පැරදුනු සජිත් තවත් බයිට් කරයි.. අගමැති අපේක්‍ෂක තෝරන්න කමිටුවක් දමයි..

December 7, 2019 at 4:40 pm | lanka C news
පැරදුනු සජිත් තවත් බයිට් කරයි.. අගමැති අපේක්‍ෂක තෝරන්න කමිටුවක් දමයි..

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අගමැති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන පුද්ගලයා නම් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමටද දැනුම් දී ඇත.

සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී කණ්ඩායම දන්වා ඇත්තේ අගමැති අපේක්ෂකයා කවුදැයි වේලාසන නම් කලයුතු බවයි.

එම තීන්දුව ගැනීමට ඉක්මනින්ම කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවිය යුතු බවද ඔවුන් දන්වා ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ මෙවර මහමැතිවරණයේදී ස්ථිර වශයෙන්ම අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙනු ඇති බවයි.

මහ මැතිවරණයේදී ප්‍රතිවාදි අගමැති අක්‍ෂෙක වන්නේ හිටපු ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිසා එක්සත් ජාතික පක්ෂයේ ඔ්නෑම අපේක්ෂකයෙකුම මුහුණදීමට අසීරුතම අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සලකනු ලබයි.

30,608 Viewers

6 Comments to “පැරදුනු සජිත් තවත් බයිට් කරයි.. අගමැති අපේක්‍ෂක තෝරන්න කමිටුවක් දමයි..”

  1. UNP Green bud says:

    අපේ සජිත් සර් අගමැති අපේක්ෂක තරගෙන් දිනන එක ෂුවර් .

    ජනදිපති අපේක්ෂක තරගෙනුත් විශිෂ්ට ලෙස දිනුවේ එතුමා .

    ඒ නිසා එතුමා තරම් එයට සුදුස්සෙක් ලොවෙත් නෑ.

  2. Angoda Buva says:

    මේ පාර ඉතිං කවුරු දැම්මත් UNP එකට sorry ම තමයි. දිනුම ගැන හීනෙන් වත් හිතන්න බැරි මේ ගොල්ලන්ට සටන් කරන්න වෙන්නෙ 2/3 බේරගන්න විතරයි.

    අනේ ඒ හින්ද සජිත්වම දාන්න කියන්න. හැබැයි තවත් ගොන් ආතල් දෙන්න යන්නනම් එපා කියලත් කියන්න.

    ඔය බොරු බෞද්ධ වෙස් මුහුණු දාගෙන ආව කියල බෞද්ධ ජන්ද නම් ලැබෙන්නෙ නැහැ.

  3. Sadda says:

    Kawru awath 27%yi

  4. සුකුමලී says:

    ඔයාල ඔක්කොම එකතුවෙලා අගමැති අපේක්ෂකය විදියට මහා බ්‍රහ්මයාව ගෙනැල්ල දැම්මත් දිනන්නෙ මහින්ද මහත්තයා. ඒකෙ දෙකක් නෑ. කමිටු එකක් නෙමෙයි හැට හුටහමාරක් දැම්මත් එච්චරයි. නිකම් බොරුවට පැට්‍රෝල් පුච්ච ගන්නෙ නැතුව ඉන්න අනේ.

  5. ඒ වුනාට සුකුමලියො, මෙහෙමනෙ, දැන් ඔය මැතිවරණ කාලෙට සජියගෙ නඩේටත් ඉතින් කීයක් හරි හොයාගන්න පුළුවන් වෙන වැඩපිළිවෙළක් හදල දෙන්න එපායැ. නැතිනම් උන්ගෙ පවුල්වල ඔවුන්ගේ ඉරණම මොකක්ද.

Main News