පැරදුනු බුද්දදාස යලි කරලියේ.. කඩුවෙල මහ නගර සභා නිලධාරිනියවට විරුද්දව පෙත්සම් ගහයි..

May 7, 2018 at 6:27 am | lanka C news
පැරදුනු බුද්දදාස යලි කරලියේ.. කඩුවෙල මහ නගර සභා නිලධාරිනියවට විරුද්දව පෙත්සම් ගහයි..

කඩුවෙල මහ නගර සභාවේ උසස්‌ නිලධාරිනියකගේ මහා පරිමාණ දූෂණ ක්‍රියා ගැන වහාම පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාර හේමකුමාර නානායක්‌කාර මහතා වෙත හදිසි ලිපියක්‌ යවමින් ඉල්ලා ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙතද යවා ඇති එම ලිපියේ මෙසේද සඳහන් වේ.

මෙම උසස්‌ නිලධාරිනිය කඩුවෙල මහා නගර සභාවේ එම ධුරය දරන 2016 දෙසැම්බර් මස සිට මේ දක්‌වාම විශාල වශයෙන් දූෂණ සිදුවී ඇත. පරිපාලනය ඉතාමත් දුර්වල තත්ත්වයකට පත් විය.

එම නිලධාරිනිය සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු සැලකිල්ලට ගෙන ඒ පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයක්‌ කර, ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ඉතාමත් කාරුණිකව ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

මෙම නිලධාරිනිය පැමිණි පසු ප්‍රථමයෙන්ම සිදු කළේ ඉහළ නිලධාරින්ට විවිධ අසත්‍ය චෝදනා නඟමින් ඔවුන් මානසිකව පීඩාවට ලක්‌කර ස්‌ථාන මාරුවී ලබාගෙන යැමට සැලැස්‌වීමය. ශ්‍රී. ල. ප. සේවයේ නියෝජ්‍ය නාගරික කොමසාරිස්‌ සහ නාගරික ලේකම් මෙන්ම ප්‍රජා සංවර්ධන නිලධාරී ද එසේ යන ලදී. මේ පිළිබඳ සාක්‌ෂි ද ඇත. නියෝජ්‍ය නාගරික කොමසාරිස්‌ට සහ ප්‍රජා සංවර්ධන නිලධාරිට විරුද්ධව ඉදිරිපත් කරන ලද චෝදනා කිසිවක්‌ මේ වනතුරු ඔප්පු වී නොමැත.

නියෝජ්‍ය නාගරික කොමසාරිස්‌ සහ ප්‍රජා සංවර්ධන නිලධාරි වෙත චෝදනා කරන ලද්දේ කුණු බැහැර කරන ක්‍රියාවලියේදී අක්‍රමිකතා වන බවය. නමුත් වර්තමානයේ දී කුණු බැහැර කිරීමේ ක්‍රියාවලිය සඳහා සෘජුවම මෙම නිලධාරිනිය සම්බන්ධ වී, විවිධ අක්‍රමිකතා කටයුතු සිදු කර ඇත. එනම් කුණු බැහැර කිරීම සඳහා කිසිදු ටෙන්ඩර් කැදවීමකින් තොරව ට්‍රැක්‌ටර් රථ 05 ක්‌ දෛනික කුලී පදනම මත ලබා ගෙන ඇත. තවද ඉහත සඳහන් කළ නිලධාරීන් සිටි කාලයට වඩා කුණු බැහැර කිරීමේ දී 2017 වර්ෂයේදී ලක්‍ෂ 120 කට වඩා වැඩි මුදලක්‌ වැය වී ඇත. මේ සම්බන්ධයෙන් ඒ සඳහා ඇති ලේඛන පරීක්‍ෂාවෙන් පැහැදිලි කරගත හැක. මෙහිදී කුණු බැහැර කිරීමේ ක්‍රියාවලියේ සැපයුම්කරුවෙක්‌ ලෙස සිටින අයකු මාසිකව ලක්‍ෂ 03 ක්‌ උසස්‌ නිලධාරිනිය වෙත ලබා දෙන්නේය. එමනිසා ඔවුන්ගේ ගෙවීම් අනිකුත් සැපයුම්කරුවන්ගේ ගෙවීම්වලට වඩා ඉක්‌මනින් ලබා දෙන්නේය. මේ සම්බන්ධයෙන් ද අදාළ ලේඛන පරීක්‍ෂාවෙන් පැහැදිලි කරගත හැක.

මාර්ග කොන්ත්‍රාත් සඳහා ද මන්ත්‍රී මණ්‌ඩලය සිටි කාලයට වඩා වැඩි වශයෙන් පරිපාලන කමිටු අනුමැතිය ලබා ගෙන එම කොන්ත්‍රාත් හිතවත් කොන්ත්‍රාත්කරුවන් වෙත ලබා දී මාසිකව රුපියල් ලක්‍ෂ 10 ක මුදලක්‌ අයථා ලෙස ලබා ගෙන ඇත.

සභාවේ වාහනවලට ඉන්ධන සැපයූ කොතලාවල ඉන්ධන සැපයුම්හලෙන් රු. ලක්‍ෂ 05 ක මුදලක්‌ ඉල්ලා සිටි අතර, එය නොලැබුණ නිසා එම ආයතනයෙන් එම සේවාව මැතිවරණයට දින කිහිපයකට පෙර නතර කරන ලදී.

මෙම නිලධාරිනිය කඩුවෙල මහා නගර සභාවට පැමිණෙන මුල් කාලයේ අසනීප වී පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාරක ලබා ගෙන අදාළ රෝහල් බිල ගෙවා ගත නොහැකි තත්ත්වයක සිටියත්, මෙලෙස අයථා ලෙස උපයාගත් මුදලින් වර්තමානයේ දී බත්තරමුල්ල කොස්‌වත්ත ප්‍රදේශයේ රුපියල් ලක්‍ෂ 80 කට ඉඩමක්‌ මිලදී ගෙන ඇත. ඇය නමින් ඇති ගිණුමේ ගනුදෙනු පිළිබඳ වාර්තාවක්‌ බැලීමේ මෙම අයථා ගනුදෙනු පිළිබඳ සාක්‍ෂි ලබා ගත හැක. තවද ඇය විසින් මාගෙන් රු. 165000 ක්‌ ලබා ගන්නා ලදී. එසේ ලබාගත්තේ මාසිකව කොන්ත්‍රාත් ලබාදීමේ එකඟතාවය මතය.

එමෙන්ම විවිධ කමිටු සෑම දිනකම වාගේ පවත්වා සංග්‍රහ වියදම් ලෙස සභා අරමුදල් නිකරුනේ නාස්‌ති කර ඇත.

– divaina

220 views
Main News