පැවති පාර්ලිමේන්තුව කැදවා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා කෙරේ..

May 12, 2020 at 10:00 am | lanka C news
පැවති පාර්ලිමේන්තුව කැදවා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා කෙරේ..

කොරෝනා වෛරස ව්‍යාපෘතිය හේතුවෙන් ඇතිවී තිබෙන තත්වය සලකා බලන විට මේ මොහොතේ මැතිවරණයකට යෑම අනතුරුදායක බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

එනිසා මේ මොහොතේ වඩාත් යෝග්‍ය ක්‍රමය නම් මුදල් රෙගුලාසි සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ එකගතාවයක් ඇති කර ගැනීම යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

සියලු දේශපාලන පක්ෂවල සහයෝගයෙන් ජාතික ආණ්ඩුවක් වැනි ඒකාග්‍රතාවට පැමිණීම මේ මොහොතේ වඩාත් සුදුසුම දේ බවද උන්වහන්සේ කියා සිටියහ.

මැතිවරණයක් පැවැත්වුවහොත් මෙතෙක් ගන්නා ලද සියලූ උත්සාහයන් ව්‍යවර්ථ වීම වීමේ අනතුරුදායක තත්ත්වයක් ඇතැයි ද උන්වහන්සේ සඳහන් කරති.

මාධ්‍ය හමුවක් අමතමින් සෝභිත හිමියෝ මෙම අදහස් පල කලහ.

100 views

54 Comments to “පැවති පාර්ලිමේන්තුව කැදවා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා කෙරේ..”

  1. ඇත්ත යථාර්ය says:

    අනුන්ගේ මුදල්වලට යට නොවී ඔබ වහන්සේ තත්වය රැක ගෙන පැත්තකට වී සිටියොත් හොදයිනේද? තිබෙන තත්වය ආරක්ෂා කර ගන්න එයයි කළ යුත්තේ.

  2. අල්ලපු ගෙදර තිනන් says:

    5/6ක් අරන් දිනන්න පුළුවන් කම තියෙද්දී ජාතික ආණ්ඩු හදන්නෙ මොකටද?. මේවා ටොයියන්ගේ සමනල සිහින.

  3. sana says:

    oba wahanseta thiyenne kapath nathi deshapalanaya nawathwala daanna.

  4. sena says:

    J R ජයවර්ධන මැතිතුමා කෙරුවා වගෙ ලාම්පු කල්ලගෙඩි ලකුණු වලින් ජනතාවගෙ අදහස බලන්න පුලුවන් මහජනයාගෙ අදහස නම් 225 එකෙක්වත් නැතුව ගරු ජනාධිපතිතුමා මේකරගෙනයන විදියටම කරගෙන යන්න ඉඩදෙමු