පැරසිටමෝල් ගේන්නවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සල්ලි නෑ.. රාජිත සියල්ල ගසා කාලා…

December 12, 2019 at 8:02 am | lanka C news
පැරසිටමෝල් ගේන්නවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සල්ලි නෑ.. රාජිත සියල්ල ගසා කාලා…

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් සිදුකරන ලද දූෂණ ක්‍රියාවන් හේතුවෙන් අද වන විට සෞක්‍ය අමාත්‍යංශයේ පැරසිටමෝල් ගෙන්වීමට හෝ මුදල් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සමග එක්ව දූෂණ කටයුතුවල නිරත වූ පිරිස් තවදුරටත් එම තනතුරුවල සිටින බවයි.

ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන වංචා හේතුවෙන් නව සෞඛ්‍ය ඇමැතිවරියටද සියල්ල පසෙකලා ඖෂධ ගැනීමට සඳහා මුදල් සෙවීමට සිදුව ඇති බවද ඔහු කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුවී ඇති වංචා දූෂණ සෙවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා පත්කළ විශේෂ කොමිසම් සභා වාර්තාව වත්මන් ජනාධිපතිවරයා ලැබී ඇති බවත් එහි පරිවර්තන කටයුතු අවසන් වූ වහාම දණ්ඩ නීති සංග්‍රහය යටතේ හා අල්ලස් පනත යටතේ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වත්මන් ජනාධිපතිවරයා එකඟ වූ බවද ඔහු කියා සිටියේය.

සෞඛ්‍යය පිළිබඳ ජාතික වැඩපිළිවෙළ ජනාධිපති කාර්ය සාධක බලකායක් මගින් ක්‍රියාවට නැංවීම නව ජනාධිපතිවරයා එකඟත්වය පළ කිරීමෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් ඇති කිරීමට හැකිවනු ඇතැයිද ඔහු පැවසීය.

ලේකම්වරයා මේ බව කියා සිටියේ කොළඹ දී මාධ්‍ය අමතමිනි.

0 views

6 Comments to “පැරසිටමෝල් ගේන්නවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සල්ලි නෑ.. රාජිත සියල්ල ගසා කාලා…”

  1. Kakiyana Lea says:

    Meekath Wahapalanee wagee wennada enne.Oowa ratata kiyala wedak nehe. Horu innawanam niithiya kriyathmaka karala unwa hiree daala,beheth ganna salli hoyaaganna oone.Nathuwa ada adaa media press tiyanna epaa.

    • හොරා says:

      මේ රාජිත කියන අපතයා කරලා තියෙන වැරදි අපි කලොත් අපටත් ඒකාට වගේ නිදහසේ ඉන්න පුලුවන්ද ? ජනාධිපති තුමනි ඔබතුමාගෙන් අහන්නේ.

      • මලිති says:

        ඕවට එරෙහිව පියවර ගන්න තමයි අපි මේ පාර චන්දෙ දුන්නෙ. අපි අපේ යුතුකම ඉටු කලා.දැන් ඔබලාගේ යුතුකම් ඉටු කරන්න. ඊට බධා තියෙනව නම් ජනතාව දැනුවත් කරන්න.

        • Critic says:

          Absolutely right! Why this Government fails to arrest him? If they’ve some objections,let the people know about it before loosing the support of the patriotic people in the country.

  2. ශ්‍රිනි පද්මකුමාර says:

    ඇයි දෙයියනේ ඉන්දියාවට ගිහින් ඉල්ලං ආපු කොටි 450?

  3. Hari says:

    පැරසිටමෝල් නැත්නම් ගන්න පුළුවන් තැන තම ලීමෝලෙන්

Main News