ශ‍්‍රී ලංකාව රනින් සරසයි.. පැරලිම්පික් තරගාවලියේ ලාංකිකයෙක් ලෝක වාර්තාවක්.. [Video]

August 30, 2021 at 9:20 am | lanka C news
ශ‍්‍රී ලංකාව රනින් සරසයි.. පැරලිම්පික් තරගාවලියේ ලාංකිකයෙක් ලෝක වාර්තාවක්.. [Video]

ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසිකිරිම ඉසව්වෙන් මෙම නව මෙම ලෝක වාර්තාව පිහිටුවා එම ඉසවුවේ රන් පදක්කම ඔහු සතු කරගෙන ඇත.

AF46 ඉසවුවෙන් ඔහු හෙල්ල විසි කර ඇති වාර්තාගත දුර ප‍්‍රමාණය මීටර 67.79කි.

පැරාලිම්පික් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලද පලමු රන් පදක්කම මෙයයි.

ශ‍්‍රී ලංකා යුද හමුදා සෙබලෙක් වන දිනේෂ් තරග වැදුනේ එක් අතක් වැලමිටෙන් පහල අහිමි හෝ අප්‍රාණික ක්‍රීඩකයින් සහභාගි වන තරග ඉසවුව සදහායි.

143,122 views

49 Comments to “ශ‍්‍රී ලංකාව රනින් සරසයි.. පැරලිම්පික් තරගාවලියේ ලාංකිකයෙක් ලෝක වාර්තාවක්.. [Video]”

  1. Shyaad Perera says:

    Congratulations…..

Main News