පැරදුනු සජිත්ගේ පව් සේදීමට ආ එජාප මන්ත්‍රිවරුන් ගම්මන්පිල හාන්සි කරයි…

November 26, 2019 at 9:20 am | lanka C news
පැරදුනු සජිත්ගේ පව් සේදීමට ආ එජාප මන්ත්‍රිවරුන් ගම්මන්පිල හාන්සි කරයි…

21වැනි දා පැවති හිරු බලය වැඩසටහන බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවූයේ ජනපතිවරණයෙන් පසුව පැවැත්වූ පළමු හිරු බලය වැඩසටහන නිසාවෙනි.

ආණ්ඩු පාර්ශවය නියෝජනය කරමින් නීතිඥ උදය ගම්මන්පිල, කංචන විජේසේකර මන්ත්‍රිවරුන් මෙම වැඩසටහන හා එක්වූ අතර විපක්ෂය නියෝජනය කරමින් නිරෝෂන් පෙරේරා, නලින් බණ්ඩාර යන මන්ත්‍රිවරුන් වැඩසටහන හා එක්වූහ.

එහිදී සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට හේතු වූයේ එජාප ආණ්ඩුවේ වැරදි සහ එම පක්ෂයේ වැරදි බව හුවා දැක්වීමට විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනාම උත්සාහ දැරුවද උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ සජිත් ප්‍රේමදාස මහතාද එම සියලු වැරදිවලට දායකවී ඇති බවයි.

එමෙන්ම මෙතෙක් කලක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කටයුතු සාධාරණී කරණය කල මන්ත්‍රිවරුන්ම අද එජාප ආණ්ඩුවේ පව් වලට සජිත් ප්‍රේමදාස මහතාට කර ගැසිමට සිදුවු බව ප්‍රකාශ කිරීම ඔවුන් කලින් කල ප්‍රකාශයන් නිශේධනය කිරීමක් බව මන්ත්‍රිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග වැනි වත්මන් රජයේ වැදගත් තීන්දු තීරණ ගණනාවක් සම්බන්ධයෙන් උදය සහ කංචන මන්ත්‍රිවරුන් මෙහිදි අදහස් දැක්වූහ.

සම්පූර්ණ වැඩසටහන මෙතනින්

88,552 Viewers

10 Comments to “පැරදුනු සජිත්ගේ පව් සේදීමට ආ එජාප මන්ත්‍රිවරුන් ගම්මන්පිල හාන්සි කරයි…”

  1. සමන්කුමාර says:

    ඉතාම හොද වැඩසටහනක්. එජාපයේ සජිත් පිල සජිත් ගොඩදාමට ඇවිත් නෑව නියමෙට

  2. kamal says:

    මම මුහුණු පොතෙන් අයින් වෙන්න හිතුවෙ චෙස් ක්‍රිඩාව කරන්න. නමුත් මම දක්ෂ චෙස් ක්‍රිඩකයෙක් සමග කථා කරා දොස්තර කෙනෙක් නමුත් අමු මිත්‍යාදෘෂ්ටිකයෙක්. ප්‍රගමනය කියන මිත්‍යාව විශ්වාස කරන්නෙක්. අවසානයේ මම සිතා ගත්තා අධ්‍යාපනයෙන් හෝ ක්‍රිඩාවෙන් හෝ කලාවෙන් දක්ෂයන් බිහිනොවන වගයි. දක්ෂයන් බිහිවන්නවනම් ධර්මය හදාරා දාන සිල භාවනා දියුණු කල යුතුයි. ශ්‍රද්ධාව තමයි තියෙන්න ඔනේ. ශ්‍රද්ධාව නැති මිනිසුන් මට මුහුණ නොගැසේවා.

    • Seya says:

      සම්මා දිට්ටිය අයත් වෙන්නේ ප්‍රඥාවට. නිවන් මග යන්න නම් සම්මා දිට්ටියට පළමුව පත්වෙන්න ඕන. ඒ කියන්නේ, ප්‍රඥාව මිස ශ්‍රද්ධාව මුලික කරගෙන යන ය අමු මිත්‍යාවක. ඔය අනදවිල්ල කරන්නෙම මහමෙවන්වේ සිටින අසපුවසීන්. ඔබගේ නම කමල් කනුමලේ. කටුගස්තොට ශාන්ත අන්තොනියෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයෙක්. හරිම කණගාටුයි ඔබ පත් වී සිටින ත්ත්වය පිලිබදව. කරුණාකරලා, සම්මා දිට්ටි සුත්‍රය, සක්කාය දිට්ටි සුත්‍රය, සොතපහ්ත්ටි සුත්‍රය සහ, ප්‍රඥා සුත්‍රය කියව බලන්න. ඔය හතරේම තියෙන්නේ එකම දේ.

