පැල්මඩුල්ල 37ක් නිරෝධායනයට දියතලාවට ගෙන යයි.. සුපිිරි වෙලදසැලක් වහයි..

July 16, 2020 at 11:20 am | lanka C news
පැල්මඩුල්ල 37ක් නිරෝධායනයට දියතලාවට ගෙන යයි.. සුපිිරි වෙලදසැලක් වහයි..

පැල්මඩුල්ල සහ ඒ අවට ප්‍රදේශවල පුද්ගලයන් 37 දෙනෙකු දියතලාව හමුදා කඳවුරට නිරෝධායනය සඳහා ගෙනගොස් ඇත.

පැල්මඩුල්ලේ පදිංචිකරුවෙක් වන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු පැමිණීම හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයන් මෙසේ නිරෝධ යන සඳහා යොමු කර ඇත.

පැල්මඩුල්ලේ පිහිටි මෙම නිලධාරියාගේ නිවසේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙසේ ගෙන ගොස් ඇති අතර වුන් සියලු දෙනාම කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කර තිබේ.

ආසාදිතයා විසින් බඩු භාණ්ඩ මිලදී ගත් ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලක්ද තාවකාලිකව වසා දමා ඇත.

212 views
Main News