පැරදුනු මැති ඇමතිවරුන් 30කට ප‍්‍රභූ ආරක්‍ෂාව…

November 14, 2021 at 6:18 am | lanka C news
පැරදුනු මැති ඇමතිවරුන් 30කට ප‍්‍රභූ ආරක්‍ෂාව…

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මැති ඇමතිවරුන් තිහකට ආසන්න පිරිසකට මාස 15 ක පමණ කාලයක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබාදෙමින් ඇතැයි රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

එම පිරිසට අමතරව හිටපු ආණ්ඩුකාරවරුන් පිරිසකට ද මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබාදී තිබේ.

පැවැති මහමැතිවරණයේදී පරාජයට පත්වූ මෙම මැති ඇමති පිරිසට ප්‍රභූ ආරක්ෂ නිලධාරීන් දෙදෙනා බැගින් ලබා දී ඇති අතර එම පිරිස ප්‍රධාන දේශපාලන පක්ෂවලට අයත් පුද්ගලයන් ය.

මේ සම්බන්ධයෙන් ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී පැවති මහජන ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ දී මන්ත්‍රී පිරිසකගේ විරෝධය පළවී තිබේ.

24,788 views

10 Comments to “පැරදුනු මැති ඇමතිවරුන් 30කට ප‍්‍රභූ ආරක්‍ෂාව…”

  1. 3% ට බය බයියා. says:

    ජේවිපි ආණ්ඩුවක් තිබ්බා නම් ඕවා වානා.ජනතාවට සහන විතරයි .

    • Ranjith says:

      ඔව් ඉතින් හතර පැත්තට බස්, කෝච්චි, ෆැක්ටරි, ආණ්ඩුවේ කාර්යාල, එකී නොකී ඔක්කොම ගිනි තියලා ID කාඩ් ටිකත් එකතු කරගත්තම ගල් යුගේ දඩයමක් කරන් ඉන්න කියාවි. ඔය ළඟදිත් කිව්වේ අධිවේගී මාර්ග හැදුවේ රාජපක්ෂ ල ට කොළඹට ඇඹුල් තියල් ගේන්න කියලා. උන්ගේ ගෑනු BMW පදිනවා. කෝටි ගානක් වටිනා ගොඩනැගිලි කුලියට දෙනවා. ඒවා දෑවැද්ද ට ලැබුණු ඒවලු. ඒ අතරේ වහල්ලු මාක්ස් ලෙනින් පින්තුර කරේ තියන් ඉස්කෝලේ කැඩෙට් භටයෝ වගේ මැයි පළවෙනිදා පෙළපාලි යනවා පීඩිත පන්තියට ජයවේවා කියලා. පව් ඔයි😂😂

  2. Janaka says:

    මේක එතරම් පුදුම වියයුතු කරුනක් නොවේ. රනිල් මහ මැතිවරණයෙන් ඇපෙත් නැතිව පරාජයවෙලා මන්ත්‍රී අසුනක්වත් නොමැතිව සිටියදී ජනාධිපති ටත් නැති ආරක්ශක බලකායක් ලබාදුන්න. ඒ පිරිස 300කට අධිකයි .එය දෙවනි උනේ අගමැතිගේ ආරක්ශාවට පමනයි. මෙය පොලිසිය බාර ඇමතිවත් ජනාදිපතිවත් දුන් ආරක්ශාවක් නොවේ. ගජ මිතුරා විසින් සපයන ආරක්ශාවක්. අදටත් රනිල්ට වජිරට රවිට අගමැති ලවා ඕනා ප්‍රමාණයක ආරකයින් පිරිසක් ලබා ගත හැකියි. ඒ වගේම කැබිනට් ඇමති වරුන්ට කල නොහැකි දේ ඔහුන්ට අදටත් කල හැකියි.

  3. Athula says:

    මෙහෙම තමයි රටේ මහජන ධනය ඉතුරු කරන්නේ .. පුදුම වැඩකාරයෙක් මේ යකා

  4. Nalin says:

    අද වැඩිම ප්‍රභූ ආරක්ශක පිරිසක් සිටින්නේ මහින්දට සහ නාමල්ට .එය ජනාධිපතිට ඇති ඇති බට පිරිස මෙන් 10 ගුනයක්. පසු ගිය වතාවක ජනාදිපති සහ අගමැති දෙදෙනාම මහ නුවරට පැමිණියා මා සිටියේ මහනුවර ආරක්ශාවට ජනපතිට සිටියේ එකම ඩිෆෙන්ඩර් රථයයි .නමුත් අගමැතිට රථ 12 යි. ජනාධිපතිට විපක්ශයෙන් මුස්ලිම් අන්තවාදින්ගෙන් පරන එල්ටී ටී හෙවැනැලි මෙන්ම දේශපාලන විරුද්ධ වාධීන් ගෙන් තර්ජන එමටයි නමුත් අගමැතිට එවැනි කිසිම තර්ජනයක් නෑ. පෙරකී සියලු දෙනාම අපේ අගමැතිතුමා ඇහැක් මෙන් රැක බලා ගන්නවා .

  5. ෆකෝරිස් says:

    @ 3% බයිලා මැන්,

    උබලාගේ ලොක්කා ගිය අවුරුදු පහේ හොයපුවා යොදවා දැන් පාර්ලිමේන්තුවට ආසන්නයේ රැපියල් කොට්ගනනින් වටිනා ඉඩම් මිලට ගන්නවා උබ මෙතන මැරෙන්න හදනවා, මචො උබෙ මහන්සියට වටිනා ගානක් කතාකරගනිනින් රැපියල් 2500 නන් දැන් හොදටම මදී, හොරැ ගැන නැතුව රට ගැන හිතපන් ඌන් ඔක්කොම හොරැ.

  6. ගමරාළ says:

    රවියා ගේ ගැනි හා ඌගේ ලමයින්ටත් තාමට පොලිස් ආරක්ෂකයන් ලබා දී ඇත.

    දුප්පතුන් ගේ බදු මුදලට නියම වටිනාකමක් මේ රජය යටතේ ද ලබා දී ඇත.

  7. Giggolo says:

    They need protection from the general public

  8. Kalu Albot says:

    Paraoshitha Janathaa Drhee huthithige Puthaalata weithiyanna thiyenne!! Mahaththayo, Palakaranako okalaage nam layisthuwa!