      • kamal says:

        ඔබට පින් මම පිලිගන්නවා ශ්‍රද්ධා චරිත විර්ය චරිත හා ප්‍රඥා චරිත තියෙන වග මිට කමල් කනුමලේ නෙවෙයි කමල් හෙවත් අජාසත්ත කුමාරයා නමුත් දියසෙන් කියන්නෙ මට නෙවෙයි හයවන විජයබාහුගෙ පුනර්භවයක් වන ගෝඨාබය

      • අර්හත්භාවය සදහා pragna අත්‍යවශ්‍යයි. නමුත් බුදු කෙනකුන් විසින් පළමුව එය අවබෝධ කරගන්නා තුරු වෙනත් කිසිවෙකුට එය අවබෝධ නොවේ. කිසිදු ධර්මයක් අසන්නට නොලැබෙන අබුද්ධෝත්පාද කල්ප කාලයන් තුළ සත්වයා මෝහයෙන් මුලා වී සිටින්නේ එබැවිනි. කොපමණ නුවන තිබුනත් (ලෞකික) සම්‍යක් දෘෂ්ඨිය පළමුව අවබෝධ කරගන්නේ සම්මා සම්බුදු උතුමකු පමණි. උන්වහන්සේ ගැන හෝ උන් වහන්සේගේ ධර්මය ගැන හෝ උන්වහන්සේගේ ධරමය දේශනා කර මහ රහතුන් වහන්සේලා ගැන හෝ නො පැහැදී (ආකාරවතී ශ්‍රද්ධාවෙන්) , යමකුට ධර්මය අවබෝධ කරගත නොහැක. බුදුන් වහන්සේ දේශනා කළ පංච ඉන්ද්‍රියයන් වල සහ පංච බල වල මුලින්ම දේශනා කර ඇත්තේ ශ්‍රද්ධා පිලිබදවයි. ශ්‍රද්ධා, සති, සමාධි, වීර්‍ය්, pragna ලෙසයි.
        එසේම දුසිල්වතෙකුට pragna ඇති නොවේ. නියම ශ්‍රද්ධාවන්තයා හැකි තරම් දුශ්සීලයෙන් ඈත් වේ. බොර දිය පිරි විලක කිසිවක් පැහැදිලිව නොපෙනේ. පෑදි දිය ඇති විලක ඉතා පැහැදිලිව සියල්ල දැකිය හැකි සේ, සිල්වතාගේ මනස ක්‍රමයෙන් අකුසල් වලින් හිස් වේ. එය භාවනාව තුළින් pragna වැඩීමට උචිතම තත්වයයි.
        සියලු දෙනා අමූලිකා ශ්‍රද්ධාවෙන් නොව, ආකාරවතී ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ වේවා. එතුළින් බුදුන් පව ගුරු කොට ගත් ඒ උතුම් ධර්මය අවබෝධ වේවා!!

  3. එක්නැලිගොඩ says:

    සජිය සුද්ද කරල රනිල්පිට වරද පටවල ආයෙමත් වටයකින් සජිය ගේන්නයි මෙ විවාදයට ආපු නලින් බණ්ඩාරය හැදුවෙ. ඒව කොහෙද උදය දුන්න රිදෙන්නම.

  4. 77 UNP says:

    UNP ආණ්ඩුවේ වැරදිවලට සජිත් වගකිවයුතු නැතැයි කියන්න පුළුවන් එම වැරදි සිදුවන අවස්ථාවලදී සජිත් ඒවා පිළිබඳව තම අකැමැත්ත පලකරලා තිබුනානම්. විශේෂයෙන් හම්බන්තොට වරාය විකුණන වෙලාවේදී .. කාපු රිලවා වගේ හිටියේ ඒ ගනුදෙනුවට සම්බන්ධ නිසා නොවේද? ඊළඟට රටක් බාරගන්න තරම් උගත්කමක්, රට මෙහෙයවන්න දක්‍ෂකමක් නැතිබව මුළු ජනාධිපතිවරණය පුරාම කථාවෙන් හොඳින්ම ඔප්පුකරා තමන්ගේ ඒ නොහැකියාව. හැබැයි සජිත් නූගත්, අදක්ෂ, මෝඩ පුද්ගලයකු බව තමන්ම ඔප්පුකරල තියෙද්දී තම පක්ෂයේ නායකත්වය ඔහුටම දෙන්න උත්සාහ කරන්නේ එක්කෝ ප‍ට්ට හොරු නැතිනම් මෝඩයෝ. රටකම ජනතාව දන්නදේ නොදන්නා නායකයෝ ඉන්න UNP එක කොතරම් අවාසනාවන්තද ? ඉතින් අනෙක් අයට දොස්කියල පලක් නැහැ.

  5. කුසල් says:

    උදය හා කංචන හොද පැහැදිලිකිරීමක් කලා. එජාපයේ නිරෝෂන් මන්ත්‍රිතුමාගෙ එජාපය ගැන කලකිරීම මුහුනෙන් පේනවා.

  6. Anoosh says:

    Thanks to Gammampila and Kanchana in pointing out the unfitness of Yala Sajith.

  7. Tissa says:

    GonMan pilaya , Gedara Kollo Manrana Wimalayath vadiya Cheep horok Ban … Ranaviruvekuge pavulak horakamata yodavala ahuvecha balla, Australiyave investerta kelala Ratema Asuchi gana vaddekne ….