ලබු ගෙඩියක් හොඳට හැදිලා ආව. ඉතිං නරිය හාවට කිව්වා මචෝ අපි මේ ලබු ගෙඩියෙන් ලබු කිරිබත් උයමු කියල. ඉතිං හාව ලබු කිරිබත් උයන කම් නරිය වටපිට මුරකරන්නම් කියල ලබු කිරිබත් උයන එකෙන් ඇඟ බේරාගෙන මාරුවෙලා හිටිය. හාවත් ලබු ගෙඩිය හොරෙන් කඩාගෙන ඇවිත් ලබු කිරිබත ඉව්ව. වෙලාවට ආපු නරියා කිරිබත් කන්න වොෂ් එකක් දාගෙන එන්න කියල හාවව බාත්රුම් එකට යවල ලබු කිරිබත එහෙමම කාල දැම්ම. බඩට ඔරොත්තු නොදෙන නිසාත් බාත්රුම් එකේ හාව ඉන්න නිසාත් නරිය පස්ස පැත්තට පොල්මුඩ්ඩක් ගහගෙන බලන්හිටිය. ඊට පස්සේ…….. හාව නෑව ……..ටිකදවසකට පස්සේ නරිය හාවව කෑවා.

Main News