පැරදුනු රනිල් හොර පාරෙන් පාර්ලිමේන්තු එන්න කුමන්ත‍්‍රණයක.. කොළඹ මනාප යලි ගනී..

August 6, 2020 at 10:02 pm | lanka C news
පැරදුනු රනිල් හොර පාරෙන් පාර්ලිමේන්තු එන්න කුමන්ත‍්‍රණයක.. කොළඹ මනාප යලි ගනී..

කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය 5% අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන සිටියදී එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හොර පාරෙන් පාර්ලිමේන්තු ඒම සඳහා නැවතත් කුමන්ත්‍රණයක් කරමින් සිටින බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

එම පක්‍ෂය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වික්‍රමසිංහ මහතා ඔහුට සමීප නීතිඥයන් පිරිසක් සමගින් මෙම කටයුත්තේ නිරත බවයි.

මේ බව සඳහන් කරමින් සමගි ජන බලවේගය මහ ලේකම්වරයා නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

විශේෂ නිවේදනය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ නීතිය ප්‍රකාරව මැතිවරණයකදී මන්ත්‍රී අසුනකට හිමිකම් කිව හැක්කේ 5%ක අවම ප්‍රතිශතයක් ලබා ගන්නා කණ්ඩායමකට හෝ පක්ෂයකට පමණි.

කෙසේ වෙතත් මෙම නීතිය උල්ලංඝනය කරමින් නීති විරෝධී සහ අවිද්‍යාත්මක පදනමක පිහිටා එක්සත් ජාතික පක්ෂයේ නීතී අංශයේ පිරිසක් මැදිහත් වී රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාප ගනන් කිරීමට උත්සාහයක් ගනිමින් සිටින බවට විශ්වාසනීය තොරතුරු ලැබී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය තුල එක්සත් ජාතික පක්ෂය 5% ඉක්මවා නැති තත්ත්වයක් තුල සමස්ත දිස්ත්‍රික ප්‍රතිඵලය මන්ත්‍රී ආසන ප්‍රමාණයෙන් බෙදූ විට ලැබෙන සම්ප්‍රයුක්ත කොටස ඉලක්ක කොටගෙන අනීතික සහ ව්‍යවස්ථා විරෝධී ලෙස වික්‍රමසිංහ මහතාගේ මනාප ගනන් කරන්නට ගනු ලබන උත්සාහය පිළිබඳව සමගි ජනබලවේගයේ බලවත් විරෝධය පල කරමූ.

මේ පිලිකුල් කටයුතු ක්‍රියාවලිය පිළිබඳව කොළඹ දිසාපතිවරයාගෙන් විමසූ අතර ඔහු පවසන්නේ එම මනාප ගණන් කරන බවත් තේරී පත්වන මන්ත්‍රීවරු පිළිබදව තීන්දුවක් තමන් නොගන්නා බවත් ය.එහෙත් අපගේ තර්කයත්,නීතිමය තත්ත්වයත් වන්නේ එලෙස ගණන් නොකළයුතු බවය.

මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළ අතර සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද දන්වා සිටිමු.

රංජිත් මද්දුමබණ්ඩාර
මහ ලේකම්
සමගි ජනබලවේගය

මෙම විරෝධතාවය හේතුවෙන් දෙවන වර මනාප ගණන් කිරීම නවත්වා දමා ඇති බවත් වාර්තා වෙයි.

1,938 views

13 Comments to “පැරදුනු රනිල් හොර පාරෙන් පාර්ලිමේන්තු එන්න කුමන්ත‍්‍රණයක.. කොළඹ මනාප යලි ගනී..”

  1. බුවනෙක ගේ මුස්ලිම් wife says:

    මහා රජ මහින්ද ඉක්මන් පියවර ගන්න. ඔයාගේ බොක්කට පිහිට වෙන්න.

  2. sana says:

    Okata nam jak gahanna epa Rajo Mahinda mandate ekata aphasa karanna epa please. Ohela iwerai ehema unoth honde.

  3. SLPP says:

    Peradhunu aya dan gedarata wela inna.rata karana ayata karanna denna.kelawanna enna epaa.

  4. ඊබ්‍රහිම් ගේ බුරියානි says:

    බැරිම උනොත් මහින්දගේ අමුඩෙ එල්ලිලා හරි ඇතුලට එන්න. හොරෙක් උදව් කරන්නේ තව හොරෙකුට මිසක් හොඳ මිනිහෙක්ට නෙමේ නේ.

    • asela says:

      OWW DENNAMA HORU NE

      • අල කුමාර වික්කමසිංහ says:

        ඔව් නේ. නිදන් හොරාගෙ පවුලෙ එවුන් හොර සල්ලි අච්චුගහල අල්ලපු වෙලාවෙ උන්වත් නිදහස් කළානෙ.

    • අන්ද්රෝව් says:

      ඔබ හරී , එය වීමට පුළුවන්. මුන් පට්ට එක. එකට කොපි බොන, මගුල් ගන්න යාලුවෝ.

  5. දුටුගැමුණු says:

    රාජපක්ෂ රජවරුන්ට තව දශක දෙකක් බලයේ සිටින්නට නම් රනිල් වික්‍රමසිංහයන් ගේ පාර්ලිමේන්තු කූටප්ප්‍රාප්තිය අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය .

    • Dilshan says:

      Wickramasinghe is a better opponent to Rajapakshas. Sajith is just a big talker he cannot perform he is going to become a tool of LGBT crowd

  6. Gota says:

    This is a good lesson for Mahinda too. It is right time for you to retire too. Go home with respect. Dont be another Ranil or a fonseka. Know when tomquit

  7. Gini says:

    He is a definitely a greedy person. Never a gentleman he should have left politics long ago, bad management. Hope he will remain out of parliament and politics.

  8. aruna says:

    අනේ මහින්ද කොහොම හරි රනිල්ව ඇතුලට ගන්න

Main News