පැරදුනු රැසක් අගමැති හමු වී තනතරු ඉල්ලති.. ජනපතිගෙන් ඉල්ලන්යි අගමැති කියයි.. කිසිවෙකු ජනපතිගෙන් ඉල්ලන්න නොයයි..

August 16, 2020 at 2:10 pm | lanka C news
පැරදුනු රැසක් අගමැති හමු වී තනතරු ඉල්ලති.. ජනපතිගෙන් ඉල්ලන්යි අගමැති කියයි.. කිසිවෙකු ජනපතිගෙන් ඉල්ලන්න නොයයි..

මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වූ දේශපාලඥයන් කිහිපදෙනෙකුම තනතුරු ඉල්ලමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසෙමින් සිටින බව වාර්තා වෙයි.

ජනතාවට සේවය කිරීම සඳහා තනතුරක් නැතිව අසීරු බව ඔවුන් අග්‍රාමාත්‍යවරයා හමුවී සිය දුක් ගැනවිලි ඉදිරිපත් කර ඇත.

නමුත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තනතුරු අවශ්‍ය නම් ඒවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඉල්ලා ගන්නා ලෙසයි.

නමුත් අගමැති හමුවී තනතුරු ඉල්ලු කිසිවකු ජනාධිපතිවරයා මුණ ගැසී තනතුරු ඉල්ලීමක් මෙතෙක් සිදු කර නැතැයිද වාර්තා වේ.

84,602 views

11 Comments to “පැරදුනු රැසක් අගමැති හමු වී තනතරු ඉල්ලති.. ජනපතිගෙන් ඉල්ලන්යි අගමැති කියයි.. කිසිවෙකු ජනපතිගෙන් ඉල්ලන්න නොයයි..”

  1. Modaya says:

    Sri Lankan politics is the most lucrative profession in the World. This is why they are behind requesting positions-to serve the people?-no to earn for their generations.

    • ප්ලැකනිල් බයියා says:

      නොදන්නා ඉංග්‍රීසියට ගිහින් වරිගෙ නහගන්න එපා ගොන් මෝඩයො.

      • ජේලර් says:

        ප්ලැකනිල් බයියාට…
        ලෝකයේ විශ්‍රාම නොයන එකම රැකියාව තියෙන්නේ අපේ රටේ දියවන්නා ඔය දේශපාලනය බව ඔබ දනීද..?

  2. Love nature says:

    තණ්හා දුතියෝ පුරිසෝ – දීඝමද්ධාන සංසාරං
    ඉත්ථභාවඤ්ඤථාභාවං – සංසාරං නාතිවත්තති

    “යමෙක් තණ්හාව තම සහායිකාව කොට ගෙන වෙසේ ද ඔහු දිගු කාලයක් සංසාරයේ ගමන් කරන්නේ සංසාරයෙන් එතෙර වීමක් නොදකියි.”

    මේ අනුව අපට හොඳින් පැහැදිලි වන්නේ දුක ඇති වීමේ පළමු සාධකය තණ්හාව

  3. SL says:

    හම්මේ මොනවා කියනව ද.පෙනෙන්නෙ නැතිද කරපු සෙවෙට රට සුකිත මුදිත වෙලා තියෙන ව.සමානුපාතික සුදු අලිය නොවෙන්න තව ගොඩක් අය ගෙදර

    • ළිහිණි says:

      ජන්දෙන් පැරදුනු ජනතාව ප්‍රතික්ෂේප කරපු කිසිම දේශපාලකයකු නැවත පාර්ලිමෙන්තුවට නොගත යුතුයි
      පරණ ක්‍රමය නැවත කරන්න එපා ..පොහොට්ටුව කෙරෙහි ,ගරු ජනපති ගෝඨාභය මහතා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය කඩ නොකරන්න

  4. Kgs basnayake says:

    If anybody stops corruption in politics no such politicians should be given any post.
    Most of the people in Sri Lanka politics is a business or another job.

  5. On The Spot says:

    පරදිනව කියන්නෙ ප්‍රතික්‍ෂ්ප වෙනව එහෙම නැත්නම් ප්‍රතික්‍ෂේප කරනව කියන එකයි. කථා දෙකක් නැහැ, මැතිවරණයෙන් පැරදුන අය ගෙදර ඉන්න​.වැඩ කරන අයට වැඩ කරන්න දෙන්න​.

  6. MD says:

    අගමැතිතුමනි ඔන්න ඔය කට්ටිය තමයි රටට පක්ෂයට විනාශය ගෙන ඵන්නෙ.ඔබතුමා ඔය බූරුවන් කෙරෙහි නම් හිත උණු කරගන්න යන්න ඵපා. වහාම ඈත් කරන්න.ගෝඨාභය ජනපති ගමන් මාර්ගය හරස් කරන්න කොහෙත්ම ඉඩ දෙන්න එපා.

  7. Arambekade says:

    Athenta Giyaama Kiyay Ayyagen Ahanna One Kiyala ..Heh

  8. ranjan says:

    මුන් කොච්චර වෙහෙසනවාද රට දියුණු කරන්න .මීට පෙර දගලපු උන් නැවතත් දගලනවා පවු මේ දේශපාලුවන්